SLT-MOBITEL වෙතින් දරුවන්ට නොමිලේ Robotics සහ IoT පිළිබඳ ඔන්ලයින් පාඨමාලා

230

​ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL රටේ අනාගත පරපුරට නවතම තාක්ෂණික දැනුම හා පුහුණුව ලබාදීම සඳහා, Arduino” Robotics සහ IoT (Internet of Things) යන විෂයන් සම්බන්ධයෙන් ඔන්ලයින් පාඨමාලා එකතුවක් නොමිලේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
 
 තාක්ෂණය මූලික කරගත් ආර්ථිකයක් වෙත ශ‍්‍රී ලංකාව රැගෙන යාමේ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන ක‍්‍රියාවට නංවා ඇත.
 
 ඩිජිටල් අනාගතයකට තරුණ පරපුර යොමුකරවීමේ අරමුණින් නොමිලේ ලබාදෙනි‘Arduino” Robotics සහ IoT පිළිබඳ ආරම්භක පාඨමාලාව’ මෙරට සිසු පරපුර අතර විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු හා ගණිත අධ්‍යාපනය හා නවෝත්පාදනය දිරිගැන්වීමට පිටුබලය සපයනු නිසැක ය. එමෙන්ම එය සුහුරු (Smart) තාක්ෂණයන් භාවිතයෙන් ප‍්‍රායෝගික විසඳුම් නිර්මාණය කිරීමට තරුණ පරපුර යොමුකරවනු ඇති අතර, අනාගත පරපුරට සන්නිවේදන යටිතල ව්‍යුහයක් සපයමින් රට ඩිජිටල් විප්ලවය කරා රැගෙන යාමට මහඟු‍ දායකත්වයක් දක්වනු ඇත. 

advertistmentadvertistment
advertistmentadvertistment