SLT-MOBITEL ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරය දිනූ සමාගමක් ලෙස ඇගයීමට ලක්වේ

162

SLT-MOBITEL ප‍්‍රධාන මානව සම්පත් නිලධාරී අරුණ ජයසේකර මහතා සහ සාමාන්‍යාධිකාරී (මානව සම්පත් සහ කර්මාන්ත සම්බන්ධතා) හර්ෂණ රන්මුතුගල මහතා සම්මානය පිළිගනිමින්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරය දිනූ සමාගම් ලැයිස්තුවේ ගෞරවනීය සඳහනක් ලැබූ සමාගම් හා ආයතන 5 අතරට එක්වීමට සමත් විය.

එම ශේණිගතකිරීමට ඇතුළත් වූ එකම දුරකථන සන්නිවේදන සමාගම SLT-MOBITEL වීම ද විශේෂත්වයකි. වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය සහ ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය එක්ව මෙම ශේණිගත කිරීම වාර්ෂිකව ප‍්‍රකාශයට පත්කරයි. ප‍්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින්, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඇගයීම් ක‍්‍රියාවලියක් අනුව මෙම සමාගම් හා ආයතන තෝරාගනු ලැබේ. මෙහිදී අදාළ සමාගම් වල මූල්‍ය ක‍්‍රියාකාරීත්වය මෙන්ම, සේවකයන්, පාරිභෝගිකයන්, කොටස් හිමිකරුවන් සහ ප‍්‍රජාව ඇතුළු සියලූ‍ම පාර්ශ්වයන්ට යහපත සැලසීම සඳහා දක්වන ලද දායකත්වය ඇතුළු සාධක රැසක් සැලකිල්ලට ගැනෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment