SLT-MOBITEL සහ The Creative Isle වෙතින් සුළු පරිමාණ ව්‍යවසායකයනට අන්තර්ජාල වෙළඳපොළක්

91

The Creative Isle (පුද්.) සමාගමේ නිර්මාතෘ කේෂිනී ඈන් සුරවීර මහත්මිය සහ SLT නියෝජ්‍ය ප‍්‍රධාන අලෙවි නිලධාරී රෝහණ එල්ලාවල මහතා අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ අවස්ථාව

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට ක්ෂුද‍්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් අති නවීන ඩිජිටල් අන්තර්ජාල වෙළඳපොළක් හඳුන්වා දීම සඳහා The Creative Isle (පුද්.) සමාගම සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

මෙම හවුල්කාරීත්වය ඔස්සේ මෙරට ක්ෂුද‍්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන්ට තම නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් වැඩි පාරිභෝගික පිරිසක් වෙත රැුගෙන යාමට අවස්ථාව හිමි වේ.

මෙම හවුල්කාරීත්වයේ තාක්ෂණික සහකරු ලෙස, මෙම වැඩසටහන සම්බන්ධ සංකල්පය, සැලසුම, විශේෂඥ දැනුම සහ තාක්ෂණික යටිතල ව්‍යුහය සැපයීමට SLT-MOBITEL කටයුතු කරනු ඇත. Weekend Market වැඩසටහනේ නිර්මාතෘ වන ඔක්‍ෂ සමාගම, තම සන්නාමය යටතේ මෙම වැඩසටහනේ සංවිධායක, ප‍්‍රවර්ධක සහ සත්කාරක ලෙස කටයුතු කරන අතර, විකුණුම්කරුවන් ලියාපදිංචි කිරීම සහ ගැනුම්කරුවන් හා ගනුදෙනු සම්බන්ධ කටයුතු කළමනාකරණය කිරීම සිදු කරයි.

මෙරට ක්ෂුද‍්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට අත්වැලක් වීම සඳහා SLT-MOBITEL මීට පෙරද වැඩසටහන් රාශියක් ක‍්‍රියාවට නංවා ඇත. කෙසේ වුවද, පවතින තත්ත්වය යටතේ එම ව්‍යාපාර වලට, සම්ප‍්‍රදායික ක‍්‍රමවේදයන් ඔස්සේ පාරිභෝගිකයන් හා සම්බන්ධ වීම දුෂ්කර වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment