SLT-MOBITEL ජාතික රුක්රෝපණ දෙවැනි අදියර උමංදාවේදී

81

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL” ‘රට පුරා හුස්මයි පොහොරයි වගා කරමු’ නමින් ආරම්භ කළ ජාතික රුක්රෝපණ වැඩසටහනේ දෙවැනි අදියර මැල්සිරිපුර, මඩහපොල උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේදී පසුගියදා දියත් කෙරුණි. තිරසාර අනාගතයක් උදෙසා වාතයේ තත්ත්වය වැඩිදියුණු කිරීම සහ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණු වේ.

SLT-MOBITEL නියෝජනය කරමින් SLT හි සාමාන්‍යාධිකාරී (උතුරු මැද සහ වයඹ පළාත) සමන්ත ජයසිංහ, සාමාන්‍යාධිකාරී (අලෙවිකරණ සේවා) අනුරුද්ධ සූරියාරච්චි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – වයඹ (නැගෙනහිර පළාත) බන්දුල විතාරම, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි ක‍්‍රියාකාරකම්) ඈන් ප‍්‍රනාන්දු, මොබිටෙල්හි කලාප කළමනාකරු රන්මල් ෆොන්සේකා, දිස්ත‍්‍රික් කළමනාකරු නිරෝෂා කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය එම අවස්ථාවට එක්ව සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment