Beautiful Colombo – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 12 Aug 2023 05:53:25 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Beautiful Colombo – Divaina https://divaina.lk 32 32 කොළඹ ලස්සන කරන්න සාගල ආයෙත් වැඩ https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%bd%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%b1-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%83%e0%b7%8f%e0%b6%9c%e0%b6%bd-%e0%b6%86%e0%b6%ba%e0%b7%99/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%bd%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%b1-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%83%e0%b7%8f%e0%b6%9c%e0%b6%bd-%e0%b6%86%e0%b6%ba%e0%b7%99/#respond Sat, 12 Aug 2023 23:49:00 +0000 https://divaina.lk/?p=162330 කොළඹ නගරය අලංකාර පිරිසිදු නගරයක් කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ යළි ආරම්භ කර ඇත. නාගරික සංවර්ධන අධිකාරියේ සහ කොළඹ නගර සභාව යටතේ ක්‍රියාත්මක වූ කොළඹ නගරය පිරිසිදු නගරයක් ලෙස පවත්වා ගෙන යෑමේ කටයුතු මේ වන විට නතර වී ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබුණු පැමිණිලි අනුව ක්‍රියාත්මක වෙමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙම කටයුත්ත වෙනුවෙන් මැදිහත්ව තිබේ.

ඒ අනුව පසුගිය සතියේ කොළඹ නගර සභා නියෝජිතයන්, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයන් ඇතුළු මෙම කටයුත්තට සම්බන්ධ ආයතනවල නිලධාරීන් කැඳවූ සාගල රත්නායක මහතා මේ කටයුතු පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත.

කොළඹ නගරය පිරිසිදු නගරයක් ලෙස පවත්වාගෙන යෑම මෙන්ම අලංකාර නගරයක් ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙම පිරිසට සාගල රත්නායක මහතා උපදෙස් දී තිබේ. නාගරික උද්‍යාන මෙන්ම වෙරළ පිරිසිදු හා අලංකාර ස්ථානයන් ලෙස පවත්වා ගෙන යෑම බේරේ වැව ඇතුළු කොළඹ නගර සීමාවේ තිබෙන ඇළ මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු ගැන ද උපදෙස් දී ඇත.

පළමු සතියේ මෙම කටයුතු කරන ආකාරය ගැන සැලසුම් කරන ලෙසත් දෙවන සතියේ දී ඊට අවශ්‍ය පහසුකම් සපයා ගන්නා ලෙසත් තෙවන සතිය වන විට අවශ්‍ය කටයුතු ආරම්භ කළ යුතු බවටත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙම පිරිසට උපදෙස් දී ඇත. එම කටයුතු නිසි ලෙස වන්නේ දැයි තමන් දැඩි අවධානයකින් පසුවන බව ද ඔහු අදාළ නිලධාරීන් දැනුවත් කර තිබේ.

චමින්ද සිල්වා

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%bd%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%b1-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%83%e0%b7%8f%e0%b6%9c%e0%b6%bd-%e0%b6%86%e0%b6%ba%e0%b7%99/feed/ 0