Astrology – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 04 Oct 2022 11:26:33 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Astrology – Divaina https://divaina.lk 32 32 ආණ්ඩුව හූනියම්වලට බයද? https://divaina.lk/%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80-%e0%b7%84%e0%b7%96%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%b6%e0%b6%ba%e0%b6%af/ https://divaina.lk/%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80-%e0%b7%84%e0%b7%96%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%b6%e0%b6%ba%e0%b6%af/#respond Wed, 05 Oct 2022 00:00:00 +0000 https://divaina.lk/?p=101833 ලබන අවුරුද්දේ ජනවාරි මාසය වෙද්දී කන්න නැතිව රට සෝමාලියාවක් වන බවත්, ගණිකා වෘත්තිය නීතිගත කරනු ඇති බවත් ජ්‍යෝතීර්වේදියකු විසින් පවසනු ලැබ ඇත. මේ අතර මීට සති කිහිපයකට පෙර ආධ්‍යාත්මවේදියකු ලෙසත් රෙකී මාස්ටර් කෙනකු ලෙසත් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන්නකු ලෙසත් පෙනී සිටින තවත් පුද්ගලයකු කියන පරිදි මේ මාසයේ 13 වැනිදායින් පසු ජනාධිපතිතුමාට බලය අතහැර යෑමට සිදුවේ. ආධ්‍යාත්මවේදය යනු කිසිදු ආකාරයකින් අර්ථ නිරූපණය කළ හැකි ක්‍රමවේදයක් නොවේ. ආධ්‍යාත්මවේදියා සතු බලය කුමක් ද යන්න කිසිදු තැනක හරිආකාරව නිර්වචනය වී නැත. කෙසේ වුවද මෙවැනි පුද්ගලයන් කියන දේවල් අසා ජනතාව සංත්‍රාසයට පත්වෙති. ලබන අවුරුද්දේ රට සෝමාලියාවක් බවට පත්වන්නේ යැයි කියන එකා දැමූ වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ ප්‍රචාරය වෙමින් පවතී. රට සෝමාලියාවක් වීම කිසිදු ආකාරයක සෙල්ලමක් නොවේ. සෝමාලියාව යනු ඉතා භයානක සමාජ සහ ආර්ථික ක්‍රමයක් තිබෙන පරිහානිගත රටකි. මුහුදු කොල්ලකරුවෝ ඒ රටේ එක් පැත්තක් පාලනය කරති. ඒ කියන කොටසේ නීතියක් නැත. ස්ත්‍රී දූෂණ, ගණිකා වෘත්තිය, ආහාර අහේනිය, සමාජ රෝග, මිනීමැරුම්, මං පැහැරීම් යනාදිය ඒ ප්‍රදේශයේ දෛනික ජන ජීවිතයේ කොටස්ය. මේ නිසා ඒ රටේ නව යෞවනයන් අත පවා ගිනි අවියක් තිබේ. ඒ හැම කෙනෙක්ම කල්පනා කරන්නේ ඉස්සරහින් එන එකා හෝ පිටුපසින් එන එකා තමන්ට වෙඩි තියනු ඇති බවය. ඒ අනුව කිසියම් රටක් සෝමාලියාව බවට පත්කිරීම ඉතා බියකරු සහ පරිහානිගත තත්ත්වයක් බවට පත්වන්නේය.

ශ්‍රී ලංකාව, ආර්ථික වශයෙන් අප්‍රිකානු මහාද්වීපයේ කිසියම් දුප්පත් රටක තත්ත්වයකට පත්වුණත් සෝමාලියාව වැනි රටක් හා සම වීමට කිසිසේත්ම ඉඩ නැත. එබැවින් මේ කතාව පෙරකී ආධ්‍යාත්මවේදියාගේ මොළයේ හටගත් මාන්දම් තත්ත්වයක් බව විශ්වාස කරමු. ඇඟේ මාන්දම පෝෂ්‍යදායක ආහාරවලින් ගොඩදමාගත හැකිය. එහෙත් මොළේ මාන්දමට බෙහෙත් අප දන්නා පරිදි තවම හොයාගෙන නැත. එසේම ලබන අවුරුද්දේදී ශ්‍රී ලංකාව තුළ ගණිකා වෘත්තිය නීතිගත කිරීමට කිසිදු ඉඩක් නැත. ශ්‍රී ලංකාව සංස්කෘතික වශයෙන් අමුතු රටකි. මේ රට අදටත් යම් ප්‍රමාණයක Conservative තත්ත්වයක පවතී. ලිබරල් සහ රැඩිකල් අදහස් රට පුරා එමට ඇතත් අවසාන විග්‍රහයේදී වැඩි දෙනා රාත්‍රී කාලයේදී නින්දට යන්නේ Conservative මතධාරීන් ලෙසය. ගණිකා වෘත්තීය මේ රට තුළ හැමදාමත් තිබුණේය. එහෙත් එය තව අවුරුදු පනහකටවත් නීතිගත වීමට කිසිදු ඉඩක් නැත. සමරිසි ප්‍රජාව සහ සමරිසි අයිතිවාසිකම් පිළිබඳ කතන්දරය බරපතළ විවාදවලට තුඩු දෙමින් ශ්‍රී ලංකාව තුළ දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවතින. එසේම සමරිසි සම්බන්ධකම් ද එදත් අදත් මේ රටේ ලිංගික සංස්කෘතියේ උප කොටසක් ලෙස තිබිණ. එහෙත් තව දශක ගණනාවකටවත් සමලිංගික විවාහ නීතිගත කිරීමට මේ රටේ තිබෙන Conservative මතධාරීත්වය ඉඩ දෙන්නේ නැත.

ජ්‍යෝතිෂය බොරුවක් යැයි අපි නොකියමු. විශ්ව ශක්තිය නමැති සාධකය විශ්වයෙන් උරාගෙන එමගින් රෝගියකුට බෙහෙත් කිරීමට හැකි බවක් විද්‍යාත්මකව ඔප්පු කර නැත. ඒ නිසා ආධ්‍යාත්මවේදය, විශ්ව ශක්තිය වැනි සාධක විකුණමින් ධනය උපයන පල් හොරුන්ට එරෙහිව ආණ්ඩුව කුමක් හෝ කළ යුතුය. දේවගැතිවරුන් විසින් දේව බලයෙන් ලෙඩ සුව කරන්නට යෑම නිසා මිය යන රෝගීන් ගැන අපට විටින් විට අසන්නට ලැබේ. ඒ අතර ලෙඩ සුව කිරීමට යැයි කියමින් නව යොවුන් ගැහැනු දරුවන් සිය දේවාලයට ගෙන්වා ගන්නා හොර කපුවෝ ඔවුන් දූෂණය කරති. මෙවැනි හොර කපුවෙක් මේ දිනවල රිමාන්ඩ් කූඩුවේ කල්ගත කරයි. මෙයට කලකට පෙර උතුරු පළාතේ සිටි දේවගැතිවරයෙක් විශාල ටැංකියකට වතුර පුරවා ඒ ශුද්ධ වූ ජලය බව කියමින් රෝගීන් ඒ ටැංකියේ ඔබා ඔවුන්ගේ රෝග සුව කිරීමට උත්සාහ කළහ. එහෙත් රෝග සුවවීම කෙසේ වුවද මෙහිදී ස්වසන රෝගීන් දෙතුන් දෙනෙක් ජල සන්නිය හැදී මිය ගියහ. 2015 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පැරදුනොත් හිසට වෙඩි තබාගන්නා බවට ප්‍රසිද්ධියේ පොරොන්දුවක් දුන් ආධ්‍යාත්මවේදියෙක් පිළිබඳවද මෙහිදී සිහිපත් කළ යුතුය. අන්තිමේදී මහින්ද රාජපක්ෂ පැරදුනේය. ආධ්‍යාත්මවේදියා අදටත් ජීවතුන් අතර ය.

ජනතාව තුළ භීතිය හටගන්වන කට කතා පැතිරවීම නීති විරෝධී ක්‍රියාවකි. එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස ද සැලකිය හැකිය. කිසියම් රටක් කඩා වැටෙන බව කියමින් සහ එම රටේ අනාගතයට බලපාන සහ ජන ජීවිතය කඩාකප්පල් කරන කතන්දර පතුරවන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ආණ්ඩුවට අයිතියක් ඇත. කිසියම් තරුණයෙක් ෆේස්බුක් එකෙන් බොරුවක් ඇදබෑවොත් ඒකා අල්ලාගෙන කෝටුමස් කිරීමට හැම ආණ්ඩුවක්ම සූදානම් ය. එහෙත් ජනතාව බියපත් කරමින් කටකතා පතුරන චෞර ආධ්‍යාත්මවේදීන්ට එරෙහිව ආණ්ඩුව පියවර ගැනීමට ආණ්ඩුව භය ඇයි? ඔවුන් හූනියම් කරනු ඇතැයි ආණ්ඩුව සිතන්නේද?

