SLT-MOBITEL වෙතින් Home Broadband සේවාවන් සඳහා දැන් Amazon Alexa

95

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම Home Broadband සම්බන්ධතා කළමනාකරණය කිරීම සඳහා Amazon Alexa පහසුකම ලබාදීමට කටයුතු කර තිබේ. ශ‍්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන සේවා සමාගමක් Amazon Alexa සේවා පිරිනමන ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙම පියවර SLT-MOBITEL පාරිභෝගිකයන්ගේ ඩිජිටල් ජීවන රටාව තවදුරටත් වැඩිදියුණු කරන සුවිශේෂී පියවරක් වනු නිසැක ය.

වර්තමානයේ කෘත‍්‍රිම බුද්ධි තාක්ෂණ සහ හඬ විධාන පදනම් කරගත් සේවා වේගයෙන් දියුණු වෙමින් පවතින පසුබිමක් තුළ, භෞතික හා ඩිජිටල් ලෝක අතර පරතරය ද ක‍්‍රමයෙන් අඩුවෙමින් පවතී. ජනතාවට තම කාර්යබහුල ජීවන රටාව අතරතුර එදිනෙදා කටයුතු වඩාත් හොඳින් කළමනාකරණය කරගැනීමට උපකාරී වීම සඳහා Apple Siri සහ Google Assist වැනි සේවා රැසක් ජංගම දුරකථන ඔස්සේ කරළියට පැමිණ තිබේ.

Amazon සමාගම හඳුන්වාදී ඇති Virtual Smart Assistant සේවාවක් වන Alexa, ක්ලවුඞ් තාක්ෂණය පදනම් කරගත්, කෘත‍්‍රිම බුද්ධිය භාවිතා වන සුවිශේෂී නිර්මාණයකි. AI voice assistance යාන්ත‍්‍රණයක් ලෙස ක‍්‍රියාත්මක වන එයට ස්මාර්ට් උපකරණ රාශියක් සමග සම්බන්ධ වීමේ හැකියාව ඇති අතර, ඒ ඔස්සේ ජනතාවගේ ඩිජිටල් ජීවන රටාවට නව අත්දැකීම් සමීප කළ හැක.

advertistmentadvertistment
advertistmentadvertistment