SLT-MOBITEL ගංවතුරින් පීඩාවට පත් ජනතාවට සහන සලසයි

106

ශ‍්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT – MOBITEL අසීරු අවස්ථාවන්හිදී අඛණ්ඩව ජාතිය වෙනුවෙන් කැපවීමේ අරමුණ සහිතව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අදාළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහයෝගය මතල ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කයන්හි ජීවත් වන ජනතාවට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සහ වතුර බෝතල් බෙදාදීමට ඉදිරිපත් වී සිටිය.
 
 ඒ අනුවල කොළඹ දිස්ත‍්‍රික්කයේ කොලොන්නාව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සුදුනෙලූම්පුර නිවාස සංකීර්ණය තුළ ජීවත් වන ජනතාවට මෙන්ම ගම්පහ දිස්ත‍්‍රික්ක ලේකම් කාර්යාලයට අයත් තවත් ප‍්‍රදේශ කිහිපයක ජනතාවට මෙලෙස වියළි ආහාර ද්‍රව්‍ය සහ වතුර බෝතල් අඩංගු මලූ බෙදා දීමට SLT – MOBITEL කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment