Ananda Sagari's son Carry Ananda – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 27 Jul 2023 19:50:59 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Ananda Sagari's son Carry Ananda – Divaina https://divaina.lk 32 32 ආනන්ද සංගරීගේ පුතාට කැබිනට් ඇමැති ධූරයක් https://divaina.lk/%e0%b6%86%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b6%bb%e0%b7%93%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%94%e0%b6%ad%e0%b7%8f%e0%b6%a7-%e0%b6%9a%e0%b7%90%e0%b6%b6%e0%b7%92/ https://divaina.lk/%e0%b6%86%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b6%bb%e0%b7%93%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%94%e0%b6%ad%e0%b7%8f%e0%b6%a7-%e0%b6%9a%e0%b7%90%e0%b6%b6%e0%b7%92/#respond Thu, 27 Jul 2023 23:54:00 +0000 https://divaina.lk/?p=159210 ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආන්නද සංගරී මහතාගේ දෙවැනි පුතණුවන් කැනඩාවේ ආදිවාසී සබඳතා කටයුතු පිළිබඳව වූ කැබිනට් ඇමැතිවරයා ලෙස 25 වැනිදා පත් කර තිබේ.

කේරී ආනන්ද සංගරී නමැති ඔහු වයස අවුරුදු 10 දී තම මව සමඟ කැනඩාවට සංක්‍රමණය වූ අයෙකි. ඒ 1983 වර්ෂයේ දී ය.

ටොරොන්ටෝ හි ඔස්ගුඩ් හෝල් නීති විද්‍යාලයේ නීතිය හැදෑරූ කේරී ආනන්ද සංගරී 2006 දී උපාධිය ලබා ගත්තේය. පසුව ඔහු ටොරොන්ටෝ හි නීතිඥයකු ලෙස සේවය කළේය.

ඔහු දේශපාලනයට පිවිසියේ කැනඩාවේ ලිබරල් පක්ෂයට සම්බන්ධ වීමෙනි.

ඔහු අලුතින් නිර්මාණය කරන ලද Issugarborough-Roch Park මැතිවරණ කොට්ඨාසයෙන් 2015 ඔක්තෝබර් 19 වැනිදා ලිබරල් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ ඔහුට එරෙහිව තරග කළ Conservative පක්ෂ අපේක්ෂකයා පරාජය කරමිනි.

ඔහු දීර්ඝ කාලයක් තිස්සේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් ගැටලු වෙනුවෙන් පෙනී සිටි අයෙකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු විවිධ සංසදවලට කේරී ආනන්ද සංගරී සහභාගි වී ඇත.

දිනසේන රතුගමගේ

]]>
https://divaina.lk/%e0%b6%86%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b6%bb%e0%b7%93%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%94%e0%b6%ad%e0%b7%8f%e0%b6%a7-%e0%b6%9a%e0%b7%90%e0%b6%b6%e0%b7%92/feed/ 0