]]>
https://divaina.lk/%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80-%e0%b7%84%e0%b7%96%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%b6%e0%b6%ba%e0%b6%af/feed/ 0
බල, නැණ, පින, ගෙනදෙන එක, පහ, නවය https://divaina.lk/%e0%b6%b6%e0%b6%bd-%e0%b6%b1%e0%b7%90%e0%b6%ab-%e0%b6%b4%e0%b7%92%e0%b6%b1-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b6%af%e0%b7%99%e0%b6%b1-%e0%b6%91%e0%b6%9a-%e0%b6%b4%e0%b7%84-%e0%b6%b1%e0%b7%80%e0%b6%ba/ https://divaina.lk/%e0%b6%b6%e0%b6%bd-%e0%b6%b1%e0%b7%90%e0%b6%ab-%e0%b6%b4%e0%b7%92%e0%b6%b1-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b6%af%e0%b7%99%e0%b6%b1-%e0%b6%91%e0%b6%9a-%e0%b6%b4%e0%b7%84-%e0%b6%b1%e0%b7%80%e0%b6%ba/#respond Sat, 24 Sep 2022 23:48:00 +0000 https://divaina.lk/?p=99486 ඕං නමඃ ශිවාය ඕං ගනේෂාය නමඃ

ලග්නයෙන් ආත්මීය බලය ද, ගුණාංගයන් ද, පස්වැන්නෙන් දැනුම, බුද්ධිය හා ක්‍රියාකාරි බවද, නවවැන්නේ තත්ත්වයෙන් මිනිසකු සතු ප්‍රභාව ද වාසනාවන්ත බවද, පිළිබිඹු කරන අතර එය මෙලොව තුළ පතුරාලීමේ වාසනාව හා බුද්ධිමය මෙහෙයැවීම විiාව, ප්‍රඥාව යන කරුණු සමග සංකලනය කොට ශුභ සිද්ධිය සඳහා ලොවට ඉදිරිපත් කරවීම හා පවත්වාගෙන යෑම යන කරුණු පිළිබඳව පස්වැන්න දායක වෙද්දී එම ස්ථාන දෙක තුළින් ඉස්මතු කරවනු ලබන කුසලතාවයන්ගේ ක්‍රියාකාරීත්වය වඩාත් දීප්තිමත් කරවමින් මිනිසකු සතු ගුණය, දැනුම, වාසනාව හා ඒ මත ගොඩනැඟෙන යහපත් වූ බලය තුළ ජීවිත දීප්තිමත් කරලීමේ තත්ත්වයද, ඒ සඳහා බාහිර සියල්ලන්ගේ උපකාරයද, එකඟතාවයද, ලබාදෙන නවවැන්න හා එහි බලයලත් ඒකරාශි වී හෝ සංයෝග වී හෝ වෙන වෙනම හෝ කේන්ද්‍රියක එක, පහ, නවය යන ස්ථානාධිපතීන් එම ස්ථානයන්හිම හෝ බලවත්ව සිටියදී උපත ලද ජන්මියකුගේ ජීවිතය තුළ පවත්නා ක්‍රියාකාරීත්වය ඉතාමත් වාසනාවන්ත ලෙස හසුරුවනු ලබන්නේ සූර්යාලෝකය ලැබීමෙන් ලෝකයම ආලෝකවත් කරන්නා සේය.

මේ ජන්ම කේන්ද්‍රියක ත්‍රිකෝණ බලයයි.

එක, පහ, නවය මේ තැන්වල අධිපතියන් එක්ව සිටීම, ඔවුනොවුනගේ ශුභ දෘෂ්ටි හා බලවත්වීම කෙනකුගේ ජීවිතය සමෘද්ධිමත් වීමට හේතුවනු ලබන බව ශාස්ත්‍රීමය සිද්ධාන්තයක් විසින් අපට පෙන්වා දේ. ලග්නාධිපතියත් පහ අධිපතියාත් නවය අධිපතියාත් නිරතුරුවම යම් ජන්මියකුට යහපතක්ම සකස් කරවනු ලබන අතර මෙම තිදෙනා ඒකරාශ වීම හෝ සංයෝගය තුළින් යහපත් ප්‍රතිඵල අධික වශයෙන් ලබාදෙන බව පෙන්වයි. ත්‍රිකෝණ බලය ලග්නයෙන් පමණක් නොව කේන්ද්‍රයක ඒ ඒ ස්ථාන අනුකූලව ද යෙදෙනු ඇත්තේය.

එක, පහ, නවය ලග්න ත්‍රිකෝණය වශයෙන් ද දෙක, හය, දහය ධන ත්‍රිකෝණය වශයෙන් ද තුන, හත, එකොළහ විවාහ ත්‍රිකෝණ වශයෙන් ද පහ, නවය, එක විiා ත්‍රිකෝණය ලෙසද, නවය, පහ, එක යන තැන් භාග්‍ය ත්‍රිකෝණය වශයෙන් ද දැක්වේ. මෙසේම කේන්ද්‍රයක සියලු ස්ථාන සම්බන්ධයෙන් ත්‍රිකෝණ බලය ක්‍රියාත්මක වනු ඇත්තේය. ඒ ඒ ස්ථානයන්ට අනුරූපව ත්‍රිකෝණ බලය ක්‍රියාත්මක වේ.

කටක, වෘශ්චික, මීන යන රාශී ත්‍රිත්වයට සඳු, කුජ, ගරු සංයෝගය ද, සිංහ, ධනු, මේෂ රාශීන්ට කුජ, රවි, ගුරු, සංයෝගය ද ඉතාමත් වැදගත් වනු ලබන අතර ඒ ඒ ත්‍රිකෝණාධිපතියන් ඒ තැන්වල එක්ව යෙදීම හේතුවෙන් එම ජන්මීන්ගේ තත්ත්වය බුද්ධියෙන් ද, බලයෙන් ද, ධනයෙන් ද, වාසනා ගුණයෙන් ද ආඪ්‍ය කරවන තත්ත්වයකට පත් කරවනු ඇත්තේය.

වෘෂභ, කන්‍යා, මකර යන රාශීන්හිදී ශනි ශුක්‍ර බුධ සංයෝගය ඒ ඒ අධිපතිත්වය මත ඒ ඒ තැන්වල යෙදීමෙන් ද, මීන, තුලා, කුම්භ යන රාශීන්ට ශනි, ශුක්‍ර, බුධ එකට යෙදීම ද ශුභ ඵල අධික කරවනු ලබන්නේය. නිරතුරුවම නැතත් කලාතුරකින් යෙදෙන මෙම යෝග තත්ත්වයන් මත ඒවා බලවත් ගණයේ යෝග වශයෙන්ද, බොහෝ දෙනා වසඟයට ගත හැකි වශී යෝග බලයක් ඒ ඒ ජන්මීන්ට පිහිටන බවක් ද පෙන්වයි. එමෙන්ම ඒවා යම් යම් විටෙක රාජයෝග වශයෙන් ද ඉදිරිපත් වනු ඇත. විශේෂයෙන් ලග්නය පහ, නවය අධිපතිත්වය මත යෙදෙන මෙම යෝගවලදී එම තත්ත්වයට කාරක වන ග්‍රහයන් තිදෙනාටම ක්‍ෂේත්‍ර බලයක් හිමි නොවන නමුත් බොහෝවිට ඉන් එක් ග්‍රහයකුට හෝ දෙදෙනකුට ක්‍ෂේත්‍ර බල උරුම වීමේ තත්ත්වය මත ඒ ඒ භාවයන්ට හිමි කාරකත්වය ඉතා යහපත් ලෙසින් වඩාත් උරුම කර දේ. මෙම තත්වය ලග්නයේ යෙදීමෙන් ජන්මියාගේ තේජවන්ත බව අධික ලෙසින් ප්‍රකාශ කරවීමෙන් පාලනය, දැනුම, ආත්ම සංයමය, වාසනාව හා වාසනාව මත පිහිටනු ලබන ගුණාංග හා කුසලතා ප්‍රකට කරවීමත් ඉතා හොඳින් ඉස්මතු කර දේ.

