SLT-MOBITEL ශ‍්‍රී ලංකාවේ ඩිජිටල්කරණ මෙහෙයුම වේගවත් කරමින් ‘Fibre of the Nation’ වැඩසටහන දියත් කරයි

204

පෙරළිකාරී නව තාක්ෂණයන්, ගමනාගමන විසඳුම්, නැණවත් සම්බන්ධතා ක‍්‍රම සහ සුහුරු උපකරණ රටේ සංවර්ධනයේ පෙරගමන්කරුවන් වී ඇති මෙවන් යුගයක, ක‍්‍රමයෙන් දියුණුව කරා යන ඩිජිටල්කරණ ප‍්‍රවණතාවක් පවත්වාගෙන යාමට නම්, අධිවේගී දෘෂ්‍ය තාක්ෂණයන් සහිත සාර්ථක නවෝත්පාදන සම්ප‍්‍රදායක් අත්‍යවශ්‍ය වේ. එය පුරවැසියන් සවිබල ගන්වමින්, ව්‍යාපාරවලට දියුණුව කරා යාමට මංපෙත් විවර කර දෙමින්, රටේ ආර්ථිකය සහ ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට මහෝපකාරී වන සාධකයකි.

ශ‍්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ ජාලය වන SLT-MOBITEL, රට පුරාම සිය Fibre සම්බන්ධතාව ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටිනුයේ මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙනි. මෙම උත්සාහය, සැමට ඩිජිටල් තාක්ෂණ පහසුකම් හිමි වන ශ‍්‍රී ලංකාවක් තුළ සුහුරු ජීවන විලාසිතාවන් ප‍්‍රචලිත කිරීමට විශාල කාර්යභාරයක් ඉටුකරනු ඇත.

ශ‍්‍රී ලංකාව තුළ වෙනම රැහැන් ජාලයක් ඔස්සේ පරිපූර්ණ Fibre සම්බන්ධතාව ලබාදෙන එකම සමාගම SLT-MOBITEL වේ. Internet of Things “IOT&” Smart home” Ultra HD TV” Gaming සහ අනෙකුත් තාක්ෂණික ප‍්‍රවණතාවන් ඔස්සේ, මේ වනවිට 100 mbps සිට 1000 mbps දක්වා Bandwidth ඉල්ලූම් සපුරාලීමට SLT-MOBITEL පියවර ගෙන ඇත.

අධිවේගී SLT-MOBITEL Fibre ශ‍්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත‍්‍රයේ වඩාත්ම වේගවත් සහ ස්ථාවර සම්බන්ධතා ජාලය ලෙස සැලකේ. සාගර පතුල හරහා දිවෙන ජාත්‍යන්තර කේබල් 84 ක් ඔස්සේ එය අවම දත්ත සංචරණ කාලයක් සමගින් සෘජු ජාත්‍යන්තර සම්බන්ධතාවක් සහතික කරයි. එමෙන්ම දිවයින පුරා කිලෝමීටර් 60,000කට වැඩි ත්‍සඉරු ජාලය නිසා SLT-MOBITEL පාරිභෝගිකයන්ට දැනටමත් ප‍්‍රතිලාභ රාශියක් අත්වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment