Study Buddy ශී‍්‍ර ලංකාවේ එකම offline අධ්‍යාපන පෙරළිය

97

අපි ගත කරනා කාලය ඇත්තෙන්ම අභියෝගාත්මක කාලයක්. ඒ අභියෝගය තරමටම කාලය විසින් අපිට ඉඟි කරන අවිනිශ්චිතතාවය අපව බියවද්දන සුළුයි. බලාපොරොත්තු නොවූ අයුරින් දරුවන්ගේ අධ්‍යාපනයට එල්ල වූ බාධාව ඒ අභියෝගවල පතිඵලයක්. ඇත්තෙන්ම මේ නිසා අපි අපේ දරුවන්ට අවිනිශ්චිත කමේ බාධා දැනෙන්නට ඉඩ දිය යුතුද? විශේෂයෙන් අධ්‍යාපනයේ? කොහෙත්ම නැහැ.

ඉතින් දරුවෙක්ට ඉගෙන ගන්න තියෙන බාධා අපි හඳුනා ගත්තා. ඒ බාධා නසන්න අපි විකල්පයක් සොයා ගත්තා. ඒ තමයි Study Buddy. කොහොමද Study Buddy බාධා නසන විකල්පයක් වෙන්නේ? හරිම සරලයි. මේ වගේ කාලයක ළමයින්ගේ අධ්‍යාපනයට වැඩිම බාධා ආවේ තාක්ෂණයෙන්. ඒ කියන්නේ Data, Online නැත්නම් අන්තර්ජාල සබඳතා නිසා. නිවසේ ඉඳන් අධ්‍යාපනය ලබන්න Data රහිත ක‍්‍රමයක් තමයි අපි දෙන විකල්පය. මේ නිර්මාණශීලී විකල්පය තමයි ඕනෑම Smart උපාංගයකට යොදා ගත හැකි memory කාඞ්පත. සරලවම Study Buddy කියන්නේ දරුවෙක්ගේ විෂය නිර්දේශය memory කාඞ් පතකින් දරුවාට සමීප වීම. ඒ කියන්නේ Online වෙනුවට Offline ක‍්‍රමයක්. මේ කුඩා memory කාඞ් පත දරුවා වැඩ කරන smart උපාංගයට යෙදෙව්වාම දරුවාට දිස් වෙනවා Play O/L අභ්‍යන්තර App එක. ඉන් පස්සේ දරුවාගේ විෂය නිර්දේශය පෙන්වන්නේ මේ App එකෙන්. Online හෝ ඬේටා කරදර මුකුත් නැහැ. දැන් දරුවා සූදානම් ඉගෙන ගන්න. ඉතින් මේ තමයි ශී‍්‍ර ලංකාවේ එකම offline අධ්‍යාපන පෙරළිය.

Study Buddy කියන්නේ GB 64 ක් තිබෙන memory කාඞ් පතක්. ඒ වෙනුවෙන් දැනට ශ්‍රේණි 2ක් ඇතුළත්. ඒ 10 හා 11 ශ්‍රේණි. සාමාන්‍ය පෙළ විභාගයට වැඩි අවධානයක් යොමු කරන දරුවන් වෙනුවෙන් දැනට Study Buddy සිංහල මාධ්‍යයෙන් ලොකු කාර්යයක් සිදු කරලා හමාරයි. ගණිතය, විද්‍යාව, සිංහල, ඉංගී‍්‍රසි, ඉතිහාසය, භූගෝල විද්‍යාව, ව්‍යවසායකත්ව අධ්‍යනය, ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය හා ICT විෂයන් මේ කාඞ් පතට ඇතුළත්. දැන් මේ විෂයන් යටතේ මොනවද තියෙන්නේ කියල ප‍්‍රශ්නයක් එන්න පුළුවන්. මේ විෂයන් යටතේ තිබෙන්නේ වීඩිෙයෝ පාඩම්. ඔබ විශ්වාස කරන්න, 10 ශ්‍රේණියට අදාළ පාඩම් සංඛ්‍යාව පමණක් තිබෙනවා 1289 ක්. 11 ශ්‍රේණියට අදාළ පාඩම් සංඛ්‍යාව 1085 ක්. මේ ශ්‍රේණි 2 කට පමණක් වීඩියෝ අන්තර්ගතයන්වල එකතුව විනාඩි 70,000 කට වැඩියි.

අපේ දරුවන් සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන නිසා Study Buddy ඒ ගැනත් අවධානය යොමු කළා. විභාග සමයක දරුවන්ගේ පෙර සූදානම වෙනුවෙන් පුනරීක්ෂණ වීඩියෝ පාඩම් පෙළක් Study Buddy වෙත අන්තර්ගතයි. 2018, 2019 හා 2020 වසර වල විභාග ප‍්‍රශ්න මාලාවක් මේ වීඩියෝපට සඳහා අන්තර්ගත කොට තිබෙනවා. මේ පුනරීක්ෂණ පෙළත් සමඟ සම්පූර්ණ වීඩියෝ අන්තර්ගතයන්වල එකතුව විනාඩි 70,000 කටත් වැඩි වනවා.

advertistmentadvertistment
advertistmentadvertistment