SLT-MOBITEL, ‘World Innovation Congress’ හිදී දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම නවෝත්පාදන සම්මානය දිනයි

53

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL මෙවර ‘World Innovation Congress’ හිදී දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම නවෝත්පාදනය සම්මානය දිනාගැනීමට සමත් විය.

ග්‍රාමීය ප්‍රදේශ වල අන්තර්ජාල බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණය පුළුල් කිරීම සඳහා හඳුන්වා දෙන ලද Sub-1GHz සංඛයාත mrdi LTE cd, ජාල විසඳුම, මෙම සම්මානය SLT-MOBITEL වෙත හිමිවීමට ප්‍රධානතම හේතුවක් විය. Covid-19 හේතුවෙන් සංචරණ සීමාවන් පනවා තිබූ කාලසීමාව තුළදී විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වල පාරිභෝගිකයන් සඳහා දුරකථන සන්නිවේදන යටිතල පහසුකම් හා සහය සේවාවන් වැඩිදියුණු කිරීමටද මෙම තාක්ෂණය භාවිතා කරන ලදි.

“අපගේ නවෝත්පාදන මේ ආකාරයට ජාත්‍යන්තර තලයේදී ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්. World Innovation Congress ලොව පුරාම මෙවැනි නවෝත්පාදනයන් ඇගයීමට ලක්කරනවා. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වශයෙන්, මේ සම්මානය හිමිවීම අපට ආඩම්බරයක්. තවද, කලක් තිස්සේ පැවති 900MHz සංඛ්‍යාත පරාස බාධාවන් විසදා, සීමිත ජාතික සම්පතක් වන සංඛ්‍යාත පරාස උපරිම ප්‍රයෝජනයට ගැනීමටත් මෙය හේතුවක් වුවා. මෙහිදී 4G LTE සම්බන්ධතාව ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කිරීම සඳහා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව ලබාදුන් සහයෝගය විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. මේ නවෝත්පාදනය සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමට අපට හැකියාව ලැබුණේ ඒ නිසයි. රටේ තාක්ෂණික දියුණුව උදෙසා මේ ආකාරයට නිරන්තරයෙන් සහයෝගය ලබාදීම පිළිබඳව, SLT-MOBITEL වෙනුවෙන් මා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ස්තූතිවන්ත වනවා.” SLT-MOBITEL සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment