SLT-MOBITEL ‘UNLIMITED CALL BOOSTER’ වෙතින් ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ SMS

335

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ SMS පිරිනමන විශේෂ පැකේජයක් හඳුන්වා දී තිබේ.‘UNLIMITED CALL BOOSTER’ ලෙස නම් කර ඇති මෙය, පෙරගෙවුම් පාරිභෝගිකයන්ට මෙන්ම පසුගෙවුම් පාරිභෝගිකයන්ටද භාවිතා කළ හැක.

‘UNLIMITED CALL BOOSTER’ නිසා ශ්‍රී ලාංකිකයන්ට දැන් රිසි සේ තම නෑදෑ හිතමිතුරන්ට ඇමතුම් ලබාගැනීමටත්, කෙටි පණිවිඩ යැවීමටත් අවස්ථාව ලැබී තිබේ. එමෙන්ම සන්නිවේදන කටයුතු සඳහා නිතර දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ භාවිතා කරන සමාගම්, ආයතන සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලටද මෙය කදිම විසඳුමක් වනු ඇත.

මුළු මාසය පුරාවටම වලංගු වන ‘UNLIMITED CALL BOOSTER’ පැකේජය රු. 636/- ක් වැනි ආකර්ෂණීය මිලකට ලබාගත හැකි වේ. පෙරගෙවුම් පාරිභෝගිකයන්ට රු. 636 ක් රීලෝඩ් කර හෝ #147#ඩයල් කර මෙය සක්‍රීය කරගත හැකි අතර පසුගෙවුම් පාරිභෝගිකයන්ට 1717 අමතා ලැබෙන උපදෙස් අනුව එය සක්‍රීය කරගත හැක.

advertistmentadvertistment
advertistmentadvertistment