ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රියකරන ප්‍රවාහන සහ ආහාර බෙදාහැරීමේයෙදුම වන Uber, යෙදුමේ ලියාපදිංචි වී වෙළෙඳ, බෙදාහැරීමේ හා රියදුරු හවුල්කරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සුවිශේෂී ප්රතිලාභ සහිත ජංගම දුරකථන පැකේජයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.
මෙම ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට සමාගම් දෙකේ ප්‍රධාන පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර, එහිදී මෙම විශේෂ ‘‘Uber Package’ නිල වශයෙන් හඳුන්වා දෙන ලදී.
මෙම පැකේජය දුරකථන සහ අන්තර්ජාල සම්බන්ධතාවයේ වැදගත්කම සැලකිල්ලට ගෙන, යෙදුම් මත පදනම් වූ ආර්ථිකය තුළ, ඉහළ දත්ත භාවිතය සමඟ, ඇමතුම් සහ SMS අවශ්‍යතා අසමසම මිලකට සපුරාලයි. මෙම පැකේජයේ රු 597ක අසමසම මිලකට Uber” Google Maps සහ WhatsApp සඳහා දත්ත 15GBක ප්‍රමාණයක්ද ,බ්‍රවුසින් සඳහා අමතර දත්ත 5GBක ප්‍රමාණයක්ද ඇතුළත් වේ. ඊට අමතරව, ඕනෑම ජාලයකට විනාඩි 750ක ඇමතුම් සහ SMS 750ක්ද හිමි වේ.