SLT-MOBITEL රොටුන්ඩා ටවර්ස් හි Drive-through පහසුකම් සහිත නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් විවෘත කරයි

93

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය නවතම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය පසුගියදා රොටුන්ඩා ටවර්ස් හිදී විවෘත කළේය.

මෙම මධ්‍යස්ථානයේදී Drive-through ක‍්‍රමයට සේවාවන් ලබාගත හැකි වීම විශේෂත්වයකි.

අංක 109, රොටුන්ඩා ටවර්ස්, ගාලූ‍ පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටා ඇති මෙම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට SLT සමූහ සභාපති රොහාන් ප‍්‍රනාන්දුල SLT සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප‍්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ, MOBITEL (පුද්.) සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ, SLT ප‍්‍රධාන අලෙවි නිලධාරී ප‍්‍රභාත් දහනායක සහ MOBITEL (පුද්.) සමාගමේ ප‍්‍රධාන අලෙවි නිලධාරී ශෂික සෙනරත් යන මහත්වරුන් ඇතුළුව SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නියෝජිතයෝ පිරිසක් එක්වූහ.

SLT-MOBITEL සේවාවන් තවදුරටත් රට පුරා ව්‍යාප්ත කරමින්, පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් ස්ථාවර දුරකථන, ජංගම දුරකථන, අන්තර්ජාල හා PEO TV සේවාවන් ලබාගැනීමට අවස්ථාව ලබාදීම සඳහා ක‍්‍රියාවට නැංවෙන පුළුල් වැඩපිළිවෙළක එක් අදියරක් වශයෙන් මෙම නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කර තිබේ. අතිනවීන පහසුකම් හා විශේෂාංග රාශියකින් සමන්විත නව මධ්‍යස්ථානය, SLT-MOBITEL පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම ලෙස තම සේවා අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට අවස්ථාව ලබාදෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment