Asia Cup 2023 – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 15 Sep 2023 22:22:03 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Asia Cup 2023 – Divaina https://divaina.lk 32 32 ආසියානු කුසලානය කාටද? තරඟය අද කොළඹදී https://divaina.lk/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8f%e0%b6%a7%e0%b6%af-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9f/ https://divaina.lk/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8f%e0%b6%a7%e0%b6%af-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9f/#respond Sat, 16 Sep 2023 23:54:00 +0000 https://divaina.lk/?p=169319 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) ප.ව. 3.00 ට ආරම්භ වේ.

ශ්‍රී ලංකාව පසුගිය වසරේද ආසියානු කුසලාන ශූරයෝය. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ආසියානු කුසලානය 6 වතාවක් ජයග්‍රහණය කර ඇත. ඉන්දියාව 7 වතාවක් එහි ශූරයන් වී තිබේ. අද තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ හොත් ඉන්දියාව සමග ශූරතාවය දිනූ අවස්ථා ගණන සමාන වනු ඇත. 16 වැනි වරට පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාව මෙවර සුදුසුකම් ලබා තිබෙන්නේ එකොළොස් වැනි වතාවටය.

කුෂාන් සුබසිංහ

]]>
https://divaina.lk/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8f%e0%b6%a7%e0%b6%af-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9f/feed/ 0
ආසියානු කුසලාන අවසන් මහා සටන හෙට https://divaina.lk/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f/ https://divaina.lk/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f/#respond Fri, 15 Sep 2023 23:55:00 +0000 https://divaina.lk/?p=169260 පකිස්තානයට එරෙහිව කඩුලු 2 ක තියුණු ජයග්‍රහණයක් ලබමින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව එම කුසලානය දිනා ගැනීමේ අටියෙන් ඉන්දියාව සමග හෙට (17 වැනිදා) සටනට පිවිසේ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට ප.ව. 3.00 ට තරගය ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාව පසුගිය වර කුසලාන ශූරයන් ලෙස මෙවර තරගාවලියට එක් වූයේය.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ආසියානු කුසලානය 6 වතාවක් ජයග්‍රහනය කර ඇති අතර ඉන්දියාව 7 වතාවක් එහි ශූරයන් වී තිබේ.

අද තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ හොත් ඉන්දියාව සමග ශූරතාවය දිනු අවස්ථා ගණන සමාන වනු ඇත.

16 වැනි වරට පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාව මෙවර සුදුසුකම් ලබා තිබෙන්නේ එකොළොස් වැනි වතාවටය.

අවසන් පන්දුව තෙක්ම ජයග්‍රාහී කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය කිරීමට නොහැකි තරමටම අතිශය තියුණුකාරී මුහුණුවරක් ගත් පාකිස්තානයට එරෙහි තරගයේදී අවසන් පන්දුවේදී ශ්‍රී ලංකාව ජය වාර්තා කළේය.

වර්ෂාවෙන් බාධා වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 42 ක් ඇතුළත ලකුණු 252 ක ඉලක්කයක් හිමි වුණු අතර එහිදී කඩුලු 8 ක් දැවී ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉලක්කය පසුකර ගියේ අවසන් පන්දුවේදීය.

අවසන් පන්දු 2 දී ශ්‍රී ලංකා ජයග්‍රහණයට ලකුණු 6 ක් අවශ්‍ය වූ අතර එම පන්දු දෙක යැවූ සමාන් ඛාන් හමුවේ පස්වැනි පන්දුවට තර්ඩ් මෑන් කලාපය දෙසින් පන්දුව හතරේ සීමාවට යැවූ අසලංක අවසන් පන්දුවේදී ෆයින්ලෙග් කළාපයට පන්දුව යොමු කරමින් ලකුණු 2 කට පැති මාරු කර ගත්තේය.

තරගය හමාර වන විට පන්දු 47 කට මුහුණ දී සිටි චරිත් අසලංක හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟ ලකුණු 49 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට සැනසුම් සුසුම් ගෙන ආවේය. තරගයේ අවසන් කොටස අසලංකට ඇදගෙන යෑමට ප්‍රධාන අඩිතාලම එක් කළ කුසල් මෙන්ඩිස් අද දිනයේදීත් ශතකය පෙනි පෙනී දැවී ගියේ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වෙමිනි. පන්දු 87 කට මුහුණ දුන් කුසල් හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 91 කට දැවී ගියේ මොහොමඩ් හැරිස්ගේ සුපිරි උඩ පන්දු රැකීම හමුවේය. මෙම සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට ඔහුට තරගයේ වීරයා සම්මානය ද හිමිවිය.

දිමුත් කරුණාරත්න වෙනුවට එම තරගයට කැඳවා තිබූ කුසල් පෙරේරා (17) දුවද්දී දැවී යෑමකට හසුව දැවී ගියද පැතුම් නිස්සංකට එක් වූ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 57 ක්ද සධීර සමරවික්‍රම සමඟ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 98 කදී ලකුණු 100 ක් ද රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ. කුසල්ට අනගි සහායක් ලබා දුන් සධීර පන්දු 47 කදී ලකුණු 49 ක් රැස් කරමින් සිටියදී සීමා ඉරෙන් ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට යෑමේදී කඩුල්ල අහිමි කර ගත්තේය.

වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා ප.ව. 5.15 දක්වා ප්‍රමාදව ඇරඹුණු මෙම තරගයේදී එක් පිලකට පන්දු වාර 45 කට සීමා විය. කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායමේ පළමු කඩුලු 5 ම ලකුණු 130 කදී උදුරා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. 28 වැනි පන්දු වාරයේ සිව්වැනි පන්දුව යැවීමත් සමඟ තරගයට යළිත් බාධා පැමිණීම නිසා තරගය මිනිත්තු කීපයක්ම නතර කර තැබීමට විනිසුරුවන්ට සිදුවිය.

එතෙක් වේලා ශ්‍රී ලංකා කණ්ඩායමේ වාසියට තිබුණු තරගයේ සියලුම වාසි වර්ෂාවෙන් පසු පාකිස්තානු පිල වෙත අද්දවා ගැනීමට මොහොමඩ් රිස්වාන් සහ ඉෆ්තිකාර් අහමඩ් සමත් වූහ. ඒ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78 කදී ලකුණු 108 ක සම්බන්ධතාවක් පවත්වමිනි. මෙය ආසියානු කුසලාන තරගයකදී පාකිස්තානු කණ්ඩායමක් 6 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ඉහළම වාර්තාව ලෙසින්ද සනිටුහන් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් වැඩිම කඩුලු ලාභියා බවට පත්වූයේ මතීෂ පතිරණ වන අතර ඔහු කඩුලු 3 ක් දවා ගත්තේය. අවම ලකුණු සංඛ්‍යාවක් දෙමින් වේල්ලාලගේ තම පන්දු වාර 9 ලකුණු 40 කදී කඩුලු 1 ක් වශයෙන් සටහන් කර ගන්නා විටදී මතීෂගේ පන්දු වාර 8 දී ලකුණු 65 ක් ලබා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්ව සිටියහ. කසුන් රජිත වෙනුවට කණ්ඩායමට පැමිණ සිටින ප්‍රමෝද් මදුෂාන් ලකුණු 58 ක් ඇතුළත කඩුලු 2 ක් දවා ගත්තේය.

කුෂාන් සුබසිංහ

]]>
https://divaina.lk/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f/feed/ 0
හෙට රට දිනවමු https://divaina.lk/%e0%b7%84%e0%b7%99%e0%b6%a7-%e0%b6%bb%e0%b6%a7-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%80%e0%b6%b8%e0%b7%94/ https://divaina.lk/%e0%b7%84%e0%b7%99%e0%b6%a7-%e0%b6%bb%e0%b6%a7-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%80%e0%b6%b8%e0%b7%94/#respond Fri, 15 Sep 2023 23:52:00 +0000 https://divaina.lk/?p=169222
හෙට රට දිනවමු
]]>
https://divaina.lk/%e0%b7%84%e0%b7%99%e0%b6%a7-%e0%b6%bb%e0%b6%a7-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%80%e0%b6%b8%e0%b7%94/feed/ 0
වැස්සෙන් පස්සේ අශ්ව වෙස් ගත් පකිස්තානයෙන් ප්‍රබල ඉලක්කයක් https://divaina.lk/%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%9a-%e0%b6%85%e0%b7%81%e0%b7%8a%e0%b7%80-%e0%b7%80%e0%b7%99%e0%b7%83%e0%b7%8a/ https://divaina.lk/%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%9a-%e0%b6%85%e0%b7%81%e0%b7%8a%e0%b7%80-%e0%b7%80%e0%b7%99%e0%b7%83%e0%b7%8a/#respond Thu, 14 Sep 2023 23:55:00 +0000 https://divaina.lk/?p=168891 ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ඊයේ (14 වැනිදා) පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය කඩුලු 7 ක් දැවී ලකුණු 252ක් රැස් කළේය.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා මෙන්ම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම සඳහා ද ශ්‍රී ලංකාවට පන්දු වාර 42 කදී ලකුණු 253 ක ඉලක්කයක් හිමි විය.

වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම පැය 2 යි විනාඩි 15 කින් පමණ ප්‍රමාද වූ අතර ඒ හේතුවෙන් තරගයේ එක් ඉනිමක් ඕවර 45 කට සීමා වූයේය.

අනතුරුව ප.ව.7.32 ට පමණ නැවත වර්ෂාව පතිත වීමෙන් තරගය මඳ වේලාවකට නතර වූ අතර ඒ හේතුවෙන් තවත් පන්දු වාර 3 ක් අඩු කර පන්දු වාර 42 ක තරගයක් ලෙස ක්‍රියාත්මක විණි.

වර්ෂාව නිසා තරගය නතර කරන විට පකිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 130 ක් රැස් කර ගෙන සිටි අතර පන්දු වාර 27.4 ක් ක්‍රියාත්මක කර තිබුණු අතර ඉන් පසුව ක්‍රියාත්මක කළ පන්දු වාර 14 යි පන්දු දෙක තුළදී පකිස්තානය වේගවත් ලකුණු 122 ක් රැස් කළේය. ඒ අතරතුර 6 වෙනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ රිස්වාන් සහ ඉෆ්තිකාර් අතර ලකුණු 108 ක සම්බන්ධතාවයට වැය වී තිබුණේ පන්දු 65 ක් පමණි. ඉෆ්තිකාර් පන්දු 40 කට ලකුණු 47 ක් ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය සඳහා දිමුත් කරුණාරත්න සහ කසුන් රාජිත වෙනුවට කුසල් පෙරේරා සහ ප්‍රමෝද් මධුෂාන් කැඳවා තිබුණි.

පාකිස්තානය තරගයට පිවිසියේ වෙනස්කම් 5 ක් සමගිනි. එහිදී ඉමාම් උල්හක්, අගා සල්මාන්, ෆාහීම් අෂ්රෆ්, නසීම් ෂා සහ හාරිස් රවුෆ් වෙනුවට අබ්දුල්ලා ශෆීක්, මොහොමඩ් හාරිස්, මොහොමඩ් නවාස්, මොහොමඩ් වසීම් සහ සමාන් ඛාන් කණ්ඩායමට එක් කර ගෙන තිබුණි.

පකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆීක් අර්ධ ශතකයක් ලබා ගනිමින් දස්කම් දැක් වූ අතර නායක බාබර් අසාම් දුනිත් වෙල්ලාලගේ ගේ පන්දුවක් හමුවේ ලකුණු 29කට දැවී ගියේය.

අබ්දුල්ලා ශෆීක් සිය අර්ධ ශතකය 65 වැනි පන්දුවේදී ලබාගත්තද තවත් පන්දු 4 කට පමණක් මුහුණ දී සිටියදී මතීෂ පතිරණගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේය.

ශෆික් සමග ඉනිම ඇරඹූ ෆකර් සමාන් ප්‍රමෝද් මධුෂාන් ගේ අනගි යෝකර් පන්දුවක් කඩුල්ල තුළට ඇදී ඒම හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවතට යෑමට සිදුවිය.

මොහොමඩ් හැරිස් සහ මොහොමඩ් නවාස් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ දෙදෙනා සමත් වූහ.

පකිස්තාන ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ මොහොමඩ් රිස්වාන් පන්දු 48 කදී අර්ධ ශතකයක් ලබා ගත්තේය.

හයේ පහර දෙකක් සහ හතරේ පහර 3 ක් ඔහුගේ අර්ධ ශතකයට ඇතුළත් වූ අතර ඔහු ලබා දුන් ස්ටම්ෆ් කිරීමේ අවස්ථාව කුසල් අතින් මග හැරෙනවිට රිස්වාන් ලබා ගෙන තිබුණේ ලකුණු 11 ක් පමණි.

ඔහු සහ ඉෆ්තිකාර් අහමඩ් අතර ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩනැඟීමට වැය වී තිබුණේ පන්දු 42 ක් පමණි.

රිස්වාන් නොදැවී ලකුණු 86 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේදී දුර්වල පන්දු රැකීම් කිහිපයක් වාර්තා කළ අතර කඩුලු රකින කුසල් මෙන්ඩිස් අතින් උඩ පන්දුවක් සහ ස්ටම්ෆ් කිරීමේ අවස්ථාවක් ද ගිලිහී ගියේය.

ලකුණු සාරාංශය

පකිස්තානය 252/7 (42)

අබ්දුල්ලා ශෆික් 52, ෆකර් සමාන් 04, බාබර් අසාම් 29, මොහොමඩ් හැරිස් 03, මොහොමඩ් රිස්වාන් නොදැවී 86, ඉෆ්තිකාර් අහමඩ් 47, ශදාබ් ඛාන් 03, මොහොමඩ් නවාස් 09, ශහීන් ශා අෆ්රිඩි නොදැවී

පන්දු යැවීම

ප්‍රමෝද් මධුශාන් 7, මහීෂ් තීක්ෂණ 9-42-1, දසුන් ශානක 3-18-0, මතීෂ පතිරණ 8-65-3 දුනිත් වෙල්ලාලගේ 9-40-1, ධනංජය ද සිල්වා 06-28-0,

කුෂාන් සුබසිංහ

]]>
https://divaina.lk/%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%9a-%e0%b6%85%e0%b7%81%e0%b7%8a%e0%b7%80-%e0%b7%80%e0%b7%99%e0%b7%83%e0%b7%8a/feed/ 0
වෙල්ලාලගේ ඉන්දියාව අල්ලා හොල්ලයි https://divaina.lk/%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%bd%e0%b6%9c%e0%b7%9a-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%85%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f/ https://divaina.lk/%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%bd%e0%b6%9c%e0%b7%9a-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%85%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f/#respond Tue, 12 Sep 2023 23:55:00 +0000 https://divaina.lk/?p=168523 ලොව ප්‍රබල පිතිකරුවන් ලෙස නමක් දිනා ඇති විරාත් කෝලි, රෝහිත් ශර්මා, ශුබ්මන් ගිල්, ලෝකේෂ් රාහුල් සහ හර්දික් පාන්ඩයා අවුරුදු 20 ක් වයසැති ශ්‍රී ලංකා යෞවනයකුගේ පන්දු හමුවේ දමනය වීම කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ඊයේ (12 වැනිදා) දිස් වූයේය.

ඒ සමගම මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ සුපිරි වටය යටතේ ශ්‍රී ලංකාව සමග ඊයේ පැවති තරඟයේදී ඉන්දිය පිතිකරුවෝ සියලු දෙනා ලකුණු 213 කට දැවී ගියහ.

ඒ අනුව ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රතිවාදී කණ්ඩායමේ සියලු දෙනා දවා ගත් 14 වැනි අවස්ථාව ලෙසට සිය ලෝක වාර්තාව තවදුරටත් ඉදිරියට රැගෙන යෑමට සමත් වූයේය.

ලකුණු 40 කට කඩුලු 5 ක් දවා ගනිමින් දුනිත් වෙල්ලාලගේ පෑ දස්කම් ඉන්දීය ඉනිමේ සියලු දෙනා දවා ගැනීමේ ප්‍රධාන බලවේගය වූ අතර චරිත් අසලංක කඩුලු 4 ක් දවා ගනිමින් එහි ඉතිරි වගකීම ඉටු කළේය.

පළමු පන්දු වාර 11 අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 80 ක් ලබා ඉන්දියාව ප්‍රබල ස්ථානයක සිටියදී පන්දුව අතට ගත් යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ තම ප්‍රථම පන්දුවෙන්ම ශුබ්මන් ගිල් දවා ගත්තේය.

දුනිත්ගේ එම පන්දුවට ඉදිරි පාදයේ ආරක්ෂිත පහරක් එල්ල කිරීමට ගිල් උත්සාහ කළ ද එම උත්සාහය වැරදීමෙන් බිමින් ගැලවී ගිය කඩුල්ලේ වම් ඉන්න අල්ලා ගැනීමට කඩුලු රකින කුසල් මෙන්ඩිස්ටවත් නොහැකි විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තමා සහභාගි වූ අවසන් එක්දින ජාත්‍යන්තර තරග හතරේදීම ශතක වාර්තා කර තිබූ (අවසන් ශතකය වාර්තා කර පැය 24 ක් ඉක්මවා යෑමට පෙර) විරාත් කෝලිගේ ඉනිම ලකුණු 3 කට සීමා කරමින් සිය දෙවෙනි කඩුල්ල වාර්තා කිරීමට දුනිත් සමත් වූයේය.

පෙරේදා පකිස්තාන පන්දු යවන්නන්ට එළව එළවා පහර දුන් කෝලි ඊයේ ආරම්භයේ පටන්ම දුනිත් ඉදිරියේ ආරක්ෂාකාරී ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ ද ඔහු සිය 12 වැනි පන්දුවට එල්ල කළ පහර නායක දසුන් වෙත ලබා දුන් තිළිණයක් මෙන් විය.

