System Change අරගලය – ජනතා ජයග්‍රහණය අවසාන ජය කරා රැගෙන යමු

248

2022 ජුනි 09 වැනිදා සිදුවූ අද්විතීය හා විශිෂ්ට ජනතා ජයග්‍රහණය සටහන් කරන අතර, මෙම අවිහිංසාවාදී, ප්‍රජාතන්ත්‍රවාදී අරගලය තුළින් අත්පත් කරගත් සාර්ථකත්වයන් එහි අවසාන ජය කරා රැගෙන යෑමට නම් අවශ්‍ය කෙරෙන බරපතළ හා බැරෑරුම් කරුණු කිහිපයක් අපි අවධාරණය කිරීමට කැමැත්තෙමු.

 1. විරෝධය පළකිරීමට තමුන්ට තිබෙන අයිතිවාසිකම අභ්‍යාස කරන සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව පොලිසිය හා සන්නද්ධ හමුදා විසින් දියත් කරනු ලබන ප්‍රචණ්ඩකාරීත්වය වහාම නතර විය යුතුය. විශේෂයෙන්ම, අග්‍රාමාත්‍යවරයාගේ නිවස ආසන්නයේ පසුගිය දින (ජූලි 9) මාධ්‍යවේදීන්ට කළ දරුණු පහරදීම බඳු වූ සිදුවීම් සංවිධානය කළ අය වහාම නීතිය හමුවට පැමිණවිය යුතුය. මෙම ක්‍රියාවන්ට අණ දුන් අය හඳුනාගැනීම හා ඔවුන් වගවීමට යටත් කිරීම අවශ්‍ය කෙරේ. මෙමගින්, ආරක්‍ෂක අංශවල පහළ ශ්‍රේණිවල සාමාජිකයන් බිල්ලට දී, ඔවුන්ට අණ දුන් ඉහළ නිලධාරීන් ආරක්‍ෂා කිරීමේ සුපුරුදු ආණ්ඩු ක්‍රියාකාරීත්වය වැළැක්විය හැක. තීරණ ගන්නා පිරිස් භුක්ති විඳින දෝෂමුක්තිය අවසන් කිරීමෙන් පමණක් ප්‍රචණ්ඩත්වය අවසාන කළ හැක.

 2. උසිගැන්වීම කෙතරම් බරපතළ වුවත්, මුල් අපරාධය කෙතරම් සාහසික වුවත්, ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා දැක්වීම විසඳුමක් නොවේ. නීතිය අප අතට ගැනීම විසින් ප්‍රචණ්ඩත්වය තවත් ව්‍යාප්ත වීම හා භෞතිකමය වශයෙන් බලවත් පාර්ශ්වයට අවසානයේ ජය ගැනීමට අවස්ථාව ලැබීම පමණි. සියලු ආකාරවල ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නීතිය කඩකිරීම සඳහා වන පෙලඹවීම්වලට හසු නොවන ලෙසට සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී. තවද පොදු හා පෞද්ගලික දේපළ ගිනිතැබීම්වලට සම්බන්ධ වූ පිරිස් පැහැදිලි සාක්‍ෂි අනුව හඳුනාගත යුතු අතර යුක්තිය ඉදිරියට පැමිණවිය යුතුය. කෙසේ වූවද, අවිහිංසාවාදී ලෙස විරෝධය පළ කරන විරෝධතාකරුවන් දඩයම් කිරීම සඳහා නිදහසට කරුණක් ලෙස යොදා නොගත යුතුය. රටක් සංවර්ධනය කළ හැක්කේ සාධාරණ නීතිවල ආධිපත්‍යය අනුව මිස භීතිය හා ප්‍රචණ්ඩත්වය හරහා නොවේ. ජනතාව අතුරින් ඉතාම උත්තුංග අරමුණු මතින් පැනනැංගත්, ප්‍රචණ්ඩත්වයට එබඳු කාර්යභාරයක් ඉටුකළ නොහේ.

 3. අප රටේ අත්‍යාසන්න හා මධ්‍යකාලීන ඉරණම රැඳී පවතින්නා වූ මෙම තීරණාත්මක සංධිස්ථානයේදී අපට පෙනී යන්නේ විවිධ දේශපාලන පක්‍ෂ තම තමන්ගේ දේශපාලන පක්‍ෂ න්‍යාය පත්‍ර අනුගමනය කරන බවකි. දිගුකාලීනව කොතරම් සාධාරණ විය හැකි වුවත්, මේ මොහොතේ එබඳු න්‍යායපත්‍රයන් ද්විතීකව කළ යුතු බවත්, සියලුම දේශපාලන පක්‍ෂ නොනවතින දේශපාලන කඹ ඇදීමක් තුළ අපතේ නොයන ලෙසට වගබලා ගැනෙන පරිදි ප්‍රායෝගික හා සාධාරණ එකඟතාවයකට එළැඹීමට කටයුතු කළ යුතු බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉල්ලා සිටී. සියල්ලට වඩා රට ඉදිරියෙන් තබන, රාජ්‍ය තාන්ත්‍රික හැසිරීමක් සියලු නායකයන් විසින් පෙන්විය යුතු අවස්ථාවකි මේ මොහොත. ජනාධිපති හා ඔහු විසින් පත්කළ අගමැති වහාම ඉල්ලා අස්විය යුතු බවට වූ කරුණ අතිශය බැරෑරුම් ලෙස අවධාරණය කිරීමකින් තොරව ඉහත කී කිසිවක් ඵලදායී නොවනු ඇත. එය වූ කලී විරෝධතා ව්‍යාපාරයේ සාර්ථකත්වය තක්සේරු කළ හැකි මිනුමක් මෙන්ම, ජාතිය යලි ගොඩනැඟීමේ දීර්ඝ ක්‍රියාවලිය දිශාවට තබන්නා වූ පළමු අත්‍යවශ්‍ය පියවර ද වනු ඇත.

 රොහාන් ලක්සිරි
 ලේකම් – විශ්වවිද්‍යාල
 ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය


advertistmentadvertistment