Car Accidents – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sun, 16 Apr 2023 17:00:55 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Car Accidents – Divaina https://divaina.lk 32 32 අලුත් අවුරුදු දින තුනේ මරණ 17 ක් : 573 ක් රෝහලේ https://divaina.lk/%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%94-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%9a-%e0%b6%b8%e0%b6%bb/ https://divaina.lk/%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%94-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%9a-%e0%b6%b8%e0%b6%bb/#respond Sun, 16 Apr 2023 23:55:00 +0000 https://divaina.lk/?p=139533 අලුත් අවුරුද්දේ දින 03 ක් තුළ (13, 14, 15) දිවයින පුරා සිදුවූ මනුෂ්‍ය ඝාතන, රිය අනතුරු හා දියේ ගිලීම් හේතුවෙන් මරණ 17 ක් සිදු වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. මේ දින තුන ඇතුළත, කොළඹ, කළුබෝවිල, හොරණ රෝහල් තුනට විවිධ අනතුරුවලට ලක්වූවන් 573 ක් ඇතුළත් කර ඇත.

මනුෂ්‍ය ඝාතන 07 ක්, දියේ ගිලීම් 04 ක් සහ රිය අනතුරුවලින් 06 ක් මියගොස් ඇති බවට වාර්තා වී ඇත.

මනුෂ්‍ය ඝාතන අතර ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදීම නිසා 26 හැවිරිදි කාන්තාවක මියයෑම, බදුල්ල කහටරුප්ප ප්‍රදේශයේ බීමත් පියකු විසින් සිය මවට පහරදීමට යෑමේදී පුතා විසින් පහරදීම නිසා 57 හැවිරිදි පියා මියයෑම, එරාවුර් ප්‍රදේශයේ පවුල් ආරවුලක් නිසා සැමියා විසින් 62 හැවිරිදි බිරිඳ තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීම, ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පැවති අවුරුදු ඩී.ජේ. සංදර්ශනයකදී වෙඩි තැබීමකින් 18 හැවිරිදි සහ 36 හැවිරිදි දෙදෙනකු මියයෑම, අහුන්ගල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 42 හැවිරිදි පුද්ගලයකු මියයෑම සහ සීදුව රාජපක්‍ෂපුර වෙඩි තැබීමකින් 45 හැවිරිදි පුද්ගලයකු මියයෑම වාර්තා වී ඇත.

කොබෙයිගනේ මොරගහවැව ප්‍රදේශයේ ළමුන් කිහිපදෙනකු දැදුරු ඔයේ දිය නාමින් සිටිදී 16 හැවිරිදි සිසුවකු දියේ ගිලී මියයෑම, රත්තොට කවුඩාගම්මන ඔයේ දිය නෑමට ගිය 29 හැවිරිදි පළාපත්වල ප්‍රදේශයේ පුද්ගලයකු මියයෑම, යටියන්තොට ප්‍රදේශයේදී කැලණි ගඟට ඇදවැටීමෙන් 42 හැවිරිදි පුද්ගලයකු මියයෑම වාර්තා වී ඇත.

බිබිල පොලිස් වසමේදී යතුරුපැදියක් පාපැදියක ගැටී සිදු වූ අනතුරකින් 59 හැවිරිදි යතුරුපැදිකරු මියයෑම, සාලියවැව පොලිස් වසමේ යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව සිදු වු අනතුරකින් 33 හැවිරිදි පුද්ගලයකු මියයෑම, දොරටියාව කුරුණෑගල – මහනුවර මාර්ගයේ යතුරුපැදියක් මෝටර් රථයක ගැටීමෙන් සිදු වු අනතුරකින් 56 හැවිරිදි යතුරුපැදිකරු මියයෑම, පොලොන්නරුව ඕනෑගම ප්‍රදේශයේ අත්ට්‍රැක්ටරයක කන්ටේනර් රථයක් ගැටීමෙන් 09 දෙනකු තුවාල ලබා ඉන් 46 සහ 47 වැනි වියේ පසුවන එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු මියයෑම, බුලත්සිංහල හොරණ මාර්ගයේ යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව සිදු වු අනතුරකින් 22 හැවිරිදි ඉංගිරියේ පදිංචි තරුණයකු මියයෑම, කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව සිදු වූ අනතුරකින් 34 හැවිරිදි පුද්ගලයකු මියයෑම වාර්තා වී තිබේ. මෙම සිද්ධීන්වලට අදාළව සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

විවිධ අනතුරු හේතුවෙන් කොළඹ ජාතික රෝහලට 34 ක්, කළුබෝවිල රෝහලට 148 ක්, හොරණ රෝහලට 82 ක් ඇතුළත් කර තිබූ අතර ඉන් 165 දෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව එම රෝහල් ප්‍රකාශකයෝ පැවසූහ. රෝහල්ගත කළ පිරිස අතර මාර්ග අනතුරුවලට ලක්වූවන්, නිවසේදී අනතුරුවලට ලක්වූවන්, කලකෝලාහල හේතුවෙන් රෝහල්ගතවූවන්, වැටීම් හේතුවෙන් රෝහල්ගතවූවන් වෙති.

මීට අමතරව ගිනිකෙළිවලට ලක්වූවන් දෙදෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි අතර කළුබෝවිල සහ හොරණ රෝහල්වලට ගිනිකෙළි හේතුවෙන් කිසිවකු ඇතුළත් කර නොමැති බව වාර්තා වේ.

චමින්ද සිල්වා, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, අඟුරුවාතොට – මංගල ප්‍රසන්න

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%94-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%9a-%e0%b6%b8%e0%b6%bb/feed/ 0
රිය අනතුරුවලින් වසර 06ක් තුළ 17,040ක් මරුට https://divaina.lk/%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%85%e0%b6%b1%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%83%e0%b6%bb-06%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ad%e0%b7%94/ https://divaina.lk/%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%85%e0%b6%b1%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%83%e0%b6%bb-06%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ad%e0%b7%94/#respond Fri, 06 Jan 2023 23:38:00 +0000 https://divaina.lk/?p=120756 දකුණු ආසියාවේ වැඩිම අනතුරු සිදුවන රට ශ්‍රී ලංකාවයි කොරෝනා මරණ සංඛ්‍යාව පරදවයි
– ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධානී වෛද්‍ය ෂමින්ද්‍ර ගමගේ

කොරෝනාවලින් මියගිය පිරිසට වඩා රිය අනතුරුවලින් මරුමුවට පත්වන සංඛ්‍යාව වැඩිවී ඇති බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධානී වෛද්‍ය ෂමින්ද්‍ර ගමගේ මහතා අනාවරණය කර ඇත. මෙහි දැක්වෙන්නේ එම සංඛ්‍යා ලේඛනයි.

2016 දී රිය අනතුරුවලින් 3020 ක් මියගියා. 8932 ක් බරපතළ තුවාල ලැබුවා. එම වසරේදී 32,200 අනතුරු සිදුවිය. 2017 දී මාරක රිය අනතුරු 2965 ක්ද, බරපතළ අනතුරු 8666 ක්ද සිදුවුණි. මියගිය සංඛ්‍යාව 3154 කි. 2018 දී මාරක අනතුරු 2994 ක්ද, බරපතළ අනතුරු 8795 ක්ද සිදුවුණි. මරුමුවට පත්වූ සංඛ්‍යාව 3151 කි.

රිය අනතුරුවලින් වසර 06ක් තුළ 17,040ක් මරුට
වෛද්‍ය ෂමින්ද්‍ර ගමගේ

2019 දී මාරක අනතුරු 2645 ක්ද, බරපතළ අනතුරු 7718 ක්ද සිදුවූ අතර මියගිය සංඛ්‍යාව 2839 ක් විය. 2020 දී මාරක අනතුරු 2242 ක්ද, බරපතළ අනතුරු 6950 ක්ද සිදු වූවත් මියගිය පිරිස 2368 දක්වා අඩුවිය.

2021 වසරේදී මාරක අනතුරු 2414 ක්ද බරපතළ අනතුරු 6401ක් සිදුවූ අතර ඉන් 2513 ක් ජීවිතක්‍ෂයට පත්විය. මෙලෙස රිය අනතුරු සිදුවීම අඩුවීමට හේතු වූයේ කොරෝනා පැතිරීම නිසා සහ පෙට්‍රල් සහ ඩීසල් ලබාගැනීම දුෂ්කරවීම නිසා බව වෛi ගමගේ දිවයින සමග විශේෂ සාකච්ඡාවකදී හෙළි කළේය. එහෙත් පසුගිය වසර හය තුළ රිය අනතුරුවලින් මරුමුවට පත් සංඛ්‍යාව 17,040කි.

2016 සිට 2021 තෙක් මාරක අනතුරු 16,098 ක් සිදුවී ඇත. එම කාලය තුළ සිදුවී ඇති සියලු අනතුරු සංඛ්‍යාව 162,620 කි. රිය අනතුරු වැඩිපුරම සිදුවී ඇත්තේ 2016 දීය. එය 39,200 කි.

රිය අනතුරු ගැන බලධාරීන් අවධානය යොමුකළ යුතුයි. වසර 06 ක් තුළ රිය අනතුරු නිසා මියගිය පිරිස 17,040 ක් යැයි හෙතෙම පළ කළේය. මෙතෙක් රිය අනතුරු නිසා මරුමුවට පත්වූ සංඛ්‍යාව හෙළි නොවුණි. මෙම රිය අනතුරුවලින් අංක 01 ට මියගොස් ඇත්තේ යතුරුපැදිකරුවන්ය. එසේම ලොරි, ත්‍රිරෝද රථ, ටිපර්, පුද්ගලික බස් රථ හා ලංගම බස් රථද අනතුරුවලට ලක්වී ඇත.

ගතවූ කාලය තුළ 2293 ක් මරුමුවට පත්වී තිබේ. වෛද්‍ය ගමගේ තවදුරටත් දක්වන්නේ රිය අනතුරු අවම කිරීම සඳහා නව නීතිරීති අවශ්‍ය බවයි. වාහනය පදවන්නාගේ අනන්‍යතාවය සනාථ කළ යුතු බවත් හෙතෙම කීවේය. එහෙත් වෛද්‍ය ගමගේ පැවසුවේ රජය මෙතෙක් එම නීතිය ක්‍රියාත්මක කර නැති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයද රිය අනතුරු අඩු කිරීම සඳහා කරුණු පහක් නිර්දේශ කර ඇතත් මෙතෙක් එම නිර්දේශ ක්‍රියාත්මක කර නැත. ඊට හේතුව නම් දේශපාලන හා මූල්‍ය ප්‍රශ්නයි.

මේ අතර දකුණු ආසියාවේ රිය අනතුරුවලින් සිදුවන මරණ ගැන විමර්ෂණය කරන විට වැඩිම අනතුරු සිදුවී ඇත්තේ මෙරටය. එය අනිකුත් රටවල් හා සසඳන කල පස් ගුණයකින් වැඩිවීමකි. රිය අනතුරුවලට ලක් වූවන්ගේ වයස් සීමාවද 15 සහ 64 අතර වේ.

මේ පසුබිම මත මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය කරන රියැදුරන් අසුකරගැනීම සඳහා ජංගම රසායනාගාරයක් යෙදවීමේ යෝජනාවක් ඉදිරිපත් වුවද එයද ක්‍රියාත්මක වී නැත.

වාහන අනතුරු සිදුකර පලායන පිරිස්ද වේ. ලෝක බැංකුව යෝජනා කරන රියැදුරුගේ අනන්‍යතාවය සටහන් කිරීම තුළින් ඔහු අසුවේ. එහෙත් අපේ රටේ සිදුවන්නේ කුමක්ද? දේශපාලකයන් රිය අනතුරු සිදුකර වෙනත් රියැදුරන්ව යෙදවීමයි.

මේ තත්ත්වය මත එම අනන්‍යතාවය නීතිය ක්‍රියාත්මක කළ හැකිද?

2014 දී සුනාමිය නිසා මියගිය සංඛ්‍යාව 230,000ක් විය. එහෙත් රිය අනතුරු නිසා ලොව 1,200,000 ක් මියගොස් තිබේ. මෙරට පොලිස් නිලධාරීන් 45 ක්ද රිය අනතුරුවලින් මියගොස් ඇත. වැරදිකරන රියැදුරන්ගේ ලකුණු අඩු කිරීමේ යෝජනාවක්ද දැන් ඉදිරිපත්වී ඇතත් එය ක්‍රියාත්මක කළ හැකිද?

ශ්‍රී ලංකාව තුළ ත්‍රීවිල් සහ යතුරුපැදි විශාල සංඛ්‍යාවක් ඇත. එසේම වැලි ටිපර් සහ පුද්ගලික බස් රථවල අධික වේගයද මහමග ගමන්කරන පදිකයන්ට සහ වාහනවලට අනතුරුදායක තත්ත්වයක් උදාකරයි. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධානියා වූ වෛද්‍ය ෂමින්ද්‍ර ගමගේ පසුගිය දා රිය අනතුරු ගැන විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කළේය. එම වාර්තාවෙන් වසරකට මියයන සංඛ්‍යාව ඔහු හෙළි කළේය. මෙලෙස රිය අනතුරු බහුල වීමට හේතුව නම් මාර්ගවල සිදුවන රියැදුරන්ගේ නොසැලකිලිමත් කමයි. එසේම මාර්ග නිසිලෙස නඩත්තු නොකිරීමද බරපතළ ප්‍රශ්නයකි. මේ හැර වාහන සංඛ්‍යාවද බරපතළ ලෙස වැඩිවී ඇත. ත්‍රිරෝද රථ රියැදුරන්ගේත් සහ යතුරුපැදිකරුවන්ගේත්, පුද්ගලික බස් රථ රියැදුරන්ගේත් අධික වේගයද මහමග යන ජනතාව ඝාතනයට ලක්වීමකි.

කීර්ති වර්ණකුලසූරිය

]]>
https://divaina.lk/%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%85%e0%b6%b1%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%83%e0%b6%bb-06%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ad%e0%b7%94/feed/ 0
රියදුරුගෙන් ගිලිහුණු කන්ටේනරය වාහන 2ක් යට කරගෙන පාලමෙන් පහළට පෙරළිලා https://divaina.lk/%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b7%84%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b7%84%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a/#respond Mon, 13 Sep 2021 23:30:00 +0000 https://divaina.lk/?p=19678 රත්නපුර කැටන්දොල ප‍්‍රදේශයේදී කන්ටේනර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් කැටන්දොල පාලමෙන් පහළට පෙරළී ඇති අතර කන්ටේනර් රථය ගැටීමෙන් මෝටර් රථයක් සහ යතුරු පැදියක්ද අනතුරට ලක්විය.

මෝටර් රථ රියදුරු සහ යතුරුපැදිකරු ද අනතුරට ලක්වූ අතර ඔවුන් දෙදෙනා සහ කන්ටේනර් රථයේ රියදුරු රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ උදෑසන අටට පමණ කොළඹ බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ රත්නපුර නගරය ආසන්නයේ කැටන්දොලදී මෙම අනතුර සිදුවී ඇතැයි රත්නපුර පොලිසිය පවසයි. මෝටර් රථයට සහ යතුරු පැදියටද හානි සිදු වී ඇත.

රියදුරුගෙන් ගිලිහුණු කන්ටේනරය වාහන 2ක්  යට කරගෙන පාලමෙන් පහළට පෙරළිලා

රත්නපුර දෙස සිට පැල්මඩුල්ල දෙසට ධාවනය කළ කන්ටේනර් රථය පාලනය කර ගැනීමට නොහැකිව කැටන්දොල පාලමෙන් පහළට පෙරළී ගොස් තිබේ. අඩි විස්සක පමණ ප‍්‍රපාතයකට කන්ටේනර් රථය පෙරළී ගොස් තිබුණි. රත්නපුර නගරයට නුදුරු මෙම ස්ථානය වසර ගණනක සිට මාර්ග ප‍්‍රතිසංස්කරණය කරමින් තිබූ ස්ථානයකි. තුවාල ලද තිදෙනාගේ තත්ත්වය බරපතළ නොවෙන බව පොලිසිය පවසයි.

කහවත්ත සමරවීර නිරෝෂණ, රත්නපුර අසිත ඉන්දික වීරවර්ධන
 

]]>
https://divaina.lk/%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b7%84%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a/feed/ 0