Asian Pacific Regional Bodybuilding and Body Modeling 2023 Tournament – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 22 Sep 2023 18:13:16 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Asian Pacific Regional Bodybuilding and Body Modeling 2023 Tournament – Divaina https://divaina.lk 32 32 ජපානයේදී පදක්කම් පැළඳ දිවයිනට එති https://divaina.lk/%e0%b6%a2%e0%b6%b4%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b6%b4%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90%e0%b7%85%e0%b6%b3-%e0%b6%af%e0%b7%92/ https://divaina.lk/%e0%b6%a2%e0%b6%b4%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b6%b4%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90%e0%b7%85%e0%b6%b3-%e0%b6%af%e0%b7%92/#respond Fri, 22 Sep 2023 23:53:00 +0000 https://divaina.lk/?p=170472 ජපානයේ පැවති ආසියානු ෆැසිපික් කලාපීය කායවර්ධන සහ ශාරීරික නිරූපන 2023 තරගාවලියේ දී රන් පදක්කමක් සහ සිව් වන ස්ථාන දෙකක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ පෙරේදා (21) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය ජපානයේ ටෝකියෝ නුවර 09/16 දින සිට 09/17 දින දක්වා රටවල් 23 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කගේ සහභාගිත්වයෙන් පවත්වා තිබුණි.

එහිදී කිලෝ ග්‍රෑම් 70 – 75 බර පංතිය යටතේ කායවර්ධන අංශයෙන් තරග කළ සුමිත් චන්දන ද සිල්වා එහි ශූරතාවය දිනා ගනිමින් රන් පදක්කම හිමි කර ගෙන තිබුණි.

ඊට අමතරව ජීන්ස් මොඩ්ල් අංශයෙන් තරග කළ තරංග සංජීව සහ ස්පෝර්ට්ස් මොඩ්ල් අංශයෙන් තරග කළ අකිල ශාමික ප්‍රනාන්දු යන දෙදෙනා ද එම අංශ වලින් සිව් වන ස්ථානය දිනා ගෙන තිබුණි.

ජපානයේදී පදක්කම් පැළඳ දිවයිනට එති

ඔවුන් පිළිගැනීම සඳහා කායවර්ධන සහ ශාරීරික නිරූපන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

එසේම මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අවුරුදු 50 ට වැඩි කායවර්ධන අංශයෙන් තරග කළ රුවන් රණසිංහ ද එම අංශයේ ශූරතාවය දිනා ගනිමින් රන් පදක්කමක් හිමිකර ගෙන තිබූ අතර, ඔහු මෙම පිරිස සමග මෙරටට පැමිණ නොතිබුණි.

කටුනායක – ටී. කේ. ජී. කපිල

]]>
https://divaina.lk/%e0%b6%a2%e0%b6%b4%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b6%b4%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90%e0%b7%85%e0%b6%b3-%e0%b6%af%e0%b7%92/feed/ 0