කන්‍යා ලග්නයෙන් උපත ලද අනගාරික ධර්මපාලතුමාගේ කේන්ද්‍රයේ ලග්නගතව පහ, නවය අධිපති වශයෙන් බුධ, ශනි, ශුක්‍ර යන ග්‍රහයන් සමග ලග්නාධිපති වූ බුධ බලවත්ව මෙහිදී බුධ ට දහය අධිපතිත්වය ද හිමිව යෙදුන මෙම යෝග බලයෙන් ස්වකීය ධර්ම ඥානය මෙන්ම වාග් චාතුර්යය ද සෘජු බව ද ලෝකයා අවනත කර ගැනීමේ හැකියාව ද, අභීත වූ දහම් මෙහෙවරක පුරෝගාමියකු කරවීමේ තත්ත්වයකට ද තම නාමය හා බලය ප්‍රකට කරවීමේ තත්ත්වයට ද හේතුවක් වූ බව පෙන්වා දේ. මෙහිදී ලග්නයේ යෙදුණ භද්‍ර යෝගය ද මෙම තත්ත්වය වඩාත්ම වේගවත් කරවීමට හේතුවක් වූයේය. බෙරළුගොඩ සිංහයා නමින් හඳුන්වනු ලැබූ පිලිප් ගුණවර්ධන මහතා ද තුලාවෙන් ඉපිද ත්‍රිකෝණාධිපතියන් වූ ශනි, බුධ, ශුක්‍ර තුන්වැන්නේ යෙදීමෙන් සහජත්වය හා වික්‍රමවන්ත බව උරුමයට දී සමාජමය හා දේශපාපලනික වශයෙන් හෙතෙම බලවත් තත්ත්වයකට පත්කර වූයේය. ලෝක ප්‍රසිද්ධ බවට පත් මාරි කියුරි මහත්මිය ද කුම්භ ලග්නයෙන් ඉපදී දශවැන්නේ යෙදුන එක, පහ, නවය අධිපති සංයෝගය (ශනි, බුධ, ශුක්‍ර යෝග) තුළ ඇය බලවත් බවට පත්කොට නොබෙල් ත්‍යාගය ලැබීමේ භාග්‍යය ද උදාකර දුන්නේය. ඇමරිකානු ජනාධිපතිවරයකු වූ ලින්ඩන් ජොන්සන් මහතාගේ ලග්නය සිංහය වී එක, පහ, නවය, රවි, ගුරු, කුජ ලග්නගතව රාජ යෝග බලයක් එතුමාට ලබාදුන් බව පෙන්වයි.

මහාචාර්ය ජී. පී. මලලසේකර දෙවැන්නේ බුධ, ශනි, ශුක්‍ර යෝගය යෙදී තුලාවෙන් උපත ලබා දැනුම ධනය වශයෙන් ද ධනය දැනුම ලෙස සලකා ධනය දැනුම බව ඔප්පු කරවමින් සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය තුළින් විශේෂ වූ ජාතික මෙහෙවරකට ලක්වීමෙන් ගෞරවනීය තත්ත්වයකට පත්වූයේය. එසේම උපන් කේන්ද්‍රයේ මෙම ග්‍රහයන් තිදෙනා ඒ ඒ ස්ථානවල එනම් එක, පහ, නවය අධිපතියන් ඒ ඒ තැන්වලම ක්‍ෂේත්‍ර බලයෙන් යුක්ත වූයේ නම් මෙයටත් වඩා බලයක් ගෙනදෙන බව පෙන්වයි. එහෙත් එසේ යෙදෙනුයේ ඉතාමත් කලාතුරකින්ය. සැප, සම්පත්, දැනුම, වාසනාව, නිස්කලංක බව සමග අභිවෘද්ධිය ද මෙයින් උදාකර දෙනු ඇත්තේය. එසේම මෙයින් යමකුගේ ආධ්‍යාත්මික ගුණය වර්ධනය කිරීමේ විශේෂ බලයක් උදාකරවනු ඇත. බොහෝවිට මෙබඳු තත්ත්වයේ යෙදෙනුයේ ඉතාම අල්ප ලෙසිනි. ඇතැම් විට පහ එක, එක නවය, නවය පහ, නවය එක, සංයෝගයන් බහුල වශයෙන් යෙදීමේ ඉඩකඩ ඇති අතර එක, පහ, නවය යන ස්ථාන තුනම සම්පූර්ණ වන අවස්ථා ද යෙදෙනුයේ ඉතාමත්ම කලාතුරකිනි.

එසේම එක, පහ, නවය ඔවුනොවුනට ශුභ දෘෂ්ටි සහිත වීමේ බලය ද කේන්ද්‍රයක හෝ ජීවිතයක ජය මෙන්ම සශ්‍රීක බව වර්ධනය කරයි.

