Brandix negambo Blood Bank Project – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 05 May 2023 08:45:01 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Brandix negambo Blood Bank Project – Divaina https://divaina.lk 32 32 බ්‍රැන්ඩික්ස් සමූහය මීගමුව රෝහලේ ලේ බැංකුව සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර නැවත භාරදෙයි https://divaina.lk/%e0%b6%b6%e0%b7%8a%e0%b6%bb%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%96%e0%b7%84%e0%b6%ba-%e0%b6%b8%e0%b7%93%e0%b6%9c%e0%b6%b8/ https://divaina.lk/%e0%b6%b6%e0%b7%8a%e0%b6%bb%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%96%e0%b7%84%e0%b6%ba-%e0%b6%b8%e0%b7%93%e0%b6%9c%e0%b6%b8/#respond Sat, 06 May 2023 23:55:00 +0000 https://divaina.lk/?p=143107 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයා වන බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය, මීගමුව රෝහලේ ලේ බැංකුව සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර භාරදීමට පසුගියදා කටයුතු කළේය.

රටේ සෞඛ්‍ය සේවාව නංවාලීමේ අරමුණින් දීපව්‍යාප්තව සිදුකරන ප්‍රජා සත්කාර මාලාවක එක් අදියරක් වූ මෙය මෙහෙයවන ලද්දේ කටුනායක බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් කර්මාන්තශාලාව මගිනි.

මෙම සත්කාරය අගයමින් අදහස් දැක්වූ ජාතික රුධිර පාරවිලයන සේවාවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා, මෙය ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සිදුකළ අතිශය වැදගත් හා කාලෝචිත මෙහෙවරක් බව පෙන්වා දුන්නේය. මේ වනවිට ජාතික රුධිර පාරවිලයන සේවාවට වැඩිම රුධිරය ප්‍රමාණයක් පරිත්‍යාග කරන සමාගම වන්නේද බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයයි.

මීට පෙර මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ලේ බැංකුවේ කටයුතු එම රෝහල් පරිශ්‍රයේ ස්ථාන කිහිපයක සිදුකෙරුණු අතර, මෙම ව්‍යාපෘතිය යටතේ එම සියලු කටයුතු එකම ස්ථානයක සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට හැකි විය. මෙය රෝහලේ කාර්ය මණ්ඩලයට සහ රෝගීන්ට මෙන්ම රුධිරය පරිත්‍යාග කිරීමට පැමිණෙන්නන්ටද ඉමහත් පහසුවක් වනු ඇත.

]]>
https://divaina.lk/%e0%b6%b6%e0%b7%8a%e0%b6%bb%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%96%e0%b7%84%e0%b6%ba-%e0%b6%b8%e0%b7%93%e0%b6%9c%e0%b6%b8/feed/ 0