SLT-MOBITEL, නවීනතම තාක්ෂණයෙන් යුත් නව Mobitel ප‍්‍රධාන කාර්යාලයේ ඉදිකිරීම් අරඹයි

305

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, වැලිකඩ ප‍්‍රදේශයේ ඉදිවන නවතම Mobitel ප‍්‍රධාන කාර්යාලයට ඔක්තෝබර් 21 දා මුල්ගල තැබීය.

නවීනතම තාක්ෂණයෙන් සමන්විතව ඉදිවන මෙම ගොඩනැගිල්ල SLT-MOBITEL හි ප‍්‍රථමිහරිත ගොඩනැගිල්ල’ බවට පත්වනු ඇත.

මෙම ගොඩනැගිල්ල නිම කිරීමෙන් පසු නගරයේ විසිරී ඇති සියලූ‍ මොබිටෙල් මෙහෙයුම් කාර්යාල එකම වහලක් යටතට ගෙන එනු ලබන අතර එමඟින් සැලකිය යුතු මුල්‍යමය ප‍්‍රතිලාභ හිමි වනු ඇත. තවද, ගොඩනැගිල්ලේ එක් මහලක් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සදහා මෙන්ම තාක්‍ෂණික නවෝත්පාදන උදෙසා වෙන් කරනු ලබයි.

මෙම මුල්ගල තැබීමේ අවස්ථාවට SLTසමූහයේ සභාපති රොහාන් ප‍්‍රනාන්දු, එහි සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප‍්‍රධාන විධායක නිලධාරීකිත්ති පෙරේරා, Mobitel ප‍්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ, SLT ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ප‍්‍රියන්ත ෆර්නෑන්ඩස්ල SLT ප‍්‍රධාන පරිපාලන නිලධාරී සමන් අබේසේකර සහ Mobitel ප‍්‍රධාන අලෙවි නිලධාරී ශෂික සෙනරත් යන මහත්වරුන් ඇතුළුව SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වූහ.

අක්කර 7 ක භූමි ප‍්‍රදේශයක ඉදිවන මෙම නව Mobitel කාර්යාලය, නවීනතම ගෘහ නිර්මාණ ශිල්පීය ප‍්‍රවණතා අනුව සැලසුම් කළ, වර්ග අඩි 175,000 ක අලංකාර ගොඩනැගිල්ලකි. SLT-MOBITEL හි ‘Smart Office’ සංකල්පය අනුව, බලශක්ති භාවිතය අතින් බෙහෙවින් කාර්යක්ෂම සහ තිරසාර බව හා ඵලදායීත්වයට මුල්තැන හිමිවන ගොඩනැගිල්ලක් ලෙස මෙය ඉදිකෙරේ. එමෙන්ම නවීන ලෝකයට ගැළපෙන පරිදි, කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යයට හා යහපැවැත්මට මුල්තැන දෙමින්, COVID-19 හේතුවෙන් අනුගත වීමට සිදුවූ නව ජීවන හා කාර්යාලයීය රටාවන්ට අනුකූලව රාජකාරි කළ හැකි පරිදි මෙය සැලසුම් කර ඇත. මෙම නව ගොඩනැගිල්ල NB IOT, AI සහ Big Data 5G වැනි නවීන තක්ෂණය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයට ඉමහත් පිටිවහලක් වනු නොඅනුමානය.

advertistmentadvertistment
advertistmentadvertistment