SLT-MOBITEL පාරිභෝගික සම්බන්ධතා මධ්‍යස්ථානය ආසියාවේ පළමු වරට ISO 18295-1:2017 ප‍්‍රමිති සහතිකය හිමිකර ගනී

441

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානය, ආසියාවේ ප‍්‍රථම වරට ISO 18295-1ථ2017 ප‍්‍රමිති සහතිකය හිමිකරගත් පාරිභෝගික සම්බන්ධතා මධ්‍යස්ථානය බවට පත්වීමට පසුගියදා සමත් විය.

මීට අමතරව පාරිභෝගික, ව්‍යවස්ථාපිත සහ නියාමන ප‍්‍රමිතීන් පවත්වා ගැනීම වෙනුවෙන් SLT-MOBITEL වෙත ISO 9001:2015 සහතිකකරණයද හිමි වී ඇත.

පාරිභෝගික සම්බන්ධතා මධ්‍යස්ථාන සහ පාරිභෝගිකයන් අතර ඇතිවන සියලූ‍ම ආකාරයේ ගනුදෙනු සම්බන්ධයෙන් එම මධ්‍යස්ථාන විසින් පවත්වාගනු ලැබිය යුතු ප‍්‍රමිතීන් මොනවාද යන්න ISO 18295 ප‍්‍රමිති සහතිකය යටතේ දක්වා තිබේ. මෙය ලොව පුරා සමාගම් හා ආයතන වෙතින් පාරිභෝගිකයන් වෙත ලැබෙන සේවාවේ ගුණාත්මක භාවය උසස් කිරීමට බෙහෙවින් දායක වී ඇත. ”ආසියානු කලාපය තුළ ISO 18295 ප‍්‍රමිති සහතිකකරණය හිමිකරගත් ප‍්‍රථම ජංගම දුරකථන ජාලය බවට පත්වීමට හැකිවීම අපට විශාල ගෞරවයක්. අපගේ සේවාවන් සහ ක‍්‍රියාවලි ඉහළම ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට ගැළපෙන පරිදි වැඩිදියුණු කරගැනීම සඳහා අප සතු හැකියාව සහ, ඒ වෙනුවෙන් අප දරන නිරන්තර උත්සාහය මෙවැනි ඇගයීම් මගින් මැනැවින් තහවුරු වනවා. දේශීයත්වය ආරක්ෂා කරගනිමින්, නවතම ක‍්‍රමවේදයන් ඔස්සේ පාරිභෝගිකයන්ට දිනෙන් දින දියුණු වන ජාත්‍යන්තර තලයේ සේවාවක් ලබාදීම අපගේ අරමුණයි.” Mobitel (පුද්.) සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (පාරිභෝගික සේවා) ජීන් ෆනෑන්ඩස් මහත්මිය පැවසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment