SLT-MOBITEL මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ඔන්ලයින් ළමා සැණකෙළියක් පවත්වයි

97

දරුවන් යනු ජවයෙන් සපිරි, නිතර කෙළිදෙළෙන් කාලය ගතකිරීමට කැමති පිරිසකි. එහෙත් පවතින COVID-19  තත්ත්වය නිසා දරුවන්ට බොහෝ දුරට නිවෙස් වලටම වී කාලය ගතකිරීමට සිදුවී තිබේ. මෙවැනි තත්ත්වයක් හමුවේ ඔවුන්ගේ සිත් වලට සතුට ගෙනදීමේ අරමුණින් SLT-MOBITEL මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් සුවිශේෂී ඔන්ලයින් ළමා සැණකෙළියක් පැවැත්වීමට කටයුතු කළේය.

මේ සඳහා සචිනි නිපුන්සලා, ක්ලිෆර්ඞ් රිචර්ඞ් සහ ඩිලාන් සේනානායක ඇතුළු තරු රැ සක්ද එක්වූහ.

Zoom” YouTube” සහ Facebook ඔස්සේ දරුදැරියන් 30,000 කට අධික පිරිසක් මෙම සැණකෙළියට එක් වූ අතර, ඔවුන්ට එහි විශේෂාංග වලට සජීවී ලෙස දායක වීමටද අවස්ථාව ලැබිණි. ගීත හා නර්තන තරග මෙන්ම අධ්‍යාපනික වටිනාකමකින් යුත් වැඩසටහන්ද මෙම වැඩසටහනට ඇතුළත් විය. මෙම වැඩසටහන්වල ජයග‍්‍රාහකයන්ට වටිනා ත්‍යාග පිරිනැමීමටද SLT-MOBITEL කටයුතු කළේය.

advertistmentadvertistment