SLT-MOBITEL, SSC ක්‍රීඩා සමාජයේ ඩිජිටල් සේවා සම්පාදකයා ලෙස වසර 5 ක ගිවිසුමකට අත්සන් තබයි

51
SSC භාණ්ඩාගාරික නිලංක පීරිස්, එහි සාමාන්‍යාධිකාරී චාරි විතානාරච්චි, ලේකම් වසන්ත විජේසේකර, සභාපති අයි. එස්. ද සිල්වා, SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ, ප්‍රධාන ප්‍රාදේශීය ව්‍යාපාර නිලධාරී ඉමන්ත විජේකෝන්, සාමාන්‍යාධිකාරී (බස්නාහිර පළාත මධ්‍යම) චේතන අත්තනායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බස්නාහිර පළාත් මධ්‍යම) සමන් පියසිංහ සහ ප්‍රාදේශීය ආයතනික ව්‍යාපාර කළමනාකාරිනී යෂීරා යසීන් යන මහත්ම මහත්මීන්.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, SSC ක්‍රීඩා සමාජයේ (Singhalese Sports Club) ඩිජිටල් සේවා සම්පාදකයා ලෙස වසර 5ක කාලයක් කටයුතු කිරීම සඳහා සුවිශේෂී ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය.

SSC ක්‍රීඩා සමාජය මෙරට කීර්තිමත්ම ක්‍රීඩා සමාජ අතරින් එකක් වන අතර, මෙම ගිවිසුම අනුව, එම ක්‍රීඩා සමාජයට විශිෂ්ටතම දුරකථන, අන්තර්ජාල සහ PEOTV සේවා ලබාදීම සඳහා එහි සමස්ත සන්නිවේදන පද්ධතියම ෆයිබර් තාක්ෂණයට පරිවර්තනය කෙරෙනු ඇත.

SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ SSC ක්‍රීඩා සමාජයේ සභාපති අයි. එස්. ද සිල්වා මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි. ඊට අමතරව දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

“මෙය කීර්තිමත් පාර්ශ්ව දෙකක් අතර ඇතිවුණු, දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ සලසන දීර්ඝකාලීන හවුල්කාරීත්වයක ආරම්භයක්. SSC ක්‍රීඩා සමාජයේ සියලුම කටයුතු වෙනුවෙන් ඩිජිටල් විසඳුම් හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා.’ SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා පැවසී ය.

advertistmentadvertistment
advertistmentadvertistment