SLT-MOBITEL තම 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කරයි

85

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය පූර්ව-වාණිජ 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ.

මෙය ජංගම සහ ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතා වලදී 5G තාක්ෂණයේ සුවිශේෂී බලය අත්විඳීමට පාරිභෝගිකයන්ට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත.

කොළඹ, මහනුවර, අනුරාධපුර,ගාල්ල සහ යාපනය යන ප්‍රදේශ වල වෙසෙන, 5G තාක්ෂණය අන්තර්ගත සහ SLT-MOBITEL 5G පර්යේෂණ ජාලයට අනුකුල ජංගම දුරකථන හෝ අන්තර්ජාල උපාංග (Internet Devices) හිමි පාරිභෝගිකයන්ට මෙය අත්විඳීමට අවස්ථාව ලැබේ. මීට අමතරව මෑතකදී කොළඹ ප්‍රදේශයේ නව 5G යටිතල පහසුකම් ස්ථාපිත කිරීමටද SLT-MOBITEL කටයුතු කළේ ය.

https://5g.sltmobitel.lk වෙත පිවිසීම මගින් පාරිභෝගිකයන්ට තම උපාංග (Device) වල 5G තාක්ෂණ පහසුකම් තිබේද යන්න පරීක්ෂා කළ හැකි වේ. 5G තාක්ෂණය භාවිතා කළ නොහැකි උපාංග (Device) හිමි පාරිභෝගිකයන්ට, තෝරාගත් SLT-MOBITEL මධ්‍යස්ථාන වෙත පැමිණීමෙන් 5G තාක්ෂණයේ මහිමය අත්විඳීමට අවස්ථාව ලැබෙනු ඇත.

අධිවේගී දත්ත සම්ප්‍රේෂණය, ඛ්එැබජහ අවම වීම, වැඩි සම්බන්ධතා ධාරිතා හැකියාව සහ අන්තර්ජාල අත්දැකීම් ඉහළ නැංවීමේ හැකියාව යනාදී ගුණාංග සහිත 5G තාක්ෂණය, රැහැන් රහිත සන්නිවේදනයේ නවතම තාක්ෂණික පෙරලිය ලෙස සැලකේ. පාරිභෝගිකයන්ට මෙන්ම ව්‍යාපාර වලටද වැදගත් වන HD video streaming” augmented reality” virtual reality” factory automation” remote operations” mission critical communications” massive IOT වැනි තාක්ෂණයන් හා හැකියාවන් රාශියක් 5G මගින් බලගැන්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment