SLT-MOBITEL 2022 MCA සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ සම ශූරයන් බවට පත්වෙයි

116
(වමේ සිට) SLT ක්‍රිකට් කණ්ඩායම - සුරංග විජයරත්න, සඳුන් විජයරත්න, සුදම් ජයවර්ධන, ඩබ්ලිව්. ඒ. සමන්ත, එච්. පී. චමින්ද, නදීප නිරෝෂන්, දිනුෂ් විජේවික්‍රම (කණ්ඩායමේ කළමනාකරු), චන්දික සිරිමාන්න (නායක), ජගත් සිරිවර්ධන, හර්ෂ වීරසිංහ (පුහුණුකරු), නාමල් දිසානායක

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය මගින් සංවිධානය කරන ලද Maliban MCA Annual Masters Cricket ‘Sixes .. 2022 තරගාවලියේ සම ශූරතාව දිනා ගැනීමට SLT සහ HNB කණ්ඩායම් සමත් විය. මෙම තරගාවලිය පසුගියදා වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගාවලියේ ලීග් අදියරේදී Colombo Dockyard සහ Singer Sri Lanka PLC කණ්ඩායම් පරාජය කළ SLT කණ්ඩායම, ඉන් අනතුරුව 2020 ශූරයන් වූ සම්පත් බැංකු කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය. කෙසේ නමුත් අවසන් තරගයේදී අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් SLT කණ්ඩායම සහ 2020 වසරේ අනු ශූරයන් වූ HNB ‘A’ කණ්ඩායම මෙවර Maliban – MCA Annual Masters Cricket ‘Sixes’ 2022 තරගාවලියේ සම ශූරයන් ලෙස නම් කිරීමට සංවිධායකවරු තීරණය කළහ.

මෙම වසරේ තරගාවලියේදී කණ්ඩායම් 15ක් කාණ්ඩ 5ක් යටතේ තරග වැදුණු අතර, කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී සහ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී තරග පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment