SLT-MOBITEL වෙතින් Hack:AI 2021 සඳහා අනුග‍්‍රහය

70

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL” ‘Hack(AI 2021 Hackathon’ වැඩසටහනට අනුග‍්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී සිටී.

ගෝලීය තිරසාර සංවර්ධන අරමුණු ළඟාකරගැනීම සඳහා Artificial Intelligence (AI) සහ Machine Learning තාක්ෂණයන් භාවිතා කරමින් පෙරළිකාරී නව සොයාගැනීම් දිරිගැන්වීම මෙහි අරමුණ වී ඇත.

අන්තර් පාසල් සහ අන්තර් විශ්ව විද්‍යාලයීය වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන Hack(AI වැඩසටහන තුළදී, Data Science සහ Machine Learning තාක්ෂණ භාවිතා කරමින් නවෝත්පාදන බිහිකිරීමට තරගකරුවන්ට අවස්ථාව ලැබේ. මෙමගින් සමාජයට යහපතක් සිදුකිරීමේ ජාතික මට්ටමේ උත්සාහයට දායක වෙමින්, තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීම සඳහා විසඳුම් යෝජනා කිරීමට ඔවුන්ට මහඟු‍ අවස්ථාවක් උදා වනු ඇත.

Hack(AI 2021 Hackathon වැඩසටහනේ Platinum අනුග‍්‍රාහකයා ලෙස දායක වීමේදී SLT-MOBITEL හි තවත් අපේක්ෂාවක් වූයේ, තරුණ පරපුරේ දක්ෂතා හඳුනා ගනිමින්, ඔවුන්ට එම දක්ෂතා ප‍්‍රදර්ශනය කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීමට අත්වැලක් වීම ය. එමෙන්ම මේ ඔස්සේ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු ශිල්පය හා ගණිතය යන විෂයන් ඔස්සේ තරුණ පරපුරේ නිර්මාණශීලී චින්තනය අවදි කරමින්, ශ‍්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත‍්‍රයේ නියමුවා ලෙස තම වගකීම නැවත වරක් ඉටුකිරීමට ද SLT-MOBITEL සමාගමට හැකියාව ලැබී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment