SLT-MOBITEL වෙතින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහලට පරිත්‍යාගයක්

89

ශ‍්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහලට PCR යන්ත‍්‍රයක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේය.

 මෙම PCR යන්ත‍්‍රයේ වටිනාකම රු. මිලියන 5.2 කි. රටේ සෞඛ්‍ය සේවාවට සහ මහජනතාවට අත්වැලක් වීම අරමුණු කරගත් ‘සබැඳියාවේ සත්කාරය’ ප‍්‍රජා සත්කාර වැඩසටහන යටතේ මෙම පරිත්‍යාගයන් සිදුකර තිබේ.
 SLT සාමාන්‍යාධිකාරී (බස්නාහිර පළාත) චේතන අත්තනායක මහතා සහ SLT සාමාන්‍යාධිකාරී/අලෙවි සේවා අනුරුද්ධ සූරියාරච්චි මහතා අදාළ PCR යන්ත‍්‍රය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහලේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය ජයාන් මෙන්ඩිස් මහතා වෙත භාරදුන් අවස්ථාව., KDUH‍ සහ  SLT-MOBITEL නියෝජනය කරමින් අනෙකුත් නිලධාරී මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment