Arjuna Ranathunga – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 21 Sep 2023 19:31:51 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Arjuna Ranathunga – Divaina https://divaina.lk 32 32 මුරලි ‘800’ තිරයට පෙර https://divaina.lk/%e0%b6%b8%e0%b7%94%e0%b6%bb%e0%b6%bd%e0%b7%92-800-%e0%b6%ad%e0%b7%92%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%94%e0%b6%bb%e0%b6%bd%e0%b7%92-800-%e0%b6%ad%e0%b7%92%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb/#respond Thu, 21 Sep 2023 23:50:00 +0000 https://divaina.lk/?p=170222 ටෙස්ට් ක්‍රිකට් කඩුළු 800ක් දවාගත් ලොව ප්‍රථම හා එකම ක්‍රිකට් ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟපන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වූ ‘800” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පට මාධ්‍යයට ප්‍රදර්ශනය කිරීම ඊයේ (21 දා) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝලයේදී සිදුවිය. එම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා මුත්තයියා මුරලිදරන්ට සුබ පැතූ අයුරු. ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමැති ආචර්ය බන්දුල ගුණවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්විය.

ඡායාරූපය: නිශාන් එස්. ප්‍රියන්ත

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%94%e0%b6%bb%e0%b6%bd%e0%b7%92-800-%e0%b6%ad%e0%b7%92%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb/feed/ 0
පාපන්දු සහ රග්බි තහනමෙන් මුදාගන්න ඉදිරි සති දෙකේ සාකච්ඡා – ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b7%83%e0%b7%84-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b7%83%e0%b7%84-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/#respond Thu, 22 Jun 2023 23:54:00 +0000 https://divaina.lk/?p=152614 ශ්‍රී ලංකා ක්‍රිකට් ලාභ ලැබුවේ තරග දිනලා නොවේ
පිටරට ගිහින් පනින අයට දැඩි නීති ගේන්න ඕන

ජාත්‍යන්තර තහනමකට ලක්ව ඇති ශ්‍රී ලංකා පාපන්දු සහ රග්බි ක්‍රීඩාව එම තහනමෙන් මුදා ගැනීම සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සහ ජාත්‍යන්තර රග්බි සම්මේලනයේ නිලධාරීන් සමග ඉදිරි සති දෙක ඇතුළත සාකච්ඡා කිරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා කටයුතු කරනු ඇති බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා ඊයේ (22 වැනිදා ) ප්‍රකාශ කළේය.

ඒ අනුව මේ දිනවල විදෙස් සංචාරයක නිරතව සිටින ක්‍රීඩා ඇමැතිවරයා ලබන 26 වැනිදා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නිලධාරීන් මුණ ගැසී පාපන්දු තහනම ඉවත් කිරීමට අදාළ සාකච්ඡාවල නිරතවීමට නියමිත බව ද අර්ජුන රණතුංග මහතා කීය.

එමෙන්ම ලබන මස 4 සහ 5 යන දිනවල ජාත්‍යන්තර රග්බි සම්මේලනයේ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකා රග්බි තහනම ඉවත් කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද එම නිලධාරීන් සමඟ ද ක්‍රීඩා ඇමැතිවරයා සාකච්ඡාවක නිරත වීමට නියමිත බවද අර්ජුන රණතුංග මහතා පැවසීය.

අදාළ ජාත්‍යන්තර සංගම් සමග මෙයට පෙර සිටි ක්‍රීඩා ඇමැතිවරුන් නිසි සම්බන්ධතාවක් නොපැවැත්වීම හේතුවෙන් රොෂාන් රණසිංහ මහතා දැන් පවත්වන සම්බන්ධතාව දේශපාලන බලපෑම් ලෙස ඇතැමුන් හුවා දක්වන බවද රණතුංග මහතා සඳහන් කළේය.

එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙල සහ ඊට අදාළ සූදානම පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී ඊයේ (22 වැනිදා) උදෑසන පැවති මාධ්‍ය හමුවකදී රණතුංග මහතා මෙම අදහස් දැක්වීය.

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනකු සහ නිලධාරීන් 55 දෙනකු සහභාගි කරවීමට නියමිත බවත් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් දිනා ගැනීමට ඉතා ආසන්න මට්ටමේ සිටින පිරිසක් බවත් මූල්‍ය අර්බුදය හේතුවෙන් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව සීමා කිරීමට සිදු වූ බව ද ඒ මහතා සඳහන් කළේය.

