Aswesuma Project – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 29 Aug 2023 18:58:45 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Aswesuma Project – Divaina https://divaina.lk 32 32 අස්වැසුම ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් බැංකුවලට කෝටි 500ක් https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8-%e0%b6%9c%e0%b7%99%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%b7%e0%b7%8f%e0%b6%ab%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8-%e0%b6%9c%e0%b7%99%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%b7%e0%b7%8f%e0%b6%ab%e0%b7%8a/#respond Tue, 29 Aug 2023 23:50:00 +0000 https://divaina.lk/?p=165705 ලංකා බැංකුව – මහජන බැංකුව අදත් විවෘතයි

කෝටි 439.5ක් ගිණුම්වලට යවා අවසන්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා රු. කෝටි 500 ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් බැංකු වෙත යොමු කළ බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

එම මුදල ලබාදුන්නේ අභියාචනා හෝ විරෝධතා නොමැති දැනට තෝරාගෙන ඇති ලක්ෂ 8 ක් පමණ වන අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ගෙවීම සඳහා බව ද රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

මේ සමඟ සම්බන්ධවී සිටින රාජ්‍ය බැංකු කැඳවා ඔවුන් සමඟ කිසිදු බාධාවකින් තොරව මෙම නව වැඩපිළිවෙළ යටතේ ප්‍රතිලාභ ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු ගැන ඊයේ (29දා) සාකච්ඡා කළ බව ද රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා කීවේය.

මේ අතර අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදු කිරීම සඳහා අද (30දා) පොහොය දිනයක් වුවත් ලංකා බැංකුව සහ මහජන බැංකුව විවෘතව තැබෙන බව ද රජය කියයි.

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා බැංකුවලට ලබාදුන් රු. කෝටි 500න් රු. කෝටි 439.5ක් ඊයේ (29) බැංකු විසින් අස්වැසුම ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට තැන්පත් කර ඇත. හඳුනාගත් අස්වැසුම ප්‍රතිලාභීන් මිලියන දෙක අතුරින් ප්‍රතිලාභීන් මිලියන 1.5කට අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කළ බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

මේ අනුව ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා දීමනා දැනටමත් ගෙවා ඇති බවද මුදල් රාජ්‍ය ඇමැතිවරයා තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8-%e0%b6%9c%e0%b7%99%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%b7%e0%b7%8f%e0%b6%ab%e0%b7%8a/feed/ 0
‘අස්වැසුම’ තවත් ලක්‍ෂ 12කට දිය හැකියි https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-12%e0%b6%9a%e0%b6%a7/ https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-12%e0%b6%9a%e0%b6%a7/#respond Fri, 18 Aug 2023 23:49:00 +0000 https://divaina.lk/?p=163582 අස්වැසුම සහනාධාරය තවත් ලක්‍ෂ 12ක පමණ පිරිසකට ලබාදීමට හැකි බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පසුගියදා රැස්වූ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ දී දැනුම් දී ඇත.

අස්වැසුම ලබාගැනීමට මේ වනවිට ලක්‍ෂ 08ක ජනතාවක් සුදුසුකම් ලබා ඇති බවද එහිදී එම මණ්ඩලය හෙළිකර තිබේ. අස්වැසුම ප්‍රතිලාභ අහිමි වීම පිළිබඳව මේ වනවිට අභියාචනා ලක්‍ෂ 10කට අධික ප්‍රමාණයක් ලැබී ඇත.

මෙම අභියාචනා පරීක්‍ෂා කිරීමේ කටයුතුවලට ග්‍රාම නිලධාරීන් මැදිහත් වීම නුසුදුසු බව ග්‍රාමනිලධාරී සංගම් එම කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇති අතර සමෘද්ධිය කපා දැමුවේය යන චෝදනාව ජනතාවගෙන් තමන් වෙත ලබාගැනීමට සූදානම් නැති බවත් ඔවුන් සඳහන් කර ඇත.

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස්විය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-12%e0%b6%9a%e0%b6%a7/feed/ 0
අස්වැසුමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b6%a7-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b6%a7-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/#respond Tue, 25 Jul 2023 23:50:00 +0000 https://divaina.lk/?p=158761 ගිවිසුම් ගතවීමට කැබිනට් අනුමැතිය

දිළිඳු සහ අවදානමට ලක්වූවන්ට ඉලක්කගත ආදායම් සහායක් සහ ජීවනෝපාය අවස්ථා ලබා දෙමින් අස්වැසුම සමාජ ආරක්‍ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව වෙතින් අරමුදල් සපයා ගැනීම පිණිස ගිවිසුම්ගත වීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන් ලෝක බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වීමට ඉකුත් මැයි මස අටවැනිදා පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබිණි. ඒ අනුව කෙරුණු සාකච්ඡාවන්හිදී අස්වැසුම සමාජ ආරක්‍ෂණ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 185 ක්ද තෝරාගත් ප්‍රතිලාභීන් ආර්ථීක වශයෙන් සවිමත් කිරීම පිණිස නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ඩොලර් මිලියන 07 ක් සහ සමස්ත ව්‍යාපෘතිය කළමනාකරණය වෙනුවෙන් ඩොලර් මිලියන 08 ක්ද ලෙසින් ඩොලර් මිලියන දෙසීයක මුදලක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබිණි.

අදියර තුනක් යටතේ ලෝක බැංකුව මගින් එම අරමුදල් සැපයීමට නියමිත අතර එම මුදල් ලබා ගැනීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමඟ ගිවිසුම්ගත වීමට මෙසේ කැබිනට් අනුමැතිය ලබාදී ඇත.

මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

සමන් ගමගේ, ශ්‍යාම් නුවන් ගනේවත්ත

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b6%a7-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/feed/ 0
අස්වැසුම අවුල් කළේ පලපුරුද්දක් නැති නිලධාරි – එස්.එම්.චන්ද්‍රසේන https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8-%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b7%85%e0%b7%9a-%e0%b6%b4%e0%b6%bd%e0%b6%b4%e0%b7%94%e0%b6%bb/ https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8-%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b7%85%e0%b7%9a-%e0%b6%b4%e0%b6%bd%e0%b6%b4%e0%b7%94%e0%b6%bb/#respond Fri, 21 Jul 2023 23:44:00 +0000 https://divaina.lk/?p=158065 අස්වැසුම වැඩපිළිවෙලේ සමීක්ෂණ කටයුතුවල විශාල අඩුපාඩු තිබෙන බවත් එම සමීක්ෂණයට සහභාගිකරවාගත යුතු නිලධාරීන් යම් හේතුන් මත ඉවත්වීමෙන්, පළපුරුද්දක් නොමැති නිලධාරීන් සමීක්ෂණ කටයුතුවලට සහභාගි කරගැනීමට යොමුවීම වැඩපිළිවෙල අසාර්ථක වීමට හේතුවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ දින (21 දා) පැවැතිප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා මේසේ ද කීවේය.

“අද සමාජ අර්බුදයක් බවට පත්වෙමින් පවතින අස්වැසුම ව්‍යාපෘතිය සම්බන්ධව ඊයේ පාර්ලිමේන්තුවේදී ජගත් කුමාර මන්ත්‍රීතුමා අපෙනුත් අත්සන් යෝදා ගත්තා මෙය පුළුවන් නම් කල් දාන්න කියලා. නැතිනම් නැවත සංශෝධනය කරලා ඉදිරිපත් කරන්න, නැතිනම් මෙය ප්‍රමාද කරන්න කියලා.

අපි දන්නවා මේ සමෘද්ධි ව්‍යාපාරය හරහා අපේ රටේ ඉතාම අසරණ අහිංසක ජනතාවට සේවයක් වුණා. නොයෙකුත් ව්‍යාපෘති, ඒ වගේම තවත් ආර්ථික උත්පාදන වැඩසටහන්, පශු සම්පත්, ධීවර කටයුතුවලට, කෘෂිකාර්මික කටයුතු වලට , ගමේ ආර්ථිකය සංවර්ධනය කරන්නට අවශ්‍ය වැඩපිළිවෙලවල් විශාල ප්‍රමාණයක් මේ සමෘද්ධි ව්‍යාපාරය තුළ තිබුණා. ඒ නිසා මේ ව්‍යාපාරයෙන් දියුණුවෙච්ච පිරිසකුත් අද අපේ රටේ ඉන්නවා. ඒ වැඩපිළිවෙළට හානියක් වන ආකාරයට අස්වැසුම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා නම් සමාජයේ ලොකු අර්බුදයක් බවට පත්වෙනවා කියන එක අපි පිළිගන්න ඕන කාරණයක්.

මේ ප්‍රශ්නය එනකන් බලාගෙන ඉන්න පිරිසක් අපේ රටේ උද්ඝෝෂණ කරන්න, විරෝධතා කරන්න ඉන්නවා. ඒ පිරිසට අපි මේවා පාවිච්චි කරන්න දෙනවාද? එහෙම නැතිනම් මෙහි වෙනත් වැඩපිළිවෙළක් අපි හදාගන්නවාද කියන එක පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාටත්, රජයටත්, අපිටත් වගකීමක් තිබෙනවා. මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කරපු සමීක්ෂණයේ විශාල වැරදි තිබෙනවා. මේ වැරදිවෙන්න හේතුව තමයි මෙයට යොදන්න හිටියේ රජයේ නිලධාරිවරු. සමෘද්ධි නිලධාරිවරයා, ආර්ථික සංවර්ධන නිලධාරී වගේ පිරිස්. මේ වැඩසටහනට ඔවුන් සම්බන්ධ වුණේ නෑ, යම් යම් කාරණා කියලා එතනින් ඉවත් වුණා. ඉන්පසු මේ පිළිබඳව අවබෝධයක්, අත්දැකීමක්, පළපුරුද්දක් නැති පිරිසක් තමයි සමීක්ෂණ කටයුතු කළේ. එතනින් තමයි අපිට වැරැද්ද සිදුවුණේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන නැවත සමීක්ෂණයක් කරලා සුදුස්සාටම මේ අස්වැසුම වැඩසටහනින් ප්‍රතිපල ලබාදෙන්න ඕන. අස්වැසුම වැඩසටහනේදී වැඩිපුර යම්කිසි මුදලක් මේ අසරණ ජනතාවට දෙන්නත් ලෑස්තිකරලා තිබෙන්නේ. හැබැයි එය නිවැරදිව කළොත් අපිත් ඒ ස්ථාවරයේ සිටිනවා.”

එරික් ගාමිණී ජිනප්‍රිය

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8-%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b7%85%e0%b7%9a-%e0%b6%b4%e0%b6%bd%e0%b6%b4%e0%b7%94%e0%b6%bb/feed/ 0
අස්වැසුම අභියාචනා හා විරෝධතා සලකා බැලීම දිස්ත්‍රික් ලේකම් මට්ටමින් – රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%a0%e0%b6%b1%e0%b7%8f-%e0%b7%84%e0%b7%8f-%e0%b7%80%e0%b7%92%e0%b6%bb/ https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%a0%e0%b6%b1%e0%b7%8f-%e0%b7%84%e0%b7%8f-%e0%b7%80%e0%b7%92%e0%b6%bb/#respond Tue, 11 Jul 2023 23:51:00 +0000 https://divaina.lk/?p=155967 ‘අස්වැසුම’ සුබසාධන දීමනා සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා හා විරෝධතා සම්බන්ධයෙන් සලකා බැලීමේ කටයුතු ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදු කරනු ලබන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අස්වැසුම සුබසාධන දීමනා සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා දැක්වීමේ කාල සීමාව ඉකුත් පෙරේදා (10දා) අවසන් විය.

මෙම අස්වැසුම දීමනා සම්බන්ධයෙන් අභියාචනා 968,000 ක් සහ විරෝධතා 17,500 ක් ලැබී ඇති බවත් මේවා ගැන සලකා බැලීම ආරම්භ කිරීමට කටයුතු සූදානම් බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි. මෙම දීමනා අවශ්‍ය සියලුම පාර්ශ්වයන් හඳුනාගනිමින් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට ඔවුන් ඇතුළත් කිරීමේ කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදු වන බව ද හෙතෙම අවධාරණය කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%a0%e0%b6%b1%e0%b7%8f-%e0%b7%84%e0%b7%8f-%e0%b7%80%e0%b7%92%e0%b6%bb/feed/ 0
අස්වැසුම, හිස්වැසුම සහ ඇස් වැසුම https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8-%e0%b7%84%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8-%e0%b7%83%e0%b7%84-%e0%b6%87%e0%b7%83/ https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8-%e0%b7%84%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8-%e0%b7%83%e0%b7%84-%e0%b6%87%e0%b7%83/#respond Sun, 02 Jul 2023 23:55:00 +0000 https://divaina.lk/?p=154364 ලංකාව ස්වයංපෝෂිත වූ රාජ්‍යයකි. ඒ මොනවායින්ද? සහල් වලින්ද? එළවළු වලින්ද? වෙනත් ආහාර පාන වලින්ද? නැත. ලංකාව ස්වයංපෝෂිතව ඇත්තේ ඒ කිසිවකින් නොව පළමුව දේශපාලනඥයන්ගෙනි. ඉන්දියාවටත් ඇතිවන තරමට දේශපාලනඥයෝ මෙහි සිටිති. ඊළඟට, වැඩ වර්ජන සහ උද්ඝෝෂණ ව්‍යාපාර වලින්ද ලංකාව ස්වයං පෝෂණය වී තිබේ. මේ දිනවල මේ රටේ පවතින ලොකුම උද්ඝෝෂණ රැල්ල වූකලී අස්වැසුමට එරෙහි ව්‍යාපාරයයි. අස්වැසුම ට හිමිකම් ඇති අයද, ඒ සඳහා හිමිකම් නැති අයද, ඒ ගැන දන්නා අයද, නොදන්නා අයද, පාරේ යන අයද එකතු වී අස්වැසුමට එරෙහිව බෝඩ් අල්ලාගෙන සිටිති. මේ රටේ ජනයාගෙන් වැඩිදෙනා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට විරුද්ධව බෝඩ් උස්සාගෙන සිටින්නේ ඒ ගැන කිසිත් නොදැනය. ඒ අතර කිසියම් විද්වතුන් පිරිසක් ප්‍රතිව්‍යුහගතකරණය යන වචනය වෙනුවට ප්‍රශස්තකරණය යන වචනය යෙදූහ. ඒ වචනයේ තේරුම විරෝධතාකරුවන්ගෙන් 99% ක් දන්නේ නැතත් විරෝධතා කිරීම එසේම පවතී.

අස්වැසුම යනු කුමක්ද? මෙය සිංහල භාෂාවේ ඇති ඉතාම සහනදායී වචන වලින් එකකි. එහෙත් දේශපාලනයට පැමිණි විට මිනිස්සු මේ වචනය සමග තරහ වූහ. අස්වැසුම යනු ආර්. ප්‍රේමදාස අගමැති ධුරය දැරූ කාලයේදී පටන්ගත් ජනසවිය ව්‍යාපාරය රීබ්‍රෑන්ඩ් (Re brand) කිරීමකි. චන්ද්‍රිකා ජනාධිපතිව සිටි කාලයේදී ජනසවිය යන වචනය සමෘද්ධිය යනුවෙන් රීබ්‍රෑන්ඩ් කර තිබිණ. මොන වචනයෙන් ආවත් අදටත් සමෘද්ධි ලාභියකුට ලැබෙන්නේ රුපියල් 3500 ක් පමණි. මෙය යුරෝපයේ දියුණු රටවල රැකියා විරහිත ජනතාවට ගෙවන ඩෝල් එක හා සමානය. සෑම රැකියා විරහිතයකු වෙනුවෙන්ම යුරෝපා රටවල ඩෝල් එක ගෙවනු ලැබේ. එනම් පවුලක 5 දෙනකු සිටිත් නම් ඒ 5 දෙනා අවුරුදු 18 සම්පූර්ණ කළ දවසේ පටන් ඔවුන්ට සුදුසු රැකියාවක් ලැබෙන තෙක්ම ඩෝල් එක ලැබේ. රැකියාවක් ලැබුණු ගමන්ම ඩාන් ඩූන් ගා ඩෝල් එක නවතී. යුරෝපයේ බොහෝ රටවල ලංකාවේ මෙන් හොරට සල්ලි හම්බකළ නොහැක. ඩෝල් හිමියාට රැකියාවක් ලැබුණු ගමන්ම ආණ්ඩුව ඒ බව දැනගනී. යුරෝපයේ සහ ඇමරිකාවේ ජනයා හිඟන්නන්ට දෙන මුදල් හැර අනෙක් සියලුම දේ සඳහා කරන වියදම් ගැන ආණ්ඩුව දැනුවත්ය. ලංකාවේ එවැනි ක්‍රමයක් නැත. ඒ නිසා වත්කම් ඇති කඩ සාප්පු ඇති වෙනත් ව්‍යාපාර හිමිකම් ඇති අය පවා සමෘද්ධිය ලබා ගත්හ. ජනසවිය ද ලබා ගත්හ. ආණ්ඩුව මෙවර කරන්නට යන්නේ වත්කම් ඇති අය සහ නැති අය filter කර පෙරා නැති බැරි අයට පමණක්ම ජනසවිය හෙවත් සමෘද්ධිය හෙවත් අස්වැසුම ලබා දීමය. අස්වැසුම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුල්ම ප්‍රකාශය කරන ලද්දේ 2023 මැයි මස 9 දාය. එය ජූලි 1 දා සිට ක්‍රියාත්මකය. අපට දැන ගැනීමට ඇති පරිදි අස්වැසුමට හිමිකාරීත්වය දරණ කණ්ඩායම් 4 ක් තිබේ. ඉන් පළමුවැනි කණ්ඩායමේ හාර ලක්ෂයක් සිටිති. මේ පිරිස ක්‍රමයෙන් දුප්පත්කමින් මිදී ජීවිතය පවත්වාගෙන යා හැකි තත්ත්වයට පත්වෙමින් සිටින කණ්ඩායමකි. මේ අවුරුද්දේ දෙසැම්බර් 31 දා දක්වා මසකට රුපියල් 2500 බැගින් ඔවුනට ගෙවනු ලැබේ. ඊළඟ කණ්ඩායමේද ලක්ෂ 4 ක් සිටිති. ඔවුහු පෙර කණ්ඩායමේ සිටින අයට වඩා නන්නත්තාර තත්ත්වයක සිටින අතර 2024 මාර්තු 31 දක්වා මසකට රුපියල් 5000 බැගින් අස්වැසුම් ගෙවීමක් ඔවුන්ට ලැබෙනවා ඇත. මීළඟට සිටින තුන්වන කණ්ඩායමට 8 ලක්ෂයක් සිටිති. පෙරකී කණ්ඩායම් දෙකටම වඩා නරක තත්ත්වයක ඔවුහු පසුවෙති. ඒ නිසා දින නියමයක් නොමැතිව මසකට රුපියල් 8500 බැගින් ඔවුන්ට ලැබෙනවා ඇත. සිව්වන කණ්ඩායම අන්ත දුප්පත්තු වෙති. 2023 ජුලි 1 දා සිට පුරා අවුරුදු 3 ක කාලයක් සඳහා මසකට රුපියල් 15000 බැගින් අස්වැසුම දීමනාවක් ඔවුන්ට ලැබෙනවා ඇත. මේ මොහොතේදී සමෘද්ධිය හෝ වෙනත් දීමනා ලෙස මේ රටේ සිටින මිලියනයකට කිට්ටු පිරිසක් ආණ්ඩුවේ ආධාර ලබති. උදාහරණයක් ලෙස රුපියල් 5000 බැගින් 72000 ට මාසික දීමනාවක් ලැබේ. නැවතත් රුපියල් 5000 බැගින් වකුගඩු රෝගීන් 39150 ට රජයේ ආධාර ලැබේ. ඊළඟට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හාර ලක්ෂ දහසයදහස් හයසිය හැට හතකට මාසිකව රුපියල් 2000 බැගින් ලැබේ. මේ ක්‍රමය වෙනස්කර අස්වැසුම ලබාදීම සඳහා මේ රටේ දුප්පත්කම පිළිබඳව විගණනයක් කරන ලද අතර එහිදී අස්වැසුම ලැබීමට නුසුදුස්සන් සේ සැලකෙන විශාල ගණනක් හැලී ගොස් ඇත. මෙය ශ්‍රී ලංකාවේ දුප්පත්කම හඳුනාගැනීමේ ක්‍රමවේදය තුළ ඇති වරද ද නොඑසේ නම් මේ දක්වා සමෘද්ධි නිලධාරීන් ලෙස හැඳින්වූ අස්වැසුම නිලධාරීන්ගේ වරද ද යන්න අප නොදනිමු. අප දන්නා එකම කාරණය නම් සමෘද්ධි අච්චාරුව තිබූ තැනට අස්වැසුම් අච්චාරුව පැමිණ තිබෙන බවය. තමන් කෝටිපතියන් බවට පත්වුවද ආණ්ඩුවෙන් නිකන් ලැබෙන රුපියල් 3500 හෝ 2000 අත්හැරීමට කවුරුවත් කැමති නැත. දුප්පත්කම හඳුනාගැනීමේ ක්‍රමවේදයක් ලංකාවේ නැත. දුප්පත්කම හඳුනාගැනීම සඳහා කිසිම රටක සිටින කිසිම දුප්පතෙක් ආණ්ඩුවට සහයෝගය දෙන්නේ නැත. එබැවින් බලවත් පරිශ්‍රමයක් දරා දුප්පත්කම සොයාගැනීමේ ක්‍රමවේදය රජය මගින් සොයාගත යුතුය. මේ රටේ කසිප්පු මුදලාලිලා සියලු දෙනාටම සමෘද්ධි දීමනාව හිමිය. ඇතැම් කසිප්පු මුදලාලිලා දිනකට රුපියල් 40000 ක් පමණ උපයති. ඔවුන්ගේ මාසික ආදායම ලක්ෂ 12 කි. පොලිසියෙන් පැන කසිප්පු මුදලාලි අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ විට තමාට කසිප්පු ආදායමක් නැති බවත් ඒ බව දන්නා ග්‍රාමසේවක සහ සමෘද්ධි නිලධාරීන් තමන්ට සමෘද්ධි දීමනාව ලබාදෙන බවත් කියමින් ඒ පිළිබඳ ලිපි ලේඛන ඔවුන් උසාවියට ඉදිරිපත් කරයි. ඒ අනුව වැඩි දෙනා සමෘද්ධිය තබාගෙන සිටින්නේ ආදායම් බදු වලින් බේරීමටත් තමන් නීත්‍යනුකූල දුප්පතුන් බව උසාවියට සහ රජයේ ආයතනවලට පෙන්වීමටත්ය. ඇතැම් සමෘද්ධිලාභීහු සල්ලිද පොලියට දෙති. ඇතැම් අයට කුඹුරු තිබේ. සමෘද්ධිය ප්‍රතිව්‍යුහගතකර හෝ ප්‍රශස්තකරණය කර අස්වැසුම සෑදීමේදී එය හිස් වැසුමක් හෙවත් තොප්පියක් බවටත් ඇස් වැසුමක් බවටත් පත්වීමට ඉහත සඳහන් හේතු බලපාන බව අපගේ අදහස වේ.

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8-%e0%b7%84%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8-%e0%b7%83%e0%b7%84-%e0%b6%87%e0%b7%83/feed/ 0
අස්වැසුමෙන් දුප්පතුන් කබලෙන් ළිපටම https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%94%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b6%b6/ https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%94%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b6%b6/#respond Sun, 25 Jun 2023 23:53:00 +0000 https://divaina.lk/?p=153173 ඇස්බැන්දුමක් – සජිත් ප්‍රේමදාස

රටේ දුප්පත් ජනතාව ලක්‍ෂ 70 ක් සිටියදී ලක්‍ෂ 12 කට සහන සැලසීමේ අරමුණ කුමක්ද? මේක අස්වැසුමක් නොවේ, ඇස්බැන්දුමක්. එම ලක්‍ෂ 12 තෝරා ගත්තේ සමීක්‍ෂණයක කුමන දත්ත මතදැයි තමා ප්‍රශ්න කරන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත්කරමින් පවසයි. එහි මෙසේද දැක්වේ.

මෙරට සියයට දාහතරක්ව පැවති දුප්පත්කම මේ වනවිටත් 31% දක්වා ඉහළ ගොස් ඇති අතර රටේ සමස්ත දුප්පත්කම ලක්‍ෂ 70 ඉක්මවා තිබේ.

රෝහල්වලට අවශ්‍ය ඖෂධ හිඟවීම හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාව ඉතාම දරුණු සෞඛ්‍යමය ඛේදවාචකයක් කරා ඇදීයමින් සිටී. ඖෂධ හිඟය, ඖෂධ මිල අධික ලෙස ඉහළ යෑම, ඖෂධ හරහා කළ වංචා දූෂණ යනාදී සියල්ල එකට ගත්විට සමස්ත ආණ්ඩුව මේ රටේ රෝගී ජනතාවගේ ජීවිත සමග පවා සෙල්ලම් කරමින් සිටී.

ආණ්ඩුව පළමුකොට කළ යුතුව තිබුණේ රටේ පවත්නා සත්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීම උදෙසා රටේ පවත්නා සත්‍ය තත්ත්වය විනිවිද දැකිය හැකි සමීක්‍ෂණයක් සිදුකිරීමය. ඒ වෙනුවට ආණ්ඩුව උගුරට හොරා බෙහෙත් බොන්නට ගොස් මුළු රටටම අවදානමක් කරා තල්ලු කොට තිබේ. මේ මොහොතේ රටට තීරණාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන ගනුදෙනුව පවා පොදු අරමුණකින් එකට එක්ව රට ගැන සිතා කරනු ලබන්නක් නොව හුදෙක් සිය පටු අරමුණු මුදුන්පත් කරගනු පිණිස කරනු ලබන්නක් බවට ආණ්ඩුව පත්කොට තිබේ. මේ සියල්ල තුළින් ගම්‍ය වන්නේ අවස්ථාවාදී ආණ්ඩුවේ අදූරදර්ශී අත්තනෝමතික ක්‍රියාවලිය මිස අන් කිසිවක් නොවේ.

මේ තත්ත්වය වෙනස් කොට ජනතාවාදී චින්තනයක් තුළින් රට ගොඩනැඟිය හැක්කේ නව ජනවරමක් හරහා බව නැවත නැවතත් අවධාරණය කරන අතර ඒ වෙනුවෙන් ආණ්ඩුවට කළ හැකි සියලු බලපෑම් කරන බව ද අවධාරණය කරමු.

රටෙහි පවත්නා තත්ත්වය අවබෝධ කොටගෙන ලර්න් ඒෂියා ආයතනය විසින් සිදුකරන ලද සමීක්‍ෂණය ප්‍රකාරව රටේ ලක්‍ෂ 70 ක දුප්පත් ජනගහනය ඉලක්ක කර ගනිමින් අස්වැසුම ක්‍රියාත්මක කළ යුතු අතර මෙතෙක් හුදු පටු අරමුණු ඉලක්ක කර ගනිමින් අවිද්‍යාත්මකව තෝරාගෙන ඇති පිරිස වෙනුවට විද්‍යාත්මක වැඩපිළිවෙළක් හරහා සැබෑ අවශ්‍යතාවයන් ඇති පිරිස තෝරා ගත යුතු බවත්, රටෙහි පවත්නා බරපතළ ඖෂධ හිඟයට පිළියම් කඩිනමින් යෙදිය යුතු බවත් ඊට අවශ්‍ය කරන සහයෝගය සමගි ජනබලවේගය ලබාදෙන බවත් සිහිපත් කරමු.

මේක පස්වැසුමද – ඩලස් අලහප්පෙරුම

සාගින්නෙන් පෙළෙන මිනිසුන්ගේ ජීවිතවලට අස්වැසුම ද පස්වැසුමද කියා තේරුම් ගත නොහැකි යැයි නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

පවතින තත්ත්වය හමුවේ මව්බිම තුන් බියෙන් බේරා ගැනීම සඳහා විපක්‍ෂයේ සියලු දෙනාටම එකට එක්වී එකම දේශපාලන සූත්‍රයක් සජ්ඣායනය කිරීමට හොඳම කාලය පැමිණ ඇතැයි නිදහස් ජනතා සභා කාර්යාලයේ පෙරේදා (24 දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පැවසීය.

ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් මෙසේද කීය.

මුළු රටම තුන් බියකින් පෙළෙන අවස්ථාවක වර්තමාන රජය අස්වැසුම නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යනවා. මෙහි අරමුණ දැනට සමෘද්ධි ප්‍රතිලාභ සහ අනෙකුත් ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ ලක්‍ෂ 12 ක් දක්වා අඩු කිරීමයි. බඩගින්නෙන් පීඩාවෙන් කන්න නැතිව දුක්විඳින ජනතාවක් ඉන්න රටක මේක කරන්න පුළුවන්ද? මේක බරපතළ ප්‍රශ්නයක්.

මේ රජය විශ්වාස කරන සංඛ්‍යා ලේඛන හරිද? සමෘද්ධි, වකුගඩු, වැඩිහිටි, ආබාධිත දීමනා ඇතුළු අනෙකුත් සහනාධාර ලබන ප්‍රමාණය බැලුවම ලක්‍ෂ 24 කට වැඩියි. මේ සියල්ල අහිමි කරලා ජනතාව ඉතා පහත් දුක්ඛිත තත්ත්වයට පත් කරන්නයි මේ උත්සාහ කරන්නේ.

අද වනවිට ලෝක බැංකුව කියනවා ලංකාවේ පවුල් ලක්‍ෂ 58 කින් සියයට 20 ක් ඒ කියන්නේ පවුල් ලක්‍ෂ 11 ක් වගේ ආසන්න ප්‍රමාණයකගේ දෛනික ආදායම ඇමරිකන් ඩොලර් තුනයි දශම හයක (3.6) මට්ටමේ පවතිනවා කියලා. මේ එක පවුලක තුන් දෙනෙක් ඉන්නවා කියලා ගත්තොත් මේ ජන ප්‍රමාණය ලක්‍ෂ 33 ක් වෙනවා. ඇමරිකන් ඩොලර් තුනයි දශම හයයි කියන්නේ දෛනිකව රුපියල් 1000 ට අඩුයි කියන එකයි. එහෙම ජනතාවක් ගැන තවත් මොනවා කතා කරන්නද?

චමින්ද සිල්වා, කඹුරුපිටිය – පී. එල්. ජයවර්ධන

ප්‍රපාතයට තල්ලු කිරීමක්-රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක

විනිවිද පෙනෙන විද්‍යාත්මක ක්‍රමවේදයෙන් තොරව අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමෙන් ඇති හැකි පොහොසතුන්ට මූල්‍ය සහනාධාරය හිමිවීම අඩු ආදායම්ලාභීන් ප්‍රපාතයට තල්ලු කිරීමක් බව ක්‍රීඩා යෞවන කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා චෝදනා කරයි.

උදව්වක් අවශ්‍යම අඩු ආදායම්ලාභී පවුල් නොසලකා හැර ඇති බවත් ඔවුන් රජය දැඩි දෝෂදර්ශනයට ලක්කිරීමට පියවර ගෙන තිබෙන බවද පැවසීය. අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනාගැනීමේ රාජකාරී සඳහා වසම් භාර රාජ්‍ය නිලධාරීන් අනුයුක්ත නොකර දෛනික වැටුපට වෙනත් පිරිසක් යොදා ගැනීමෙන් මෙම අවුල සිදුවී තිබෙන බවද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය. වසම් භාරව සේවය කරන රාජ්‍ය නිලධාරීන්ගෙන් තමන්ට ලැබුණ තොරතුරුවලට අනුව අස්වැසුම සුදුසුකම්ලාභීන් ඉවත්කර තිබෙන බව තහවුරු කළැයි ද ඔවුන් පැවසුවේ අත්දැකීම් නැති දරුවන් සංගණනයට යොදා ගැනීමෙන් මෙම අවුල සිදුවූ බවත් මෙමඟින් රජය ජනතා හෑල්ලුවට පත්වීම වැළැක්වීමට වහාම මැදිහත්වීම අවශ්‍ය බව ද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය. අඩු ආදායම්ලාභී සමෘද්ධි පවුල් ඇති හැකි පවුල් ලෙස ඉහළට ඔසවා තැබීමට වසර ගණනාවක් තිස්සේ පත්වූ ආණ්ඩු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ ද අද දක්වාම සමෘද්ධි පවුල් අඩුවූ බවක් පෙනෙන්නට නැතැයි ද මෙවර සැබෑ දුප්පතුන් හළා පොහොසත් පවුල් ඉහළට ඔසවා තබන්නට කළ හඳුනා ගැනීම හකුලා ගත යුතු බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%94%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b6%b6/feed/ 0
අභියාචනා භාර ගැනීම ජුලි 10 දක්වා – රජය නිවේදනය කරයි https://divaina.lk/%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%a0%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b7%e0%b7%8f%e0%b6%bb-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93%e0%b6%b8-%e0%b6%a2%e0%b7%94%e0%b6%bd%e0%b7%92-10-%e0%b6%af/ https://divaina.lk/%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%a0%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b7%e0%b7%8f%e0%b6%bb-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93%e0%b6%b8-%e0%b6%a2%e0%b7%94%e0%b6%bd%e0%b7%92-10-%e0%b6%af/#respond Sun, 25 Jun 2023 23:52:00 +0000 https://divaina.lk/?p=153189 ආර්ථික සවියක් අවැසි පුද්ගලයන්ට සහාය වීමට ආරම්භ කළ “අස්වැසුම” වැඩසටහනට දේශපාලන මුහුණුවරක් ලබාදෙමින් තම දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට ඇතැම් පාර්ශ්වයන් දරන උත්සාහයන් පිළිබඳ රජයේ අවධානය යොමුව ඇතැයි රජය ඊයේ (25දා) නිකුත් කළ නිවේදනයක දැක්වේ.

කෙසේ වෙතත් එම ක්‍රියාවලියේදී අඩුපාඩු සිදුව ඇති බව ඇතැම් පාර්ශ්ව චෝදනා එල්ල කිරීමත් සමඟ අස්වැසුම සුබසාධන වැඩපිළිවෙළට ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී අසාධාරණයට ලක්වූවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට මෙන්ම ඒ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමට ලබාදී ඇති කාලය ජූලි මස 10 වැනිදා දක්වා දීර්ඝ කරන බවට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඊයේ උදෑසන නිවේදනය කරනු ලැබීය.

වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන මහත්වරුද මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටිති.

විවිධ ප්‍රචාර හෝ පුද්ගල බලපෑම් මත කලබලයට පත් නොවී තමන්ගේ නම, දැනට ප්‍රකාශයට පත්කර ඇති ලේඛනයට ඇතුළත් වී නොමැති නම් හෝ නුසුදුස්සෙකුගේ නම ඊට ඇතුළත්වී ඇත්නම් ඒ සම්බන්ධ විමසීම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදුකර ගැනීමට කාරුණික වන ලෙසත්, අයැදුම්කරුවන්ට මතුව ඇති ඕනෑම ගැටලුවක් ප්‍රාදේශීය ලේකම්වරයා මගින් විසඳාගත හැකි බවත් රජය වැඩිදුරටත් දැනුම් දෙයි.

චමින්ද සිල්වා

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%a0%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b7%e0%b7%8f%e0%b6%bb-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93%e0%b6%b8-%e0%b6%a2%e0%b7%94%e0%b6%bd%e0%b7%92-10-%e0%b6%af/feed/ 0
සුබසාධක ප්‍රතිලාභ දෙන්න සමෘද්ධිය වෙනුවට අස්වැසුම එයි https://divaina.lk/%e0%b7%83%e0%b7%94%e0%b6%b6%e0%b7%83%e0%b7%8f%e0%b6%b0%e0%b6%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%bd%e0%b7%8f%e0%b6%b7-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/ https://divaina.lk/%e0%b7%83%e0%b7%94%e0%b6%b6%e0%b7%83%e0%b7%8f%e0%b6%b0%e0%b6%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%bd%e0%b7%8f%e0%b6%b7-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/#respond Sat, 24 Jun 2023 23:55:00 +0000 https://divaina.lk/?p=152781 අතීතයේ සිටම අප රටේ බොහෝ දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් ක්‍රියාත්මක වී ඇත. ජනසවිය සහ සමෘද්ධිය මේ අතරින් ප්‍රධානම වැඩසටහන් දෙකකි. දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ දිළිඳුකම පිටු දැකීමට වුවත් මේ බොහෝ වැඩසටහන්වල ප්‍රතිලාභීන් නිසි ලෙස තෝරා නොගැනීම නිසා ඒවායේ අරමුණු ඒ ආකාරයෙන්ම ඉටුවී නැත. එනම් සහන ලැබිය යුතු අය වෙනුවට දේශපාලන හිතවත්කම් මත සහන ලැබීමට නුසුදුස්සන් ද මේ වැඩසටහන්වලට ඇතුළත්ව ප්‍රතිලාභ ලැබීමයි. දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් සඳහා වැය කරන්නේ බදු ගෙවන ජනයාගේ බදු මුදල්ය. එසේ නම් දිළිඳුකම පිටුදැකීමේ නාමයෙන් මෙවැනි දේ වන විට සිදු වන්නේ රටේ බදු ගෙවන ජනයාගේ මුදල් නාස්ති වීමයි. මේ අඩුපාඩු

ගැන කෙතරම් පෙන්වා දී තිබුණත් දේශපාලනීකරණය නිසාම මේ තත්ත්වය නිසි පරිදි නිවැරදි නොවූ බව අපගේ අත්දැකීමයි. දැන් මේ තත්ත්වයන් බොහෝ දුරට නිවැරදි කර ගන්නට රජයට හොඳ අවස්ථාවක් ලැබී ඇත. එනම් දැනට ක්‍රියාත්මක වන සියලු සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන් වෙනුවට අස්වැසුම වැඩසටහන යටතේ අලුතින් ප්‍රතිලාභීන් හඳුනාගෙන සහන සැලසීමට සැලසුම් කර තිබීමයි.

● සුබසාධක ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ පියවර

මේ වැඩසටහන යටතේ සුබසාධක ප්‍රතිලාභ ලැබීම පිණිස සුදුසු තැනැත්තන් හෝ පවුල් හඳුනාගැනීම සඳහා මෙතෙක් අනුගමනය කළ ක්‍රියාවලියක් තිබේ. ඒ පිළිබඳ පසුබිම මුලින්ම හඳුනාගෙන සිටීම ඉතා වැදගත්ය. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියන පරිදි එම විස්තර අපි මෙසේ සටහන් කරමු මේ අනුව 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 7(1) ව ගන්තිය අනුව 2022.08.30 දින පුවත්පත් දැන්වීමක් පළ කර සුබසාධක ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුසු තැනැත්තන් හෝ පවුල් හඳුනා ගැනීම සඳහා අයැදුම්පත් කැඳවනු ලැබීය. ඒ අනුව රජයේ සුබ සාධක ප්‍රතිලාභ අපේක්ෂාවෙන් මූලික වශයෙන් අයැදුම්පත් 3,744,493 ක් ලැබී ඇත. අයැදුම් කළ සියලු දෙනා සඳහා කිව්ආර් (QR) කේතයක් පද්ධතිය මගින් නිකුත් කර ඇත.

වැඩසටහනේ දෙවන අදියර වූයේ ගෘහ ඒකක වෙත ගොස් අයැදුම්කරුවන්ගේ දත්ත “අස්වැසුම” ජංගම යෙදවුම් මෘදුකාංගය මගින් සංගණනය කිරීමයි. ඒ අනුව මේ වන විට පවුල් සහ තැනැත්තන් 3,393,865 ක දත්ත සංගණනයට සහභාගි වී ඇත. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් 2022 ඔක්තෝබර් 20 දින අංක 2302/23 – දරන ගැසට් නිවේදනයෙන් තෝරාගැනීමේ ප්‍රධාන මානයන් සහ දර්ශක 22 ක් අනුව සෑම පවුලකට සහ තැනැත්තෙකුට ලකුණු ලබා දීමේ බහුමාන ක්‍රමයක් ද හඳුන්වා දෙනු ලැබීය.

තුන්වන අදියර වන්නේ සංගණන තොරතුරු තේරීම් කමිටුව සහ ප්‍රාදේශීය ලේකම් විසින් නැවත පරීක්ෂා කර ලකුණු ලබාදීමේ ක්‍රමවේදයට අනුමැතිය ලබාදීමයි. ඒ අනුව 3,343,110ක අයදුම්කරුවන් මෙම අදියර අවසන් කර ඇත. 2023/04/21 දින අංක 2328 / 13 දරන රජයේ ගැසට් නිවේදනයෙන් “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය එම මණ්ඩලය විසින් ප්‍රසිද්ධ කරන ලදී. ඒ අනුව සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිඳු ලෙස කණ්ඩායම් 4 ක් යටතේ “අස්වැසුම” දීමනා ලබා දීමට නියමිතය.

● අස්වැසුම සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනය

2022 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 9 වන වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී ඇති “අස්වැසුම” සුබසාධක යෝජනා ක්‍රමය යටතේ 2022 වර්ෂයේ ආරම්භ කළ වැඩසටහන මගින් සුබසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීම් සඳහා සුදුසුකම් ලැබූ පවුල් සහ තැනැත්තන්ගේ නම් ලැයිස්තුව පසුගිය ජුනි 20 දින සිට ප්‍රසිද්ධ කරනු ලැබ ඇත. මෙය ප්‍රසිද්ධියට පත් කිරීම වැඩබලන මුදල් ඇමැති ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එදින මුදල් අමාත්‍යාංශයේ දී සිදු විය. ඒ අනුව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙබ් අඩවියේ (www.wbb.gov.lk) ඇති “අස්වැසුම” සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනය දැන් කාටත් දැකබලා ගැනීමට හැකිය. එය දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් දැන් ප්‍රසිද්ධියට පත්ව ඇත. එමෙන්ම එහි සඳහන් සුදුසුකම්ලාභීන්ගේ නම් ලැයිස්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ ගම් මට්ටමින් ඇති අනෙකුත් රජයේ කාර්යාලවල ද ප්‍රදර්ශනය කරනු ලබන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ පවසයි.

● විරෝධතා හෝ හිමිකම්පෑම්

සුබසාධක ප්‍රතිලාභ පනතේ 11 (1) වගන්තිය අනුව සුදුසුකම්ලාභීන්ගේ නම් ලැයිස්තුවේ ඇතුළත් නම්වලට විරෝධතා හෝ හිමිකම්පෑම් (අභියාචනා) කැඳවීමට ද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව තමන් සුදුස්සෙක් නොවීම පිළිබඳ අතෘප්තියට පත් තැනැත්තන්ට හිමිකම්පෑමක් (අභියාචනාවක්) ඉදිරිපත් කළ හැකිය. එසේම මේ පිළිබඳ උනන්දුවක් දක්වන පුරවැසියන්ට නුසුදුසු අයෙක් මේ නාම ලේඛනයට ඇතුළත්ව ඇතැයි සිතන්නේ නම් තම විරෝධතා ද ඒ සඳහා ගොනු කළ හැක.

තොරතුරු සංගණනයට භාජන වූ සියලුම ඉල්ලුම්කරුවන්ට තමා ලබාදුන් තොරතුරු සහ එහි නිවැරදිභාවය www.wbb.gov.lk යන වෙබ් ලිපිනයට පිවිස “අයදුම්කරුවන්ගේ සංගණන තොරතුරු 2022” මෙනුවට පිවිස ඒවා නැවත පරීක්ෂා කර බැලිය හැක. එම තොරතුරුවල වැරැද්දක් හෝ වෙනස්කමක් තිබේ නම් ඒ අනුව සිය හිමිකම්පෑම් (අභියාචනා) ඉදිරිපත් කළ හැකි වේ. එසේම සුදුසුකම්ලාභීන්ගේ නම් ලැයිස්තුවේ ඇතුළත් තැනැත්තෙකු විසින් සපයා ඇති තොරතුරුවල අසත්‍යතාවන් පවතින බව නිරීක්ෂණය කරනු ලබන ඕනෑම තැනැත්තෙකුට සිය විරෝධතාව දැක්විය හැකිය.

● හිමිකම් පෑම්

මෙම වැඩසටහන සඳහා මූලික අයැදුම්පතක් ඉදිරිපත් කර තොරතුරු සංගණනයට භාජන වූ එහෙත් එම සංගණනයේදී ලබා දී ඇති තොරතුරුවල වැරැද්දක් හෝ වෙනස්කමක් තිබෙන බවට හැඟී යන සහ සුදුසුකම්ලාභීන්ගේ නම් ලැයිස්තුවේ තම නම සඳහන් වී නොමැති ඉල්ලුම්කරුවන්ට සහ වැඩසටහන සඳහා මූලික අයැදුම්පතක් ලබාදුන් නමුත් තම නිවසට සංගණන නිලධාරියෙකු පැමිණ නැති අවස්ථාවක් වේ නම් හෝ සිය දත්ත තොරතුරු පද්ධතියට ඇතුළත් වී නොමැති නම් එවන් ඉල්ලුම්කරුවන්ටද හිමිකම්පෑමක් (අභියාචනා) කිරීමට හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

● විරෝධතා හෝ හිමිකම්පෑම් ඉදිරිපත් කිරීම

විරෝධතා හෝ හිමිකම්පෑම් ඉදිරිපත් කිරීමට දින දහයක කාලයක් ලබා දී ඇත. එනම් 2023 ජූනි 30 දිනට පෙර එය සිදු කළ යුතුය. පහත සඳහන් කුමන හෝ ආකාරයකින් විරෝධතා හෝ හිමිකම්පෑම් ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.

■ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ www.wbb.gov.lk වෙබ් අඩවියට ඇතුළත් “විරෝධතා/අභියාචනා භාරගැනීම” පෝරමයට පිවිසෙන්න. ඉන්පසු දැන්වීමේ සඳහන් ආදර්ශ අයැදුම්පතට සමාන ඉලෙක්ට්‍රොනික අයැදුම්පතට ඔබගේ ඉල්ලීම ඇතුළත් කරන්න.

■ ඔබගේ විරෝධතා/හිමිකම්පෑම් (අභියාචනා) ආදර්ශ අයැදුම්පතට අනුව සකස් කර ඔබ පදිංචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට
ගෙනවිත් බාරදෙන්න.

■ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ 1924 ක්ෂණික ඇමතුම් අංකය අමතා ඔබගේ විරෝධතා/හිමිකම්පෑම් (අභියාචනා) ඉදිරිපත් කිරීම පිළිබඳ උපදෙස් ලබා ගත හැකිය.

● අභියාචනා පරීක්ෂා කරන ආකාරය

මෙසේ යම් අයෙක් විරෝධතාවක් හෝ අභියාචනයක් ඉදිරිපත් කළ පසු ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරය මෙසේ විස්තර කළ හැකිය. සුබසාධක ප්‍රතිලාභ පනතේ 12(1) වගන්තිය අනුව ලැබෙන විරෝධතා සහ අභියාචනා විමර්ශනය කිරීම සඳහා අභියාචනා කමිටු පත්කළ යුතුය. අභියාචනා කමිටුවේ සාමාජිකයන් ගණන 5 ක් වන අතර අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හැර වෙනත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ප්‍රාදේශීය ලේකම්වරයා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රජයේ නිලධාරීන් දෙදෙනකු, අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාජ සුබසාධක කටයුතුවල සක්‍රියව නිරත වන රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් දෙදෙනකුගෙන් අභියාචනා කමිටුව සකස් වේ. අභියාචනා කමිටුව දත්ත පද්ධතිය ආශ්‍රයෙන් ලැබී ඇති විරෝධතා හෝ අභියාචනා විමර්ශනය කර දින 30 ක් ඇතුළත විරෝධතාකරුට හෝ අභියාචනාකරුට පිළිතුරක් ලබාදිය යුතුය. මේ ආකාරයට විරෝධතා හෝ අභියාචනා විමර්ශනය කිරීමෙන් පසු අදාළ ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය තවදුරටත් යාවත්කාලීන වනු ඇතැයි සිතිය හැකිය. වඩාත්ම වැදගත් වන්නේ සැබෑ ලෙසම ප්‍රතිලාභ හිමිවිය යුතු කිසිවෙක් අත්නොහැරෙන පරිදි නිවැරදි ප්‍රතිලාභීන්ට මේ සහනය ලබා දීමයි. එසේම නුසුදුස්සන් මේ සඳහා ඇතුළත් නොවන බවට වගබලා ගැනීමයි.

● අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම ජුලි මාසයේ

ප්‍රතිලාභී නාමලේඛනය ගැන විරෝධතා හෝ අභියාචනා විමර්ශනය කර අවසන් ප්‍රතිලාභී ලැයිස්තුව නිර්ණය කළ පසු තිබෙන්නේ ඒ අයට ප්‍රතිලාභ මුදල් ගෙවීමයි. එය ජුලි මාසයේ දී සිදුවෙන බව වැඩබලන මුදල් ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. මේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබන ජුලි මාසයේ දී ගෙවීමට රජය දැන් කටයුතු කරමින් සිටී. මෙම අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා අයැදුම්පත් කැඳවා ලැබුණු ලක්ෂ 37 කට අධික අයැදුම්පත් අතරින් අවසානයේ මිලියන 2.3 ක පිරිසක් (ප්‍රතිලාභී පවුල් සහ තැනැත්තන්) සුදුසුකම්ලත් ප්‍රතිලාභීන් වශයෙන් මේ වන විට තෝරාගෙන ඇත. සුදුසුකම්ලත් ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය වශයෙන් ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ මෙම ප්‍රමාණයයි. කලින් සඳහන් කළ පරිදි අවශ්‍ය කරන්නේ වඩාත්ම සුදුසු නිවැරදි පිරිසකට පමණක් මෙම සුබසාධක ප්‍රතිලාභ ලබා දීමයි. එසේ නැතහොත් වන්නේ මුදල් නාස්තියක් මෙන්ම මෙම සහන ලබා දීමේ අරමුණ ද ඉටු නොවීමකි. මේ ගැන අපට අතීත අත්දැකීම් ඕනෑ තරම් තිබේ. එම වැරදි හැකි උපරිම මට්ටමක් දක්වා අවම කර ගැනීම මේ නව වැඩසටහන යටතේ සිදු කිරීමට බලධාරීන් වගබලා ගැනීම ඉතා වැදගත්ය. හේතුව නම් මේ මොහොතේ රට තිබෙන්නේ ඉතාම තීරණාත්මක අවස්ථාවක වීමයි. දැන් අප සිටින්නේ බංකොලොත් වී ඉන් ක්‍රමයෙන් නැගී සිටීමට වෙර දරන මොහොතකය. රට මුහුණ දුන් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ තවත් අලුතින් සැලකිය යුතු පිරිසක් දුප්පත්කමට ඇදවැටී ඇති බව ද රහසක් නොවේ. මේ නිසා වෙනදාට වඩා වැඩි පිරිසකට මේ සහන සැලසීම කිරීමට ද සිදුව ඇත. අයිඑම්එෆ් වැඩසටහන ක්‍රියාත්මක වෙමින් තිබෙන නිසා එහි සඳහන් කොන්දේසි අනුව ඉටු කළ යුතු ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දී දිළිඳු සහ අවදානමට ලක්වෙන පිරිස් තවත් බලපෑමට ලක් වෙන බව ද අපි දනිමු. මේ නිසාම එවැනි අය ඉලක්ක කරගෙන සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද පවසා තිබේ. මේ දෙස එම අරමුදල ද බලා සිටින නිසා අන් කවරදාකටත් වඩා නිවැරදිව ප්‍රතිලාභීන් තේරීමේ කටයුත්ත සිදු කළ යුතුව ද තිබේ.

● ඇස්තමේන්තුගත වියදම බිලියන 208 ක්

නිවැරදි ප්‍රතිලාභීන් හඳුනා ගැනීමෙන් පසු තිබෙන්නේ ඒ අයට එම සහන මුදල් ලබා දීමයි. එය සිදු වන්නේ එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුමක් හරහාය. ඒ අනුව මේ ප්‍රතිලාභීන් ලක්ෂ 23 දෙනාට රුපියල් බිලියන 208 ක මුදලක් සුබසාධක ප්‍රතිලාභ වශයෙන් ගෙවීමට ඇස්තමේන්තු කර ඇත. එම මුදල් කෙළින්ම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීම ජුලි මාසය තුළ සිදු කෙරෙන බව වැඩබලන මුදල් ඇමැති ශෙහාන් සේමසිංහ මහතා මෙම ප්‍රතිලාභී නාමලේඛනය ප්‍රසිද්ධියට පත්කරන අවස්ථාවට එක්වෙමින් කීවේය. ඒ අනුව මුදල් අමාත්‍යාංශය යටතේ ඇති මෙම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට සහන මුදල බැර කිරීම සෘජුවම සිදු කිරීමට නියමිතය. ආධාර දීමට අමතරව අවශ්‍ය කරන්නේ ඒ අය දිළිඳුකමින් මුදා ගෙන ඔවුන් සවිබල ගැන්වීමයි. එනම් දිළිඳුකමින් ඒ පිරිස මුදා ගැනීමයි. එනම් රටක දිළිඳු ජනකොටසින් පිරිසක් සවිබල ගැන්වී ඉන් ඉවත්ව යන විට අලුතින් පිරිසක් දිළිඳුභාවයට ඇද වැටීම ද සිදු වේ. ඒ නිසා සැමදාම එකම පිරිසකට සුබසාධක ප්‍රතිලාභ ලබා දීමෙන් ඵලක් නැත. එනම් මේ කියන අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී ලැයිස්තුව නිරන්තරයෙන් යාවත්කාලීන වීම අවශ්‍ය කෙරේ. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ මේ නාමලේඛනය වසරක් පාසා යාවත්කාලීන කරන බවයි. එය සුදුසු දෙයකි.

මේ සුබසාධක ගෙවීම් ගැන විස්තර ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යාංශයේ දී පසුගිය ජුනි 20 වැනිදා දවල් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වැඩබලන මුදල් ඇමැති ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ මේ ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වගකීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පැවරෙන බවයි. මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අදාළ අංශවලට උපදෙස් දී ඇති බව ද ශෙහාන් සේමසිංහ ඇමැතිවරයා සඳහන් කළේය. මේ අනුව ඉදිරියට මේ ප්‍රතිලාභ මුදල් ගෙවන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් මිස සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් නොවේ. එසේම මින් ඉදිරියට ඇත්තේ අස්වැසුම ප්‍රතිලාභ මිස සමෘද්ධි ප්‍රතිලාභ නොවේ. රජය පවසන පරිදි පෙර සිටි සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් තෝරාගත් සුදුසු ප්‍රතිලාභීන් මෙම නව වැඩසටහනට ද ඇතුළත් වනු ඇත. එසේම එහි නුසුදුසු ප්‍රතිලාභීන් සිටියේ නම් ඒ අය ඉවත් වීම ද සිදුවනු ඇති බව සඳහන් කළ හැකිය. එය සිදුවිය යුතු දෙයකි. දිළිඳුකම පිටු දැකීමේ නාමයෙන් නුසුදුසු අයට ප්‍රතිලාභ ලබා දීම නොකළ යුතුව තිබේ. එසේම සහන ලබාදෙන අය පවා පිළිගත හැකි සවිබල ගැන්වීමේ ක්‍රමවේදයක් මගින් සවිබල ගන්වා ඔවුන් වැඩසටහනින් ඉවත් කිරීම ද අවශ්‍ය වේ. මේ දෙය නිවැරදිව සිදු වන්නේ නම් වසරක් පාසා සහන සැලසිය යුතු වඩා නිවැරදිම කණ්ඩායම තෝරා ගැනීම මෙහිදී සිදුවේ. මේ හරහා දිළිඳුකම පිටු දැකීමේ ප්‍රතිලාභ ලබා දීමේ අරමුණ වඩාත්ම සාර්ථකව සිදුවනු ඇති බව කිව හැකිය.

● කර්මාන්ත ප්‍රවර්ධනය සහ ව්‍යවසායකත්ව වර්ධනය

මේ අතර ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය – 2023 පසුගිය ජුනි 22 දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ විය. මෙම ප්‍රදර්ශනය එදින සිට ජුනි 25 දින එනම් අද දින දක්වා පැවැත්වේ. මෙය දෙස් විදෙස් ගැනුම්කරුවන් සහ ආයෝජකයන් මුණගැසෙන වසරේ දැවැන්තම කර්මාන්ත ප්‍රදර්ශනයයි. මෙවැනි කර්මාන්ත සහ ව්‍යවසායකත්වය දිරිගැන්වෙන කටයුතු මෙවැනි ආර්ථිකය වැටී ඇති අවස්ථාවක ආර්ථිකය යළි පණ ගන්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. නිදහසෙන් පසු අති දුෂ්කරම කාලය අප මේ වන විට පසුකර ඇත. තවමත් අප ගත කරමින් සිටින්නේ ද දුෂ්කර කාලයක් බව ඇත්තය. එහෙත් අප පසුකළ පසුගිය දුෂ්කරම කාලයට සාපේක්ෂව මේ වන විට කිසියම් ආර්ථික ස්ථාවරත්වයකට රට පැමිණ ඇති බව රහසක් නොවේ. පසුගිය අර්බුද කාලයේ අතිමහත් බහුතර ජනයාට අමතරව මේ රටේ ව්‍යාපාරිකයා සහ කර්මාන්ත හිමියා ද දහසකුත් එකක් ප්‍රශ්නවලට මුහුණ දුන් බව අපි කවුරුත් දනිමු. අපනයන කර්මාන්තවලට අමුද්‍රව්‍ය ප්‍රශ්න මෙන්ම ප්‍රවාහන ගැටලු නිසා කලට වෙලාවට සිය ඇණවුම් ලබා දීම ද දුෂ්කර තත්ත්වයට පත් විය. මේ නිසා කම්හල්වලට උපරිම ධාරිතාවයෙන් වැඩ කිරීමට අපහසු තත්ත්වයක් ද උද්ගත විය. මෙය එම ආයතනවල සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවට ද අහිතකර ලෙස බලපාන ලද කරුණක් විය. මේ පසුබිම හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යාපාර බොහොමයක් වැසී ගොස් ලක්ෂ ගණනකට රැකියා අවස්ථා ද අහිමි වී ගියේය. මේ අතර තවත් කර්මාන්ත සහ ව්‍යාපාර බොහොමයක් එම දුෂ්කර කාලයේ එම ප්‍රශ්නවලට අමාරුවෙන් නමුත් මුහුණ දෙමින් එම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගිය බව සහ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාව ඇති කළ බව ද අප මතක් කළ යුතුමය. තවමත් එම ආයතන රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පවත්වාගෙන යන්නේ අමාරුවෙන් විය හැකිය. මේ නිසා මෙය රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය පණ ගැන්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු මොහොතක් බව අප කියන්නේ මේ නිසාය. අභියෝග තිබුණත් සුබ ලකුණ ද නැතුවා නොවේ.

අප මේ වන විට කිසියම් ආර්ථික ස්ථාවර බවකට පැමිණ සිටියත් අප තවමත් සිටින්නේ ඍණ ආර්ථිකයක ය. බොහෝ විට ලබන වසරේ (2024) සිට සුළු වශයෙන් හෝ ධන ආර්ථික වර්ධනයකට ගමන් කිරීමට ඉඩහසර සැලසෙනු ඇත. ඒ සඳහා උද්ධමනය සහ පොලී අනුපාත අඩු වෙමින් යහපත් පරිසරයක් ක්‍රමයෙන් නිර්මාණය වෙමින් තිබේ. ඇමෙරිකානු ඩොලරය සහ රුපියල අතර විනිමය අනුපාතය ද කිසියම් ස්ථාවරත්වයකට පත්ව ඇත. රුපියල මේ වසරේ මේ දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 20 ක පමණ ශක්තිමත් වීමක් ද සිදුව ඇත. ආර්ථික ක්‍රියාකාරිත්වය පණ ගැන්වීම සඳහා පවතින අභියෝග සමනය කර ගැනීමට අවශ්‍ය සහාය රජය සහ රාජ්‍ය ආයතන විසින් ව්‍යාපාර සහ කර්මාන්තකරුවන්ට ලබාදිය යුතුව තිබේ. ඉකුත් ජුනි 22 දින ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන ලද්දේ අභියෝගවලට මුහුණ දෙමින් කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීමට කාලය පැමිණ තිබෙන බවයි. ඒ අතරම අලුත් ව්‍යවසායකයන් ද රටේ බිහි කර ගැනීමට රජය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන විසින් අතහිත දීම ද අත්‍යවශ්‍ය කරුණකි. මේ පසුබිම තුළ ව්‍යවසායකයන් ශක්තිමත් කරන මෙවැනි දැවැන්ත ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයක් මේ අයුරින් පැවැත්වීමට හැකිවීම පිළිබඳව සතුටු විය හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

]]>
https://divaina.lk/%e0%b7%83%e0%b7%94%e0%b6%b6%e0%b7%83%e0%b7%8f%e0%b6%b0%e0%b6%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%bd%e0%b7%8f%e0%b6%b7-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/feed/ 0
අස්වැසුමට අභියාචනා බෑ https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b6%a7-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%a0%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b6%e0%b7%91/ https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b6%a7-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%a0%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b6%e0%b7%91/#respond Sat, 24 Jun 2023 23:49:00 +0000 https://divaina.lk/?p=153049 අඩු ආදායම්ලාභීන්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා රජය විසින් ආරම්භ කරන ලද අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවූ පුද්ගලයින්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

අස්වැසුම වැඩසටහන සඳහා තෝරා නොගත් ඊට සුදුසුකම් ඇති අඩු ආදායම්ලාභින් සිටී නම් ඔවුනට අභියාචනා ඉදිරිපත් කළ හැකි බවට රජය පැවසුවත් ඒ සම්බන්ධව අදාළ රජයේ නිලධාරීන් පවසන්නේ ඊට අවස්ථාවක් නැති බව යැයි ද ඒ මහතා සඳහන් කරයි. එබැවින් රජය මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බව ද පවසයි.

ඉකුත් 23 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.

උපාලි ද සේරම්

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b6%a7-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%a0%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b6%e0%b7%91/feed/ 0