Broadcasting Authority Act – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Mon, 05 Jun 2023 18:41:58 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Broadcasting Authority Act – Divaina https://divaina.lk 32 32 විකාශන අධිකාරි පනත: එරෙහිව මැති සබයේත් උසාවියේත් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා https://divaina.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%81%e0%b6%b1-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%92-%e0%b6%b4%e0%b6%b1%e0%b6%ad-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92/ https://divaina.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%81%e0%b6%b1-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%92-%e0%b6%b4%e0%b6%b1%e0%b6%ad-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92/#respond Mon, 05 Jun 2023 23:46:00 +0000 https://divaina.lk/?p=149318 විපක්ෂයේ විධායක සභාව තීරණය කළ බව සජිත් කියයි

රජය විසින් ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනතට විරුද්ධ වීමට සහ එය පරාජය කිරීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අධිකරණයේත් උපරිම ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කළ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (5දා) පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ සිව්වැනි කුලුන වන්නේ නිදහස් මාධ්‍ය බවත් ව්‍යවස්ථාදායක, විධායකය සහ අධිකරණය සංවරණ සහ තුළණ මඟින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ශක්තිමත් කරද්දි සිව්වැනි සංවරණ සහ තුලනය ලෙස නිදහස් මාධ්‍ය ලෝකයම පිළිගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් රජය මෙවැනි විකාශන අධිකාරී පනත් හරහා නිදහස් මාධ්‍ය විනාශ කිරීමට සූදානම් බවත් මෙවැනිම ආකාරයේ පනතක් 1997 එවක රජය ඉදිරිපත් කළ මොහොතේ 1997 මැයි මස 5 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ. ආර්. බී. අමරසිංහ විනිසුරුවරයා එම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව කියා සිටි බවත් හෙතෙම පැවසීය. වර්තමානයේ ඉදිරිපත් වී ඇති මේ පනතත් එදා මෙන්ම සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවට පටහැනි, දරදඬු, ප්‍රජාතන්ත්‍රවාදය කෙළසන, ජනතා නිදහස අවලංගු කරන පනතක් බවත් මේ අවස්ථාවේ සියලුම මාධ්‍ය එකට එකතු වී මේ පනත පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා කීය.

විධායකය විවිධ භෝජන සංග්‍රහ පවත්වා විනිසුරුවන් දැඩි අපහසුතාවට පත් කර ඇති බවත් වැදගත් අධිකරණ ක්‍රියාදායමක් ක්‍රියාත්මක මේ මොහොතේ එවැනි භෝජන සංග්‍රහ පැවැත්වීම අමනෝඥ ක්‍රියාවක් බවත් එබැවින් ස්වාධීන අධිකරණයට සහ අපක්ෂපාතී විනිසුරුවන්ට මෙවැනි බලපෑම් සිදු නොකරන ලෙස සහ ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වෙන ක්‍රියා සිදු නොකරන ලෙස හෙතෙම ඉල්ලා සිටියේය.

අප රට තුළ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේවලට මෙන්ම ඒකාධිපතීත්වයට ආඥාදායකත්වයට කිසිදු තැනක් නොමැති බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්නට කළ හැකි සියලු ම දේ කරන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
අකිත පෙරේරා

]]>
https://divaina.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%81%e0%b6%b1-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%92-%e0%b6%b4%e0%b6%b1%e0%b6%ad-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92/feed/ 0