Study Buddy – අබාන්ස් නැණ පහන සමාජ සත්කාරක මෙහෙවර

93

දැයේ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතාව වෙනුවෙන් අබාන්ස් සමාගම විසින් කි‍්‍රයාත්මක කර ඇති Study Buddy – අබාන්ස් නැණ පහන වැඩසටහන ස්වාධීන රූපවාහිනී නාලිකාවේ මාධ්‍ය සහයෝගීතාවය සමගින් දියත් කර ඇත.

අ.පො.ස සාමාන්‍ය පෙළ සිසු දරුවන් වෙනුවෙන්ම සැකසූ විෂයන් 9 කින් සමන්විත Study Buddy SD කාඞ්පත් සහ අධ්‍යාපන කට්ටලය නොමිලේ බෙදා දීම නැණ පහන සමාජ සත්කාරක මෙහෙවර යටතේ සිදු කරනු ලබයි.

මෙම සමාජ සත්කාරක මෙහෙවරේ පළමු පියවර වශයෙන් අබාන්ස් ප‍්‍රදර්ශනාගාර 80 ක් ආවරණය කර ඇත. ඒ අනුව අම්පාර, බදුල්ල, තිස්සමහාරාමය, ගල්ගමුව, අනුරාධපුර, ඉබ්බාගමුව, මැල්සිරිපුර, තඹුත්තේගම, මහව, ජා-ඇල ඇතුලූ ප‍්‍රදේශ වල පිහිටා ඇති අබාන්ස් ප‍්‍රදර්ශනාගාර හරහා මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මකව පවතියි.

advertistmentadvertistment
advertistmentadvertistment