කෝලිගේ පිත්තේ වැදුණු පන්දුව ඉතා පහසු උඩපන්දුවක් ලෙස දසුන් දෑතෙන් රැක ගනිද්දී ප්‍රේමදාස පිටිය එකම ඝෝෂාවකින් ඇළලී ගියේය.

පන්දු 44 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර 7 ක් සමගින් ඊයේ සිය 51 වැනි එක් දින ජාත්‍යන්තර අර්ධ ශතකය ලබා සිටි ඉන්දීය නායකයාට තමා දැවී ගිය බව අදහා ගැනීමටද මද වේලාවක් ගත විය.

දුනිත් එල්ල කළ පන්දුවට පසු පාදයේ ආරක්ෂිත පහරකට ඉන්දීය නායකයා යොමු වුවද එම පන්දුව ඔහුගේ පිත්ත සහ පා ආවරණ අතරින් රිංගා පා ඉන්න බිඳ දැමුවේය.

ශර්මාට පසුව ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ මෙන්ම පෙර දින ශතක ලාභී ලෝකේෂ් රාහුල් ද දුනිත් හමුවේ දැවී ගියේ ඔහු අතටම උඩ පන්දුවක් ලබා දීමෙනි.

ඉන්දීය ප්‍රවේගකාරී පිතිකරු හර්දික් පාණ්ඩයා ලකුණු 5 ක් සඳහා පන්දු 18 ක් පිටියේ රැඳී සිටිය ද ඔහුගේ පිටත අග්‍රය ස්පර්ශ කරමින් ඇදී ආ පන්දුව කුසල් මෙන්ඩිස්ගේ අත් ආවරණ තුළට යොමු වූයේ ඉන්දීය බලාපොරොත්තු තවත් සුන් කරමිනි.

ඒ සමගම එක් දින ජාත්‍යන්තර තරගයක සිය පළමු කඩුලු 5 අවස්ථාව සටහන් කර ගත් වෙල්ලාලගේ අඩුම වයසින් කඩුලු 5ක් දවා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයාගේ වාර්තාව ද තමාගේ නමට ලියා ගත්තේය. එම වාර්තාව ඊට පෙර සටහන්ව තිබුණේ 2001 වසරේදී චරිත බුද්ධික හමුවේය.

වෙල්ලාලගේ විසින් උඩ පැන රැක ගන්නා ලද අනගි උඩපන්දුවත් සමග සිය කඩුලු දඩයම ආරම්භ කළ චරිත් අසලංක තම පන්දු යැවීම නිමා කළේ ඔහුගේද ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරමිනි.

අසලංක හමුවේ ඉශාන් කිෂන්, කුල්දීප් යාදව්, රවීන්ද්‍ර ජඩේජා, ජස්ප්‍රිට් බුම්රාහ් දැවී ගියේය.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට චරිත් සිය පන්දු වාර 9 තුළදී ලකුණු 18 කට කඩුලු 4 ක් දවා ගෙන තිබුණේ ය.

ඉන්දියාව මැද පෙළ අවසන් පිතිකරුවන්ට චරිත්ගෙන් ගැලවීමක් නොවූ අතර චරිත්ට සහ වෙල්ලාලගේට අනගි සහායක් ලබා දුන් ධනංජය ද සිල්වා සිය පන්දු වාර 10 ලකුණු 28 කින් අවසන් කළේය.

ලකුණු සාරාංශය

ඉන්දියාව 213/10 (50)

ශුබ්මන් ගිල් 19, රෝහිත් ශර්මා 53, විරාත් කෝලි 03, ලෝකේෂ් රාහුල් 39, ඉශාන් කිෂන් 33, හර්දික් පාන්ඩයා 05, රවීන්ද්‍ර ජඩේජා 04, අක්සාර් පටෙල් 26, ජස්ප්‍රිට් බුම්රාහ් 05, මොහොමඩ් සිරාජ් නොදැවී 05, කුල්දීප් යාදව් 00

පන්දු යැවීම

කසුන් රාජිත 4-30-0, මහීෂ් තීක්ෂණ 9.1-41-1, දසුන් ශානක 3-24-0, මතීෂ පතිරණ 4-27-0 දුනිත් වෙල්ලාලගේ 10-40-5, ධනංජය ද සිල්වා 10-20, චරිත් අසලංක 9-18-4

කුෂාන් සුබසිංහ

]]>
https://divaina.lk/%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%bd%e0%b6%9c%e0%b7%9a-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%85%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f/feed/ 0