SLT Training Centre සහ SLIM එක්ව විකුණුම් ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම සඳහා ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි

89
SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති නුවන් ගමගේ මහතා ගිවිසුම හුවමාරු කරගනිමින්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි පුහුණු මධ්‍යස්ථානය වන SLT Training Centre SLTTC, පසුගියදා ශ්‍රී ලංකාවේ අලෙවිකරණය සම්බන්ධ ප්‍රධානතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) සමග ඓතිහාසික ගිවිසුමකට අත්සන් තැබීය.

මෙරට විකිණුම් ක්ෂේත්‍රයේ ශ්‍රම බලකාය තවදුරටත් වැඩිදියුණු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.

මෙම එකඟතාව අනුව, විකුණුම් කළමනාකරණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නන්ට SLTTC හිදී ජාතික විකිණුම් කළමනාකරණ පාඨමාලාව (National Diploma of Sales Management – NDSM) හැදෑරීමට අවස්ථාව ලැබේ. මාස නවයක් පුරා දිවෙන මෙම පාඨමාලාවට ඩිජිටල් හා සමාජ විකුණුම්, ක්‍රමෝපායික විකුණුම් කළමනාකරණය සහ විකුණුම් පුරෝකථනය; සැලසුම් කිරීම සහ අයවැයකරණය, පුද්ගල සහ කාර්ය සාධන කළමනාකරණය කිරීම වැනි විෂය ඒකක ඇතුළත් වන අතර, මේ සියල්ල, විකුණුම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන්ට තම වෘත්තීය ජීවිතය තුළ අතිශයින් වැදගත් වේ.

SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති නුවන් ගමගේ මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි. ඊට අමතරව SLT-MOBITEL නියෝජනය කරමින් එහි සාමාන්‍යධිකාරී (කුසලතා සංවර්ධන) ජානක සිල්වා සහ සහකාර සාමාන්‍යාධිකාරී (කුසලතා සංවර්ධන මධ්‍යස්ථානය) ආසිරි ඉන්දික යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී/විධායක අධ්‍යක්ෂ සනත් සේනානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (ව්‍යාපාර සංවර්ධන) මිහිරිනී ෆොන්සේකා සහ කළමනාකරු (ආයතනික විකිණුම්) අසංග සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment