මාලදිවයිනේ සුප්‍රකට සහ සම්මානලාභී හෝටල් ව්‍යාපාර සමූහයක්වන Sun Siyam Resort, ශ්‍රී ලංකාවේ Sun Siyam Pasikudah හෝටලයේ සාමාන්‍යාධිකාරී ලෙස අර්ෂඩ් රෙෆායි සහ විකුණුම් හා අලෙවි කළමනාකරු ලෙස දුලංක මෙන්ඩිස් යන මහත්වරු පසුගියදා පත්කරන ලදී.
මෙම නව පත්වීම් සමඟ 2023 නොවැම්බර් 17 වැනිදා යළිත් Sun Siyam Pasikudah හෝටලය සංචාරකයින්ට විවෘත කිරීමට නියමිතය.
දැවැන්ත නවීකරණ ක්‍රියාවලියකින් පසුව හෝටලය නවතම අත්දැකීම් සමුදායක් සංචාරකයින්ට සමීප කිරීමට සූදානමින් සිටියි. විශේෂයෙන්ම සුඛෝපභෝගීත්වය සමඟ මුසුවුණු ශ්‍රී ලංකාවේ සංස්කෘතික සුන්දරත්වය සංචාරකයින්ට අත්විඳීමට හැකිවනු ඇත. අර්ෂඩ් සහ දුලංක සුසංයෝගය හරහා හෝටලයට ක්ෂේත්‍රයේ ප්‍රවීණතාව ද එක්කිරීමට හැකිව තිබේ.