SLT-MOBITEL, COVID-19 නිසා පීඩාවට පත් ජනතාවට සහන සලසයි

99

ශ‍්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 සංචරණ සීමාවන් නිසා පීඩාවට පත් අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්, පොල්ලෙබැද්ද ග‍්‍රාම නිලධාරී වසම තුළ ජිවත් වන ආදිවාසී ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමට පසුගියදා කටයුතු කළේය.
 
 ඒ අනුව, තම එදිනෙදා මූලික අවශ්‍යතා පවා සපුරාගත නොහැකිව දුෂ්කර තත්ත්වයකට පත්වී සිටි පවුල් 285 කට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මලූ‍ බෙදාදීම සිදුකරන ලදි. මේ සදහා අම්පාර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය සහ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතන වල සහයෝගය හිමි වූ අතර අම්පාර දිස්ත‍්‍රික් ලේකම් ඞී. එම්. එල්. බණ්ඩාරනායක මහතා සහ මහඔය අතිරේක ප‍්‍රාදේශීය ලේකම්වරයා මෙම අවස්ථාවට සහභාගී වුහ.

advertistmentadvertistment
advertistmentadvertistment