SLT-MOBITEL වෙතින් ව්‍යාපාර ඩිජිටල් වශයෙන් සවිබල ගන්වන mRetail

42

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ පාරිභෝගික වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සැබෑ වෙනසක් ඇතිකිරීමේ අරමුණින් ‘mRetail’ නමින් විශේෂ සේවාවක් හඳුන්වාදී තිබේමෙය වෙළෙඳ නියෝජිතයන්ට තම පාරිභෝගිකයන් වෙනුවෙන් උපරිම පහසුවක් සමඟින් වඩාත් විශිෂ්ට අත්දැකීමක් තහවුරු කිරීමට අවස්ථාව සලසා දෙන විසඳුමකි.

Edinborough විසින් පවත්වාගෙන යනු ලබන අලෙවිසැල් ජාලයක් වන Grandeur, මෙම සේවාව භාවිතා කිරීම ආරම්භ කළ මුල්ම ව්‍යාපාර අතරින් එකකි. mRetail මගින් පාරිභෝගිකයන්ට සුරක්ෂිත ලෙස බිල්පත් හා වෙනත් ගෙවීම් සිදුකිරීම සහ, SLT-MOBITEL mCash සේවාව හරහා භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීම ඇතුළු පහසුකම් රාශියක් ලබාගත හැකි වේ. mRetail සේවාව ලබාගැනීමේදී හිමි වන පහසුකම් අතරට ක්ලවුඩ් තාක්ෂණය භාවිතා වන POS යන්ත්‍ර, mCash Total Digital Banking Payment Gateway විසඳුම්, සන්නාම ප්‍රවර්ධනය සඳහා central management සහිත ඩිජිටල් දර්ශන තිර සහ පාරිභෝගික ළබැදියාවන් (Loyalty) කළමනාකරණ විසඳුම් ඇතුළු පහසුකම් රැසක් ඇතුළත් වේ. එමෙන්ම mRetail සේවාව භාවිතා වන අලෙවිසැල් වලදී SLTMOBITEL Club Magnet පාරිභෝගිකයන්ට විශේෂ දීමනාද, හිමිවනු ඇත. තවද මෙමගින් සිම්පත් සක්‍රීය කරගැනීමේ ස්වයං-සේවාවක් හරහා පාරිභෝගිකයන්ට ක්ෂණිකව SLT-MOBITEL සම්බන්ධතාව ලබාගැනීමටද අවස්ථාව හිමි වේ. මේ සියල්ලට අමතරව mRetail භාවිතා කරන පාරිභෝගිකයන්ට කාණ්ඩ මත පදනම් වූ අලෙවිකරණ සේවාවන් සහ mAgents නියෝජිතයන් හරහා සිදුකරන Ecochanelling භාණ්ඩ බෙදා හැරීමේ සේවාවද, ලබාගත හැක.

advertistmentadvertistment
advertistmentadvertistment