80 octane petrol – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sun, 16 Oct 2022 00:59:29 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg 80 octane petrol – Divaina https://divaina.lk 32 32 පිරිපහදුවේ හුස්ම හිරවේ https://divaina.lk/%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b4%e0%b7%84%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%84%e0%b7%94%e0%b7%83%e0%b7%8a%e0%b6%b8-%e0%b7%84%e0%b7%92%e0%b6%bb%e0%b7%80%e0%b7%9a/ https://divaina.lk/%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b4%e0%b7%84%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%84%e0%b7%94%e0%b7%83%e0%b7%8a%e0%b6%b8-%e0%b7%84%e0%b7%92%e0%b6%bb%e0%b7%80%e0%b7%9a/#respond Sun, 16 Oct 2022 00:06:00 +0000 https://divaina.lk/?p=104309 ප්‍රමිතියෙන් තොර ඔක්ටේන් 80 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7000 ක් ඉතිරි ටැංකි පහක
ටැංකි 11 හිස්කරන තෙක් පිරිපහදුව යළි පණ ගන්වන්න බැහැ
දැවිතෙල්වල සල්ෆර් ප්‍රමාණය සියයට 2 ඉක්මවා තිබීම නිසා බලාගාරවලට දෙන්න බැහැ

සපුගස්කන්ද පිරිපහදුව යළි පණ ගැන්වීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි පිරිපහදු නිලධාරීහු ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට පැවසූහ. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ නිසි ප්‍රමිතියට නොමැති බොරතෙල් පිරිපහදු කිරීමෙන් නිෂ්පාදනය වූ දැවිතෙල් මෙට්‍රික් ටොන් 35,000 ක් පමණ එහි තිබෙන ටැංකි හයක පිරී තිබීම යැයිද ඔව්හු පවසති.

මීට අමතරව පිරිපහදු කිරීමේදී ලැබුණ නිසි ප්‍රමිතියෙන් තොර ඔක්ටේන් 80 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7000ක් ඉතිරි ටැංකි පහක ගබඩා කර ඇතැයිද ඔව්හු කියා සිටිති.

මෙම දැවිතෙල් තොගය සහ පෙට්‍රල් තොගය කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (සීපීඑස්ටීඑල්) මගින් ලබා ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇත. ඊට හේතුව වී ඇත්තේ ඒවා වෙළෙඳ පොළේ අලෙවි කිරීමට නොහැකි වීමයි.

මේ තත්ත්වය හමුවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බොර තෙල් ගෙන ආවත් පිරිපහදුව යළි පණ ගැන්වීමක් ගැටලුවක් වී ඇති බව නිලධාරීහු කීහ.

මෙම දැවි තෙල්වල සල්ෆර් ප්‍රමාණය සියයට 2 ඉක්මවා තිබීමත් ඝනත්වය වැඩි වීමක් නිසා ඒවා විදුලි බලාගාරවලටවත් ලබාදීමට නොහැකි වී ඇත. ටැංකි 11ක ඇති මෙම ඉන්ධන තොග හිස්කර නොගෙන පිරිපහදුව යළි පණ ගන්වාගත නොහැකි වීම නිසා විකල්ප සොයමින් සිටින බවද එම නිලධාරීහු කියා සිටිති.

ශිරාන් රණසිංහ

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b4%e0%b7%84%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%84%e0%b7%94%e0%b7%83%e0%b7%8a%e0%b6%b8-%e0%b7%84%e0%b7%92%e0%b6%bb%e0%b7%80%e0%b7%9a/feed/ 0