විදේශීය ලීග් ක්‍රිකට් තරගාවලියකට පැතුම් සහ ධනංජය තෝරාගනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වේ.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සීමිත පන්දුවාර තරගවල ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කරන පැතුම් 2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු 214ක් ලබා ගනිමින් තරගාවලියේ හත්වැනියට වැඩිම ලකුණුලාභියා බවට පත්වූයේය. ධනංජය එම තරගාවලියේ තරග 8ක් තුළදී ලකුණු 177ක් ලබා ගත් අතර පන්දු යැවීමෙන් ද දක්ෂතා දැක්වීමට සමත් විය.
2023 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට කණ්ඩායම් 7ක් තරග වැදීමට නියමිතය.
]]>