ශ‍්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT Mobite, තම ප‍්‍රධානතම IPTV සේවාව වන SLTMobitel-PEOTV ඔස්සේ මෙරට දරුදැරියන්ගේ දුරස්ථ අධ්‍යාපනයට අත්වැලක් වීම සඳහා විශේෂ සේවාවන් රැසක් දියත් කර ඇත.
මෙම සියලූම සේවාවන් SLTMobitel-PEOTV මඟින් ලබා ගත හැකි අතර ඕනෑම දරුවෙකුට SLTMobitel-Home broadband හෝ වෙනත් ඕනෑම සේවා ජාලයක් හරහා PEOTVGO App එක භාවිත කරමින්ද මෙම සේවාවන් ලබා ගත හැකිය.
SLTMobitel-PEOTV මගින් හඳුන්වා දෙනු ලබන පෙරළිකාරී සේවාවන් අතරට ‘විදැස’ රූපවාහිනී නාලිකා එකතුව සහ Education on Demand (EOD) සේවාව ඇතුළු සේවාවන් පෙළක් ඇතුළත් වී ඇත. ‘විදැස’ යනු 6 ශේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වන ශ්‍රේණි සඳහා වෙන්වූ නාලිකා 6 කින් සමන්විත සේවාවක් වන අතර, Education on Demand (EOD) ක‍්‍රමවේදය මගින් සිසුන්ට තම නිවෙස්වල සිටම, අවශ්‍ය ආකාරයට Pause සහ Rewind කරමින් අධ්‍යාපනික වැඩසටහන් නැරඹීමේ අවස්ථාව හිමි වේ. මෙම EOD සේවාවට රටේ ප‍්‍රමුඛතම අධ්‍යාපනික වැඩසටහන් නිෂ්පාදන ආයතන ලෙස සැලකෙන GURU, Candela” සහ DP Education වැනි ආයතන මගින් නිපදවන ලද අධ්‍යාපනික Video මාලාවන් ඇතුළත් වී ඇති අතර, තමන්ට කැමති පරිදි මෙම වැඩසටහන් නරඹමින් අධ්‍යාපනය ලැබීමට දරුවන්ට අවස්ථාව සලසා දී ඇත.

දැනට රටේ පවතින වසංගත තත්ත්වය හමුවේ වසරකට වැඩි කාලයක් තිස්සේ මෙරට පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට බාධා එල්ල වී තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ සෑම දරුවෙක්ටම බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් සලසාදීම සඳහා SLTMobitel-PEOTV දැනටමත් විශාල කාර්යභාරයක් ඉටුකර ඇත.