SLT-MOBITEL වෙතින් හරිතවත් හා තිරසාර හෙටක් වෙනුවෙන් දීපව්‍යාප්ත රුක්රෝපණ වැඩසටහනක්

69

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, රට පුරා හුස්මයි පොහොරයි වගා කරමු. නමින් දීපව්‍යාප්ත රුක්රෝපණ වැඩසටහනක් ආරම්භ කර තිබේ. තිරසාර අනාගතයක් උදෙසා වාතයේ තත්ත්වය වැඩිදියුණු කිරීම සහ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කිරීම මෙහි මූලික අරමුණු වී ඇත. මොණරාගල මීයාගල ශ‍්‍රී මෙත්තාරාම විහාරස්ථානයේදී මෙම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරන ලද අතර, එම අවස්ථාවට SLT සමූහ සභාපති රොහාන් ප‍්‍රනාන්දු, SLT සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ ප‍්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment