Anoma Rajapaksa – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 27 Sep 2022 05:33:50 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Anoma Rajapaksa – Divaina https://divaina.lk 32 32 දුරකථනයෙන් තර්ජනය කර අයෝමා රාජපක්‍ෂගෙන් කප්පම් ඉල්ලූ බාබර් මාට්ටු https://divaina.lk/%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%9a%e0%b6%ae%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a%e0%b6%a2%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b6%bb-%e0%b6%85%e0%b6%ba%e0%b7%9d/ https://divaina.lk/%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%9a%e0%b6%ae%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a%e0%b6%a2%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b6%bb-%e0%b6%85%e0%b6%ba%e0%b7%9d/#respond Mon, 26 Sep 2022 23:42:00 +0000 https://divaina.lk/?p=100260 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ බිරිඳ වන අයෝමා රාජපක්‍ෂ මහත්මියට දුරකථනයෙන් තර්ජනය කර රුපියල් දසලක්‍ෂයක කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ කළ කරුණවෑමියකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව  මගින් පෙරේදා (25 දා) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 38 හැවිරිදි වියේ පසුවන ගනේෂ් ජෙගන් නමැත්තෙකි. කොලොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු සැලුන් එකක් පවත්වාගෙන යන අයෙකි.

මීට දින කීපයකට පෙර හිටපු ජනාධිපතිගේ බිරිඳ වන අයෝමා රාජපක්‍ෂ මහත්මියගේ ජංගම දුරකථනයට නාඳුනන අංකයක් ඔස්සේ ඇමතුම් ලැබී ඇත. සැකකරු අයෝමා රාජපක්‍ෂ මහත්මියට ඇමතුම් ලබාදී රුපියල් දසලක්‍ෂයක කප්පම් මුදලක් ලබාදෙන ලෙස කියමින් තර්ජනය කර තිබේ.

දින තුනකදී ඇයට ඇමතුම් 30කට වැඩි ප්‍රමාණයක් ලබාදී ඇති සැකකරු දිගින් දිගටම මුදල් ඉල්ලා තර්ජනය කර ඇත.

එහිදී හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයකු මෙම සැකකරුට පවසා ඇත්තේ මෙම දුරකථනය අයෝමා රාජපක්‍ෂ මහත්මියගේ බැවින් ඊට ඇමතුම් ලබා නොගන්නා ලෙසය. එහෙත් සැකකරු දිගින් දිගටම ඇමතුම් ලබාදී මුදල් ඉල්ලා ඇත.

පසුව මේ පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ තම බිරිඳ විදේශ රැකියාවකට යෑම සඳහා රුපියල් දසලක්‍ෂයක මුදලක් ගෙවූ බවත් එම ඒජන්සිය හිමිකරුගෙන් අදාළ මුදල් ඉල්ලා සිටි බවත්ය.

අදාළ ජංගම දුරකථනය හිටපු ජනාධිපති බිරිඳගේ බවට පැවසීමෙන් පසුවත් මුදල් ඉල්ලා තර්ජනය කිරීම බරපතළ ගැටලුවක් බව පොලිසිය පවසයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

]]>
https://divaina.lk/%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%9a%e0%b6%ae%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a%e0%b6%a2%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b6%bb-%e0%b6%85%e0%b6%ba%e0%b7%9d/feed/ 0