දසවැන්නාධිපතියා පහ, නවය අධිපතියන්ගේ දෘෂ්ටියට ලක්ව සිටීම ද රැකියා තත්ත්ව මෙන්ම සමාජ තත්ත්වය මෙන්ම උසස් බව ගෙන දීමට ද නිරවුල් ජීවන තත්ත්වයක් මතුකර දීමට ද හේතුවක් කරවන්නේය. කෙසේ නමුදු එක නවය, පහ නවය, දහය නවය, නවය පහ සංයෝගයන් ද වාසනාව වෙත වාසනාවන්ත ලෙස ජීවිතය ගෙන යෑමට විශේෂ හේතුවක්ම වන බැව් ද සඳහන් කළ යුතුම වේ.

හේලී ජ්‍යොතිෂඥ
කාව්‍යශ්‍රී බී.එස්.යූ.කේ. දිසානායක
දු.අංකය – 0785616120

]]>
https://divaina.lk/%e0%b6%b6%e0%b6%bd-%e0%b6%b1%e0%b7%90%e0%b6%ab-%e0%b6%b4%e0%b7%92%e0%b6%b1-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b6%af%e0%b7%99%e0%b6%b1-%e0%b6%91%e0%b6%9a-%e0%b6%b4%e0%b7%84-%e0%b6%b1%e0%b7%80%e0%b6%ba/feed/ 0
හොඳට නරකට අධිපති මනමාල සිකුරාගේ  ග්‍රහ සංයෝග  මෙන්න https://divaina.lk/%e0%b7%84%e0%b7%9c%e0%b6%b3%e0%b6%a7-%e0%b6%b1%e0%b6%bb%e0%b6%9a%e0%b6%a7-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%b8%e0%b6%b1%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd-%e0%b7%83%e0%b7%92/ https://divaina.lk/%e0%b7%84%e0%b7%9c%e0%b6%b3%e0%b6%a7-%e0%b6%b1%e0%b6%bb%e0%b6%9a%e0%b6%a7-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%b8%e0%b6%b1%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd-%e0%b7%83%e0%b7%92/#respond Sat, 17 Sep 2022 23:43:00 +0000 https://divaina.lk/?p=98007 මනමාල කමට අධිපතියා වන්නේ සිකුරු ග්‍රහයා ය. සිකුරා ලැබීම සිකුරු නළලේ යැයි පවසන්නේ සිකුරු මහ දශාවක් හෝ අතුරු දශාවක් ලැබීමෙන් ස්ත්‍රී පුරුෂයන්ගේ මංගල කරුණු ඉෂ්ට සිද්ධ වෙන බවයි. එමෙන්ම සිකුරුගෙන් මිනිස් සත්ත්වයන්ට හොඳ මෙන්ම නරක ද අත්වේ.

 සිකුරා ගෙන් මිනිසාට ලෞකික සැප සම්පත් ලබාදීම, කීර්තිය, ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වය, ධනය ලැබීම, සුන්දර, වශීයක් ඇති රූ සපුවක් ජන්මියාට උරුම කර දීම හා ප්‍රසන්න පෙනුම රැකදීම, ජනයා අතර කැපී පෙනීම, නිසි වයසට මංගල්‍යයක් සිදුවීම, ස්ත්‍රී පුරුෂයන්ගේ කාම නිල ඇවිස්සීම, ප්‍රාණවත්වීම, අනියම් පෙම් සබඳතා හා පරදාර සේවනයෙහි වයස් නොබලා හැසිරීම, ආදියෙන් ස්ත්‍රී පුරුෂයන් පහත් තත්ත්වයට ඇද දැමීම, විකෘති කාමාශාවන්වලින් අධිකව කාම උමතු කිරීම් ඇති කිරීමට සිකුරු බලපායි. තවද සිකුරුගේ බල වැඩිවීමෙන් ස්ත්‍රී පුරුෂයන් අතිධාවනකාරී වීම නිසා ඔහුට හෝ ඇයටත් සමාජයටත්, කරදර හිරිහැර ඇතිවීමෙන් විවාහ ජීවිතය පවා කඩාකප්පල්වීමට බලපෑම් එල්ල වේ. එසේ නම් සිකුරු ග්‍රහයා සමග සංයෝග යෙදෙන්නේ මෙසේය.

 ශුක්‍ර – රවි සංයෝගය

 මෙම යෝගය ඇති තැනැත්තා පිරිසිදුව හා පිළිවෙළට සිටීමට ප්‍රිය අයෙකි. සංගීත කලාවට ප්‍රිය කරයි. විවෘත මනසක් ඇත. වාසනාවන්ත විවාහයක් සිදුවේ. විවාහ වූ සහකාරියගෙන් දායාද ලැබේ.

 ශුක්‍ර – සඳු සංයෝගය

 නිතර සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වීමට කැමැතිය. කිසිම දෙයක බරක්පතලක් ගැන තැකීමක් නැතිව ක්‍රියා කරයි. අලුත් දේවල්වලට ඇල්මට ප්‍රියක් දක්වයි. ඉක්මන් කෝපය නිසා තරහ ඇති වේ. එහෙත් එය වැඩි වේලාවක් හිතේ නොදරයි. නාට්‍ය ගීත, සංගීතයට, නැටුම්වලට, කලාවට, සාහිත්‍යයට ඇල්ම ඇති වේ. ශෘංගාරයට ඇලුම් කරයි.

 ශුක්‍ර – කුජ සංයෝගය

 අති ධාවනකාරී යෝගයකි. බාල, මහලු, තැන නොතැන නොබලා කාමයේ හැසිරේ. විකෘති කාමුක ක්‍රියාවන්ට ඇලුම් කරයි. ස්ත්‍රීන් – ස්ත්‍රීන් සමග ද පුරුෂයන් සමග ද කම්සැපයෙහි යෙදේ. කාමයෙන් උමතු වෙයි. එනිසා ජන්මියා තම සිත පාලනය කරගැනීම ඉතා වැදගත් වේ. එසේ නොමැති වුවත් තමාට කරදර විපත්වලට මුහුණ පෑමට සිදුවේ. සමාජයෙන් නින්දා අපහාස විඳීමට සිදුවේ. කෙළි සෙල්ලමෙන් කාලය ගතකරයි. එහෙත් කාරුණික හදවතක් ඇත. ඉක්මනින් හැඟීම්බරවන්නෙකි.

 ශුක්‍ර – බුධ සංයෝගය

 කාගෙත් සිත් දිනා ගැනීමට සමතෙකි. පිරිසිදුව, චරිතවත්ව ජීවත්වීමට උත්සාහ දරයි. කලාවට හිත බඳී. ආගම දහමට ලැදිවේ. උසස් අය ඇසුරට පත්වීම ප්‍රිය කරයි.

 ශුක්‍ර – ගුරු සංයෝගය

 දේපළ ලාභ ලැබීමේ වාසනාව ඇති වේ. තම ඥාතීන්ගෙන් උදව් උපකාර බොහෝ සේ ලැබේ. පවුල් දිවිය යහපත් කරන විවාහයන් සිදුවේ.

 ශුක්‍ර- ශනි සංයෝගය

 දැඩි ආත්ම විශ්වාසයක් ඇති අයෙකි. ජීවිතයේ දියුණුව ළඟාකර ගැනීමට දැඩිව උත්සාහ කරන්නෙකි. මුදල් හරිහම්බ කිරීමට උත්සාහ කරයි. වෙහෙස මහන්සි වේ. පෙර පිනකට ධන සම්පත් මුදල් ලැබේ. ජීවිතයේ අන් සියලු දෙයට වඩා මුදල් අගය කරයි.රඳවා ගනී. විවාහ දිවිය එතරම්ම සාර්ථක නොවීමට ඉඩ ඇත. නැතිනම් විවාහයක් සිදු නොවීමට හැකිය. කාම ඉන්ද්‍රියයන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම අප්‍රාණිකවීම, පුබුදුවාලීමට නොහැකිවීම, අක්‍රියවීම ඇති වේ.

ඉඳුවර ගෞරව සම්මානනීය
 ජ්‍යොතිෂ විද්‍යාජෝති ගුප්ත විද්‍යාකීර්ති, වාස්තු විද්‍යා උපදේශක,
 දේශබන්දු සාමවිනිසුරු – රඹුක්කන ජිනදාස එදිරිසිංහ
 පොලිසිය අසල,077 – 0730062

]]>
https://divaina.lk/%e0%b7%84%e0%b7%9c%e0%b6%b3%e0%b6%a7-%e0%b6%b1%e0%b6%bb%e0%b6%9a%e0%b6%a7-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%b8%e0%b6%b1%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd-%e0%b7%83%e0%b7%92/feed/ 0