ඊට සහභාගි වීමට නියමිත නිලධාරීන් 55 දෙනාගේ ජීව දත්ත වාර්තාවන් කැඳවා ඔවුන්ගේ සුදුසුකම් මෙන්ම ඔවුන්ගේ සහභාගි වීම අත්‍යවශ්‍ය ද යන්න පරීක්ෂා කරන බව ද ඒ මහතා පැවසීය.

එසේම ජාත්‍යන්තර තරගවලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරුදන් වීම අවම කර ගැනීම සම්බන්ධයෙන් නීති තද කිරීමට කටයුතු කරන බවද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වීමේදී මීට පෙර අය කරන ලද රුපියල් ලක්ෂ පහක ඇප බැඳුම්කරය රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවද රණතුංග මහතා සඳහන් කළේය.

ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේ යළි රටට නොපැමිණීමේ ප්‍රවණතාව එන්න එන්න වැඩි වීම නිසා ඉදිරියේදී අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වීසා ලබා ලබා ගැනීම ආදී ගැටලුවලට මුහුණදීමට සිදුවනු ඇති බවද රණතුංග මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේ දී රුපියල් බිලියන 6.3 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති බව සඳහන් කළ ද එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතාවක් හෝ පරිපාලනයේ හැකියාවක් නොව මුදල් ලාභයක් පමණක් බවද ඒ මහතා කීය.

“මේ මුදල් ලැබුණේ ක්‍රීඩා කිරීමෙන් හෝ ජයග්‍රහණ ලබා ගැනීමෙන් නොවේ. විකාශන අයිතිය ලබාදීම සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබෙන අනුග්‍රහකත්වයන් නිසයි. ඒ වගේම මේ මුදල්වලින් ඔවුන් ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා කොපමණ මුදලක් වැය කර තිබෙනවාද කියලා බලන්නත් ඕන. ඔවුන් අනෙක් ක්‍රීඩා සඳහා ද මුදල් වැය කරනවා. එහෙත් එම කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය හරහා සිදුවෙනවා නම් තමයි හොඳ. මොකද ක්‍රීඩා අමාත්‍යාංශය තමයි හරියටම දන්නේ මොන ක්‍රීඩාවලටද මුදල් අවශ්‍ය කියලා.”

පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව කෙතරම් පහළට වැටී ඇත්ද යන්න පිළිබඳව තමන්ට දැඩි කනගාටුවක් ඇති බවද එම කනගාටුව දැන් මේ වන විට බියක් බවට පත්ව ඇත්තේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ කඩඉම ජය ගැනීමට අප කණ්ඩායමට හැකිවේ ද යන්න පිළිබඳව බවය.

ශ්‍රී ලංකාව පුහුණු කාර්ය මණ්ඩලය සඳහා ඩොලර් දහස් ගණන් වියදම් කර විදේශයන්ගෙන් පුහුණුකරුවන් ගෙන්වා ගන්නා බවද ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩක දුලීප් මෙන්ඩිස් මහතා විසින් පුහුණු කරනු ලබන ඕමාන කණ්ඩායම ඔවුන්ගේ පළමු තරග දෙකම ජයග්‍රහණය කළ බවද රණතුංග මහතා සඳහන් කළේය.

“අපේ දක්ෂ හිටපු ක්‍රීඩකයන් විදෙස් රටවල පුහුණු කාර්යයන් සඳහා පිටත් වෙනවා. අපි පිටරටවලින් කට්ටිය ගෙන්න ගන්නවා. ඇති වූ දියුණුවක් නැහැ. අපේ ජීවිත කාලයට අපි හිතුවේ නැහැ අපේ කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ තරග ක්‍රීඩා කරන්න වෙයි කියලා. අපි ක්‍රීඩා කරන කාලයේ ඇෆ්ගනිස්තානය ක්‍රිකට් ගැහුවෙවත් නැහැ. ඒත් ඔවුන් දැන් අපට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා අපේ ක්‍රිකට් එක ගැන අපි මීට වඩා හිතන්න ඕන.”

ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික ලසිත ගුණරත්න සහ මේජර් ජෙනරාල් රාජිත අම්පෙ මොහොට්ටි යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.

කුෂාන් සුබසිංහ

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b7%83%e0%b7%84-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/feed/ 0