Amendment of Article 53 of the Penal Code – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 18 Sep 2021 11:45:25 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Amendment of Article 53 of the Penal Code – Divaina https://divaina.lk 32 32 18 ට අඩු අය එල්ලන එක නවතී https://divaina.lk/18-%e0%b6%a7-%e0%b6%85%e0%b6%a9%e0%b7%94-%e0%b6%85%e0%b6%ba-%e0%b6%91%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1-%e0%b6%91%e0%b6%9a-%e0%b6%b1%e0%b7%80%e0%b6%ad%e0%b7%93/ https://divaina.lk/18-%e0%b6%a7-%e0%b6%85%e0%b6%a9%e0%b7%94-%e0%b6%85%e0%b6%ba-%e0%b6%91%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1-%e0%b6%91%e0%b6%9a-%e0%b6%b1%e0%b7%80%e0%b6%ad%e0%b7%93/#respond Sat, 18 Sep 2021 23:42:00 +0000 https://divaina.lk/?p=20973 වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින් අතින් සිදුවන වැරදි සම්බන්ධව මරණ දඬුවම් නියම කිරීම වළක්වාලීම සඳහා නීති සම්මත කර ගැනීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා දණ්ඩනීති සංග‍්‍රහයේ 53 වැනි වගන්තිය සංශෝධනය කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය පනත් කෙටුම්පත් ප‍්‍රකාශයට පත්කර තිබේ.

මේ අනුව යමෙකු වරදක් කරන අවස්ථාවේ අවුරුදු 18ට අඩු වයසක පසුවූයේ නම් එම පුද්ගලයාට එරෙහිව මරණ දඬුවම පැනවීම හෝ වාර්තා කිරීම නොකළ යුතු වෙයි.

එමෙන්ම අධිකරණය විසින් එවැනි තැනැත්තකු සඳහා මරණීය දණ්ඩනය නියම කිරීම වෙනුවට වයස අවුරුදු දහඅටට අඩු තැනැත්තන් රඳවා තැබීම සඳහා නීත්‍යනුකූලව පිහිටුවා ඇති යම් ආයතනයක ද`ඩුවමේ දක්වා ඇති නිශ්චිත කාල සීමාව දක්වා රඳවා තැබීමට නියම කළ යුතු වෙයි.

මීට අදාළ දණ්ඩනීති සංග‍්‍රහය සංශෝධන කෙටුම්පත ඉකුත් 10 වැනිදා ගැසට් පත‍්‍රයක් මගින් ප‍්‍රකාශයට පත්කර ඇත.

රනිල් ධර්මසේන

]]>
https://divaina.lk/18-%e0%b6%a7-%e0%b6%85%e0%b6%a9%e0%b7%94-%e0%b6%85%e0%b6%ba-%e0%b6%91%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1-%e0%b6%91%e0%b6%9a-%e0%b6%b1%e0%b7%80%e0%b6%ad%e0%b7%93/feed/ 0