Animal trafficking – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 18 Aug 2023 20:51:37 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Animal trafficking – Divaina https://divaina.lk 32 32 කතරගම අවට වන සතුන් දඩමස් ජාවාරමක් https://divaina.lk/%e0%b6%9a%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%b8-%e0%b6%85%e0%b7%80%e0%b6%a7-%e0%b7%80%e0%b6%b1-%e0%b7%83%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b6%a9%e0%b6%b8%e0%b7%83%e0%b7%8a-%e0%b6%a2/ https://divaina.lk/%e0%b6%9a%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%b8-%e0%b6%85%e0%b7%80%e0%b6%a7-%e0%b7%80%e0%b6%b1-%e0%b7%83%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b6%a9%e0%b6%b8%e0%b7%83%e0%b7%8a-%e0%b6%a2/#respond Sat, 19 Aug 2023 23:52:00 +0000 https://divaina.lk/?p=163651 දැඩි නියං තත්ත්වය සමග බීමට ජලය සොයා යන වන සතුන් ඉලක්ක කර ගනිමින් ජල කඩිතිවලට වස විස දමා වන සතුන් මරා දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් කතරගම, සෙල්ල කතරගම ඇතුළු ප්‍රදේශ රැසකින් මේ වන විට හෙළි කර ගෙන තිබේ.

මේ වන විට කතරගම ඇතුළු ප්‍රදේශ රැසක මෙය ක්‍රියාත්මක වන බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී ඇතැයි ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් සහ යාල ජාතික වනෝද්‍යානය භාර නිලධාරි මනෝජ් විද්‍යාරත්න යන මහත්වරු පවසති.

වන සතුන් බහුලව ගැවසෙන යාල ජාතික උද්‍යානය ඇතුළු රක්ෂිත සීමාවන්හි වැව්, ජලකඩිති සිඳී ගොස් ඇති නිසා ජලය සොයා යන වනසතුන් ඉලක්ක කර ගනිමින් මෙසේ වස දීම සිදුකර වන සතුන් මරා දඩමස් ජාවාරම කරන බවට තොරතුරු ලැබී ඇතැයි ද ඔවුහු පවසති. මෙය කතරගම වන්දනාවේ එන බැතිමතුන්ට දඩමස් සැපයීම පිණිස කරනු ලබන්නක් බව ද අනාවරණය වී ඇතැයි ද සඳහන් කරති. වස මුසු කළ ජලය ලබා දීමෙන් සතුන් ඝාතනය කරන්නවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවා රාත්‍රී දෙකෙහිම වනජීවී නිලධාරීන් විශේෂ මුර සේවාවක් යොදවා ඇත. දඩ මස් ආහාරයට ගැනීමෙන් මුළුමනින්ම වළකින ලෙස ඔවුහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%b8-%e0%b6%85%e0%b7%80%e0%b6%a7-%e0%b7%80%e0%b6%b1-%e0%b7%83%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b6%a9%e0%b6%b8%e0%b7%83%e0%b7%8a-%e0%b6%a2/feed/ 0