Brandix Apparel Ltd – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 17 Feb 2023 07:49:28 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Brandix Apparel Ltd – Divaina https://divaina.lk 32 32 බ්‍රැන්ඩික්ස් මනුසත්කාර තිළිණ වෙතින් පාසල් දරුවන් 16,000 කට වැඩි පිරිසකට පාසල් උපකරණ https://divaina.lk/%e0%b6%b6%e0%b7%8a%e0%b6%bb%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%b8%e0%b6%b1%e0%b7%94%e0%b7%83%e0%b6%ad%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb-2/ https://divaina.lk/%e0%b6%b6%e0%b7%8a%e0%b6%bb%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%b8%e0%b6%b1%e0%b7%94%e0%b7%83%e0%b6%ad%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb-2/#respond Sat, 18 Feb 2023 23:45:00 +0000 https://divaina.lk/?p=128886 බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගමේ (Brandix Apparel Ltd) මනුසත්කාර තිළිණ ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ පාසල් දරු දැරියන් 16,824 දෙනෙකු වෙත නව පාසල් වසර සඳහා අවශ්‍ය පාසල් ලිපිද්‍රව්‍ය සහ පාසල් බෑග් පරිත්‍යාග කිරීම පසුගියදා සිදුකෙරිණි.

බ්‍රැන්ඩික්ස් සමූහය දීර්ඝ කාලයක පටන් මෙරට සියලුම පුරවැසියන්ට නිසි අධ්‍යාපනයක් හිමිවන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටී. මේ වනවිට රටේ පවතින තත්ත්වය හමුවේ, විශේෂයෙන්ම ලිපිද්‍රව්‍යවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යෑම හේතුවෙන්, තම සාමාජික සාමාජිකාවන්ගේ දරුදැරියන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහයෝගයක් අවශ්‍ය බව බ්‍රැන්ඩික්ස් සමූහය තීරණය කළ අතර, ඒ අනුව සාමාජික සාමාජිකාවන් 10,933 දෙනෙකුගේ දරුවන් වෙනුවෙන් පාසල් ලිපිද්‍රව්‍ය හා උපකරණ කට්ටල පරිත්‍යාග කරන ලදි. අඛණ්ඩව 7 වන වරටත් පැවති මෙම වැඩසටහන යටතේ, පෙර පාසල් වයසේ සිට 13 ශ්‍රේණිය දක්වා දරුවන් පිරිසකට පාසල් උපකරණ හිමි විය.

]]>
https://divaina.lk/%e0%b6%b6%e0%b7%8a%e0%b6%bb%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%b8%e0%b6%b1%e0%b7%94%e0%b7%83%e0%b6%ad%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb-2/feed/ 0