SportUnleash පාසල් ක්‍රීඩා සම්මාන

159

SportUnleash ආයතනයේ ප්‍රධාන අනුග්‍රහය යටයේ පළමු වරට සංවිධානය කරන ලද 2022 SportUnleash පාසල් ක්‍රීඩා සම්මාන උළෙලේදී ක්‍රීඩා ක්‍ෂේත්‍ර 15 ක් යටතේ සුවිශේෂී දක්‍ෂතා දැක්වූ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙක් සහ තවත් සුවිශේෂී කුසලතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3 දෙනෙක් සම්මානයට පාත්‍ර වූහ.

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා වෙනුවෙන් වාර්ෂික සම්මාන උළෙලක් සංවිධානය කෙරුණු පළමු අවස්ථාව මෙය වේ. සම්මාන උළෙල 2023 ජනවාරි 23 වැනිදා කොළඹ BMICH‍ පරිශ්‍රයේදී පැවැත්වුණි. SPORTSINFO සභාපති තිලාන් රංග මහතාගේ සංකල්පයක් අනුව සංවිධානය කෙරුණු මෙම සම්මාන උළෙලට, හිටපු ජාතික වාර්තාවකට හිමිකම් කියන කීර්තිමත් ක්‍රීඩකයෙකු මෙන්ම Power World Gyms නිර්මාතෘ සහ SPORTSUNLEASH සභාපති තලවෝ අලයිලීමා මහතාද සහභාගි විය.

ප්‍රධාන ආරාධිතයා ලෙස උත්සවයට සහභාගි වූයේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ හිටපු අමාත්‍ය සහ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ද විශේෂ ආරාධිතයෙකු ලෙස සම්මාන උළෙලට සහභාගි වූයේය. 2022 වසර වෙනුවෙන් සම්මාන දිනාගත් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙසේය.

මලල ක්‍රීඩා (ධාවන ඉසව්) නදුන් කවීෂ බණ්ඩාර – රාජකීය විදුහල, කොළඹ (පිටිය ඉසව්) අශ්මික කේෂාන් කෝරාළ – යොෂාදා ජාත්‍යන්තර පාසල, සපුගස්කන්ද, බැඩ්මින්ටන් – විරේන් නෙත්තසිංහ – ශාන්ත පීතර විදුහල, පැසිපන්ද – ජී. ජී. මිනෝලි මාරියා ඩිරෙසේ – ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, බම්බලපිටිය, බොක්සිං – පසිඳු උමයංග මිහිරාන් – නාලන්දා විදුහල, චෙස් – එල්. එම්. සුසාල් ටී ද සිල්වා – නාලන්දා විදුහල – ක්‍රිකට් – දුනිත් වෙල්ලාලගේ – ශාන්ත ජෝසප් විදුහල, කරාතේ – සී. ඒ. තාරුකි සෂින්දි – සපුගස්කන්ද විශාකා විiාලය – දැල්පන්දු – හිරුනි හේෂානි – ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, කුරුණෑගල, ඔරු පැදීම – ෂෙලෝන් ෂයාන් ගුණරත්න – ආසියානු ජාත්‍යන්තර පාසල්,

රග්බි දිනූප සෙනෙවිරත්න – ඩී. එස්. සේනානායක විදුහල, පිහිනුමු – ගංගා සෙනෙවිරත්න – විශාඛා විiාලය, ටෙනිස් – දිනාරා ද සිල්වා, ශාන්ත බි්‍රජට් කන්‍යාරාමය, වොලිබෝල් කවිෂ්ක මධුසංක – රාජසිංහ මධ්‍ය මහා විදුහල, රුවන්වැල්ල, මල්ලවපොර – නෙත්මි අහිංසා ප්‍රනාන්දු, වවෙල්පල්ල සංඝරතන මහා විiාලය, ගිරිඋල්ල, පුහුණුකරු – ඩී. එස්. සුරංග කුමාර, ක්‍රීඩා පාසල – නාලන්දා විදුහල.

මේ අතර ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් පෑ ආනන්ද විදුහලේ දනින්දු චරිත් සෙල්ලප්පෙරුමට සහ ගම්පහ රත්නාවලී බාලිකා විiාලයේ විශ්මි ගුණරත්නටත්, මලල ක්‍රීඩාවෙන් දක්‍ෂතා පෙන්වූ වලල ඒ රත්නායක මධ්‍ය මහා විiාලයේ තරුෂි කරුණාරත්නටත්, ආචාර්ය හර්ෂ අබේකෝන් (සම සභාපති) සහ රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත වූ ජූරිය මගින් පිරිනැමුණු ක්‍රීඩා විශිෂ්ටතා පදක්කම් හිමිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment