හිඟාකෑම ගණිකා වෘත්තීය තරම්ම පැරණිය. මිනිසා මීට අවුරුදු දහස් ගණනකට පෙර ශිෂ්ටාචාරයේ ගේට්ටුවෙන් ඇතුළට එන්නේ ඇඟේ නූල් පොටක්වත් නැති, බඩට කෑමක් නැති හිඟන්නකු ලෙසය. ඒ නිසා කොතරම් දියුණු ජීවියෙක් බවට පත්වුවද මනුෂ්‍යයාට හිඟාකෑම අමතක කළ නොහැක. හිඟාකෑමේ මූලාරම්භය දුප්පත්කමයි. ලෝකයේ සෑම ආගමික මූලාශ්‍රයකම දුප්පත්කම පිළිබඳ අර්ථ නිරූපණයක් ඇත. හිඟමනේ අභ්‍යන්තරය පිළිබඳ ප්‍රායෝගික විග්‍රහයක් ඉදිරිපත් කළ පළමුවන ශ්‍රී ලාංකිකයා මහාචාර්ය නන්දසේන රත්නපාලය. ඔහු හිඟන්නකු සේ වෙස් වලාගෙන හිඟන්නන් අතරට වැද අවුරුදු ගණනාවක් හිඟාකමින් ඒ අත්දැකීම් අනුසාරයෙන් මීට අවුරුදු 30 කට පමණ පෙර ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ලිපි පෙළක් ලිවීය. මේ රටේ යාචකයන් පිළිබඳ කෙරුණු උසස්ම පර්යේෂණය නන්දසේන රත්නපාලගේ එම ලිපි පෙළ බව පොදු පිළිගැනීම වෙයි. ඊට පෙර 1556 දී තෝමස් හාමන් නමැති බි්‍රතාන්‍ය ජාතිකයා විසින් හිඟන්නන් සහ පාදඩයන් පිළිබඳ පර්යේෂණයක් කර පත්‍රිකාවක් සකස් කර ඇත. ඔහු ජීවත්වූ මධ්‍යකාලීන යුගයේදී යාචකයන් සහ පාදඩයන් සලකන ලද්දේ එකම කැටගරිය යටතේය. ඒ නිසා පාදඩයන්ට දෙන දඬුවම් හැමවිටම යාචකයන්ටද ලැබිණ. රටක ඒකපුද්ගල ආදායම කොපමණ වැඩි කළද යාචකත්වය තුරන් කළ නොහැක. එයට හේතුව සහශ්‍ර කීපයක ඇවෑමෙන් හිඟාකෑමද රැකියාවක් බවට පත්ව තිබීමය. ලෝකයේ හැම රටකම හිඟන්නෝ සිටිති. කව්රු කොහොම කිව්වත් සිංගප්පූරුවේද සිඟන්නෝ සිටින්නාහ. එකම වෙනස නම් ඔවුන් සල්ලි ඉල්ලන ක්‍රමයේ වෙනසය. ඉතා වැදගත් ලෙස හැඳ පැළඳගෙන හෙමින් සීරුවේ ළඟට පැමිණ ඔවුහු කණට කර සල්ලි ඉල්ලති. කෙසේ වුවද ලංකාවේ යාචකත්වය යනු ඉක්මන් විසඳුමක් අවශ්‍ය වාතයකි. ඇතැම් යාචකයෝ වාහනයක් එලවන කෙනකුගෙන් මුදල් ඉල්ලා නොලැබුණු විට කාසියක් ගෙන වාහනයේ ඉරක් අඳිති. සමහරවිට මේ ඉර වැසීම සඳහා ගරාජ්කාරයා රුපියල් දහ පහළොස්දාහක් අය කරයි. එබැවින් බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ හිඟන්නකුට කීයක් හරි දී තමාද තම දේපළද රැකගැනීමට ය.
]]>මෙම දරුවන් දෙදෙනා අසනීපයෙන් පසු වෙන බව කියා ඔවුන්ට අවශ්‍ය බෙහෙත් හේත් ගැනීමට විශාල මුදලක් වැයවෙන බව කියමින් මෙම කාන්තාවන් දෙදෙනා මෙසේ සිඟමනේ යද්දී බොරැල්ල ආයුර්වේදය අසල දී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
නෝමන් පලිහවඩන, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
]]>