A woman who sought God’s help for the coronas dies – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 16 Sep 2021 05:51:44 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg A woman who sought God’s help for the coronas dies – Divaina https://divaina.lk 32 32 කොරෝනාවලට දෙවියන්ගේ පිහිට පැතූ කතක් මරුට https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%92%e0%b7%84%e0%b7%92/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%92%e0%b7%84%e0%b7%92/#respond Wed, 15 Sep 2021 23:51:00 +0000 https://divaina.lk/?p=20342 කොරෝනා වෛරසය සඳහා දෙවියන්ගේ පිහිට පැතූ කාන්තාවක් දේවාලය තුළම මියගොස් ඇති බව අඹේපුස්ස බලතව, කැබැල්ලවිට ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ අංක 149, මැද කනත්ත, කැබැල්ලවිට, අඹේපුස්ස ලිපිනයෙහි පදිංචි රේණුකා දමයන්ති (53) නමැති පූර්ණ ආබාධිත කාන්තාවකි. මෙම මියගිය කාන්තාව මීට පෙර කොවිඞ් වෛරසය ආසාදනය වී සුවය ලබා දින කිහිපයක් ගත වී ඇති බවද පැවසේ. නැවතත් මෙම කාන්තාවට 14 දින සවස්වරුවේ හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් ඇයගේ

සහෝදරිය විසින් කැබැල්ලවිට ප‍්‍රදේශයේම පිහිටි දේවාලයක් වෙත මෙම කාන්තාව රැුගෙන ගොස් ඇති අතර සෙත් ශාන්තියක් කරදෙන ලෙස එම දේවාලයේ මෑණියන්ට පවසා ඇත.

නමුත් දේවාලයේ මෑණියන් පවසා ඇත්තේ තමාට මේ සම්බන්ධව කිසිවක් කළ නොහැකි බවත්, හැකි විගසින් මෙම රෝගී කාන්තාව රෝහල කරා රැුගෙන යන ලෙසත්ය. නමුත් මියගිය කාන්තාවගේ සහෝදරියගේ බලවත් ඉල්ලීම මත දේවාලයේ මෑණියන් විසින් මෙම කාන්තාවට සෙත් ශාන්තිය සිදු කිරීමට පියවර ගෙන ඇත. එම අවස්ථාවේදී මෙම කාන්තාව සිහිසුන් වී ඇති අතර එසැණින් මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව මීරිගම පොලීසිය පවසයි. පසුව කරන ලද රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් අනතුරුව මෙම කාන්තාවට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී ඇත. මෙම තත්වය සැලකිල්ලට ගෙන කුමන අසනීප තත්වයක් ඇති වුවද, මිත්‍යා මත පසුපස හඹා නොයා හැකි විගසින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් රණසිංහ මහතා පැවසීය.

සුජාතා ජයරත්න, කල්එළිය – චන්ද්‍රවීර වික‍්‍රමරත්න
 

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%92%e0%b7%84%e0%b7%92/feed/ 0