SLT-MOBITEL මගින් බලගැන්වුණු Hack:AI 2021 සාර්ථක ලෙස නිමාව දකී

57

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL මගින් බලගැන්වුණු Hack:AI 2021 ්‍ය්ජන්එයදබ වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. තිරසාර ජීවන රටාවක් සඳහා මහෝපකාරී වන සුවිශේෂී හා පුරෝගාමී නවෝත්පාදන රාශියක් එහිදී එළිදැක්විණි.

කොළඹ ගේට්වේ පාසලේ ‘Calori’ කණ්ඩායම තරගයේ පාසල් කාණ්ඩයේ ජයග්‍රහණය හිමිකරගත් අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ ‘Prostasia’ කණ්ඩායමට විශ්ව විද්‍යාල කාණ්ඩයේ ජයග්‍රහණය හිමි විය.

“Hack:AI 2021 Hackathon තරගකරුවන්ට ලැබුණු ප්‍රධාන අභියෝගය වූයේ සැබෑ ලෝකයේ ගැටලු‍ ආමන්ත්‍රණය කරන තිරසාර නවෝත්පාදන හඳුන්වා දීමයි. මෙම තරගය ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමටත්, සුවපත් ලෝකයක් නිර්මාණය කිරීමටත් ඉතා හොඳ දායකත්වයක් ලබාදුන් බව අප විශ්වාස කරනවා. Machine Learning සහ Artificial Intelligence වැනි තාක්ෂණයන් ඔස්සේ නවෝත්පාදන ඉදිරිපත් කිරීමට මෙම තරගකරුවන් හා කණ්ඩායම් සමත් වූ ආකාරය අපට මහත් සතුටක්. මේ සියලු‍ම කණ්ඩායම්වලට විශේෂ ඇගයීම් හිමි විය යුතුයි. ඔවුන්ගේ දායකත්වය හා කැපවීම වෙනුවෙන් අප ඔවුන්ට ස්තූතිවන්ත වනවා.” SLT ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment