Apeksha Hospital – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 25 Aug 2023 17:43:41 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Apeksha Hospital – Divaina https://divaina.lk 32 32 අපේක්ෂා රෝහලට දවසකට රෝගීන් 2000ක් විතර එනවා – රෝහලේ අධ්‍යක්ෂ අරුණ ශාන්ත https://divaina.lk/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%8f-%e0%b6%bb%e0%b7%9d%e0%b7%84%e0%b6%bd%e0%b6%a7-%e0%b6%af%e0%b7%80%e0%b7%83%e0%b6%9a%e0%b6%a7-%e0%b6%bb%e0%b7%9d%e0%b6%9c%e0%b7%93/ https://divaina.lk/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%8f-%e0%b6%bb%e0%b7%9d%e0%b7%84%e0%b6%bd%e0%b6%a7-%e0%b6%af%e0%b7%80%e0%b7%83%e0%b6%9a%e0%b6%a7-%e0%b6%bb%e0%b7%9d%e0%b6%9c%e0%b7%93/#respond Fri, 25 Aug 2023 23:43:00 +0000 https://divaina.lk/?p=165046 ළමා පිළිකා රෝගීන් සුවවීමේ ප්‍රතිශයට 80%ක්

මහරගම අපේක්ෂා රෝහලට දෛනිකව බාහිර සහ සායන සඳහා 2000ක පමණ පිරිසක් පැමිණෙන බවත් 1000ක පමණ පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ අරුණ ශාන්ත මහතා පැවසීය.

ලෝකය පුරා මෙන්ම අප රටේ ද පිළිකා රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් දිවයිනේ රෝහල් රැසක පිළිකා ප්‍රතිකාර ඒකක පවතින නිසා මහරගම අපේක්ෂා රෝහලට රෝගීන් පැමිණීම යම් අඩුවක් පවතින බවත් ඒ මහතා කීය.

දෛනික පිළිකා රෝගීන් 1000ක් වාර්තා වන බවට පසුගියදා දිවයින පුවත්පතේ තිබූ වාර්තාව දෛනිකව නේවාසික ප්‍රතිකාර ලබන 1000ක් ලෙස නිවැරදි විය යුතු යැයි ද ඒ මහතා කීය.

පිළිකා රෝගීන් වාර්තා වන රටවල් අතර රෝගය සුව වීමේ වැඩි ප්‍රවණතාවක් ශ්‍රී ලංකාව තුළ පවතින බවත් පිළිකා මුල් අවස්ථාවේදී හඳුනා ගැනීමෙන් පසු එය සුව කිරීමට හැකි බවත් ඒ මහතා කීය.

ළමා පිළිකා රෝගීන් සුව වීමේ ප්‍රතිශතය සියයට 75ක් 80ත් අතර පවතින බවත් ඒ මහතා කීය.

පිළිකා සෑදීම සඳහා පාරිසරික හේතු, බුලත්විට කෑම, දුම්පානය, මත්පැන් අධික ලෙස භාවිතය ඇතුළු තවත් නොයෙකුත් හේතු රැසක් බලපාන බවත් කී ඒ මහතා පිළිකාවක් බවට හඳුනාගත් මුල් අවස්ථාවේම ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් එය සුව කරගත හැකි බවත් පැවසීය. රෝගය හඳුනා ගැනීම ප්‍රමාද වීම, හඳුනාගෙන ප්‍රතිකාර කිරීම ප්‍රමාද වීම වැනි කරුණු නිසා රෝගීන් අපහසුතාවයට පත්වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%8f-%e0%b6%bb%e0%b7%9d%e0%b7%84%e0%b6%bd%e0%b6%a7-%e0%b6%af%e0%b7%80%e0%b7%83%e0%b6%9a%e0%b6%a7-%e0%b6%bb%e0%b7%9d%e0%b6%9c%e0%b7%93/feed/ 0
අපේක්‍ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර සීමා කරලා -පොරොත්තු ලේඛන උතුරයි https://divaina.lk/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%8f-%e0%b6%bb%e0%b7%9d%e0%b7%84%e0%b6%bd%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b6%ab-%e0%b6%b4%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%8f-%e0%b6%bb%e0%b7%9d%e0%b7%84%e0%b6%bd%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b6%ab-%e0%b6%b4%e0%b7%8a/#respond Tue, 13 Jun 2023 23:40:00 +0000 https://divaina.lk/?p=150904 මහරගම අපේක්‍ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර සඳහා නව රෝගීන් කැඳවීම සීමා කිරීම හේතුවෙන් පොරොත්තු ලේඛනයේ රැඳී සිටින රෝගීන්ගේ සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

මහනුවර රෝහලේ විකිරණ ප්‍රතිකාර ලබාදීම මාස හයක සිට නවතා දැමීම නිසා එම රෝගීන් ද ප්‍රතිකාර සඳහා අපේක්‍ෂා රෝහලට යොමුකර ඇත. මේ නිසා තදබදය උග්‍රව ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.

අපේක්‍ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර යන්ත්‍රයකින් දිනකට රෝගීන් 200 කට පමණ ප්‍රතිකාර ලබාදිය හැකි වුවත් මේ වනවිට ප්‍රතිකාර ලබා දෙන්නේ රෝගීන් 150 කටත් අඩු පිරිසක් සඳහා පමණි.

මේ වනවිට රජයේ රෝහල් කීපයකම විකිරණ යන්ත්‍ර අක්‍රීය වීම නිසා රෝගීන් දැඩි අසීරුවට පත්ව ඇති අතර එම යන්ත්‍ර කඩිනමින් අලුත්වැඩියා කිරීමට අදාළ සමාගම් මේ දක්වා පියවර ගෙන නැතැයි ද වාර්තා වේ.

සුජීව තත්සර

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%8f-%e0%b6%bb%e0%b7%9d%e0%b7%84%e0%b6%bd%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b6%ab-%e0%b6%b4%e0%b7%8a/feed/ 0