SLT-MOBITEL ජාතික හැඳුනුම්පත් ඩිජිටල් ක‍්‍රමයට සත්‍යාපනය කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග එක්වෙයි

210

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ජාතික හැඳුනුම්පත්වල සඳහන් තොරතුරු ඩිජිටල් ක‍්‍රමයට තහවුරු කරගැනීමේ පහසුකම ලබාගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

මේ ඔස්සේ, SLT-MOBITEL සේවාවන් භාවිතා කරන පාරිභෝගිකයන්ගේ අනන්‍යතා තොරතුරු විශේෂ ඩිජිටල් පදනමක් හරහා සත්‍යාපනය කිරීමට අවස්ථාව ලැබේ. ශ‍්‍රී ලංකාවට නවීනතම ඩිජිටල් තාක්ෂණික විසඳුම් හඳුන්වා දීමට SLT-MOBITEL දරන උත්සාහයේ නවතම පියවර වන මෙය, මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත‍්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙසද හැඳින්විය හැක.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා සහ, මොබිටෙල් (පුද්.) සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදි. දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment